ගීතාවලිය 104:9 - Sinhala New Revised Version ජලයෙන් පොළොව යළිත් වැසී නොයන පිණිස ඉක්මවා ගිය නොහැකි සීමාවක් ඔබ එයට නියම කළ සේක. Sinhala New Revised Version 2018 ජලයෙන් පොළොව යළිත් වැසී නොයන පිණිස ඉක්මවා ගිය නොහැකි සීමාවක් ඔබ එයට නියම කළ සේක. Sinhala Revised Old Version ජලය ගලා නොයන පිණිසත්, පොළොව වසාගන්ට නැවත හැරී නොඑන පිණිසත්, ඔබ සීමාවක් තැබූසේක. |
“නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහි වේ. ඒ කාලයේ ඇති වූවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත්, නුඹට තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි.
ස්වාමීන් වන මම මෙසේ අසමි: නුඹලා මට බිය වන්නේ නැද් ද? මා ඉදිරියේ වෙවුළන්නේ නැද් ද? මුහුදේ මායිමක් වශයෙන් මම වෙරළ තැබුවෙමි. එය වනාහි පසු කර නොයා හැකි ස්ථිර මායිමකි. රැළ ගසන නමුත්, ඒ මායිම ඉක්මවා යන්නට එයට නොහැකි ය. රැළ ඝෝෂා කරන නමුත්, එය පසු කර යන්නට එයට බැරි ය.