ගීතාවලිය 102:12 - Sinhala New Revised Version එහෙත් සමිඳුනි, ඔබ සදහට සිහසුන් අරා වැඩ සිටින සේක; හැම පරපුරක් ම ඔබ සිහි කරනු ඇත. Sinhala New Revised Version 2018 එහෙත් සමිඳුනි, ඔබ සදහට සිහසුන් අරා වැඩ සිටින සේක; හැම පරපුරක් ම ඔබ සිහි කරනු ඇත. Sinhala Revised Old Version එහෙත් ස්වාමිනි, ඔබ සදාකල් වැඩ ඉන්නසේක; ඔබ සිහිවීමද සියලු පරම්පරාවලට වන්නේය. |
සමිඳුනි, ඔබේ නාමය සදාකල් පවත්නේ ය. සමිඳුනි, ඔබේ මහිමය සියලු පරම්පරාවන්ට පැතිර යන්නේ ය.
තවදුරටත් උන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ වදාළ සේක: “ ‘ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි කිව යුතු ය; සදහට ම මෙය මාගේ නාමය වේ; මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති.”
ඉශ්රායෙල් රජු ද එහි මිදුම්කාරයාණන් ද වන සව් බලැති සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම ආරම්භයත්, අවසානයත් වන්නෙමි; මා හැර අන් දෙවි කෙනෙක් නැත.
එපා කරන ලද, ද්වේෂයට භාජනය වූ, පාළු වූ, නුවරක් වූ නමුත්, මම නුඹ උතුම්, අලංකාර, සදහට ම ප්‍රීතිය ඇති ස්ථානයක් කරන්නෙමි.
සදාතන දෙවිඳාණෝ ඔබේ සරණය වේ! එතුමන් සදාතන බාහු බලය ඔබ ආධාරය වේ. එතුමාණෝ ඔබ ඉදිරියෙන් සතුරන් පලවා හරින සේක. ‘ඔව්හු වැනසෙත් වා!’යි අණ දෙන සේක.