Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 3:15 - Sinhala New Revised Version

15 තවදුරටත් උන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ වදාළ සේක: “ ‘ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි කිව යුතු ය; සදහට ම මෙය මාගේ නාමය වේ; මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 තවදුරටත් උන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ වදාළ සේක: “ ‘ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි කිව යුතු ය; සදහට ම මෙය මාගේ නාමය වේ; මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 තව දුරටත් දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා වෙතට මා එවූසේකැයි ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. මෙය සදාකල්හිම මාගේ නාමයය, මෙය සියලු පරම්පරාවන්ට මාගේ සංඥා නාමයය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 3:15
41 හුවමාරු යොමු  

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයෙත් අදත් සදහටමත් ඒකාකාර ම ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම සමිඳාණන් වහන්සේ ය; මාගේ වෙනස් වීමක් නැත. ජාකොබ්ගේ පරම්පරාවෙන් පැවත එන නුඹලා තවමත් සම්පූර්ණයෙන් විනාශ වී නැත්තේ ඒ නිසා ය.


මම වනාහි සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේගේ නාමය සමිඳාණන් වහන්සේ ය.


ඒ ඒ ජාතීන් තම තමන්ගේ දෙවියන් අදහා නමස්කාර කරන නමුදු, අපි සදහට ම අපේ දෙවි සමිඳාණන් වහන්සේ අදහා නමස්කාර කරමු.


තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද මම ය”යි වදාළ සේක. මෝසෙස් ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේ ය.


අපට ළදරුවෙක් උපන්නේ ය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය; එතුමාණෝ අපේ රජු වන සේක. ‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය; ප්‍රතාපවත් දෙව් තුමාණෝ ය; සදාතන පියාණෝ ය; සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.


එහෙත් සමිඳුනි, ඔබ සදහට සිහසුන් අරා වැඩ සිටින සේක; හැම පරපුරක් ම ඔබ සිහි කරනු ඇත.


සමිඳුනි, ඔබේ නාමය සදාකල් පවත්නේ ය. සමිඳුනි, ඔබේ මහිමය සියලු පරම්පරාවන්ට පැතිර යන්නේ ය.


‘ඔබේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ මම වෙමි’යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ ඇසුණේ ය. මෝසෙස් වෙව්ලන්නට වී, වැඩිදුර පරීක්ෂා කරන්නට බිය විය.


ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම තවත් දහස් ගුණයකින් වැඩි වෙන්නට සලසා, උන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන සේක.


උන් වහන්සේ ද, “ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ නුඹට දර්ශනය වූ බව ඔවුන් විශ්වාස කරන පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.


සදාකාල කීර්තිය තමන්ට ලබාගන්න පිණිස ස්වකීය බලය මෙහෙයවා මෝසෙස් ලවා බලවත් දේ කළ,


එතුමන්ගේ ශ්‍රී නාමයට සදා පැසසුම් වේ වා! එතුමන්ගේ මහිමය ලොව පුරා පැතිරේ වා! එසේ ම වේ වා! එසේ ම වේ වා!


එතුමාගේ නාමය සදහට ම පවතී වා! ඉර හඳ පවතින තෙක් එතුමාට කීර්තිය අත් වේ වා! එතුමා අතින් සව් සත ආසිරි ලබත් වා! සියලු ජාතීහු එතුමාට සව්සිරි පතත් වා!


එහෙත්, එහි සිටි ඕදෙද් නමැති සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙක් සමාරියට ආ සේනාව සම්මුඛ වන්න පිටත් ව ගොස් ඔවුන්ට කතා කොට, “ඔබ සැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ජුදා කෙරෙහි උදහස් වූ නිසා උන් වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දුන් සේක. ඔබ අහසට නැඟෙන තරම් මහා කෝපයකින් ඔවුන් මැරුවහු ය.


‘ මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය; ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය.”


මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: “ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න.


‘මා ඔවුන්ගේ පියවරුන්ට දෙන්නට දිවුරා පොරොන්දු වූ ඒ සාරවත් රටට මේ දුෂ්ට පෙළපතට අයිති කිසි ම කෙනෙක් ඇතුළු නොවන්නෝ ය.


ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි වූ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් සේවකයා වූ ජේසුස් වහන්සේ මහිමයට පැමිණ වූ සේක. එහෙත් ඔබ උන් වහන්සේ නඩු ශාලාවට පැමිණෙව්වහු ය. තවද පිලාත් උන් වහන්සේ නිදහස් කරන්නට තීරණය කරගෙන සිටි විට ඔහු ඉදිරියේ ම ඔබ උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහු ය.


එහෙත් ඔව්හු දැන් වඩා උතුම් රටක්, එනම් ස්වර්ගීය රටක් දෙස සිත් යොමු කරති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ දෙවිඳාණෝ යයි කියනු ලබනවාට උන් වහන්සේ ලජ්ජා නොවන්නේ උන් වහන්සේ ඔවුන්ට නුවරක් පිළියෙළ කර තිබෙන නිසා ය.


පසුව ඔහු කතා කොට, “මාගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, මට කරුණාකර, මෙදින මාගේ ගමන සාර්ථක කර මාගේ ස්වාමියාට කරුණාව දක්වන සේක්වා.


එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, “එසේ නම් මා, ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස්, ‘නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූ සේකැ’යි කී විට, ඔවුන් ද, ‘උන් වහන්සේගේ නම කුමක් දැ’යි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කියම් දැ”යි ඇසී ය.


එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “හොඳයි, ඔව්හු මා විශ්වාස නොකොට, මාගේ හඬට සවන් නො දී, සමිඳාණන් වහන්සේ ඔබට දර්ශනය නො වූ සේකැ’යි කීවොත් කුමක් කරන්න දැ”යි ඇසී ය.


දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “මම සමිඳාණන් වහන්සේ ය.


සමිඳාණෝ, මා සවිය හා ගීතය වෙති; එතුමාණෝ මා විමුක්තිය වෙති; මාගේ දෙවිඳාණෝ ය. මා දෙවිතුමන් මම පසසමි. මා පියාගේ දෙවිඳුන් මහිමයට පමුණුවමි.


සමිඳාණෝ, රණ ශූර ය, එතුමන්ගේ නම හිමිසඳ වේ.


ඒ තැනැත්තාගේ මවගේ නම ෂෙලොමිත් ය. ඈ දාන්ගේ ගෝත්‍රයේ දිබ්රීගේ දුව වූවා ය. ඒ තැනැත්තා ද දබර කරන විට දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කොට සාප කෙළෙන්, සෙනඟ මෝසෙස් වෙත ඔහු ගෙනාවෝ ය.


පින්වතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න; ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න.


සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි; දැහැමියෝ එහි දුව ගොස් සුරැකෙති.


අපි ඔබ කැමැත්ත අනුව යමු; අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි ය. අපේ මුළු ආසාව ඔබේ නම පැසසුම ය.


මම සමිඳාණෝ ය; එය යි මාගේ නාමය. මාගේ තෙද මහිමය අන් දෙවි කෙනෙකුට වත්, මාගේ ප්‍රශංසාව කිසි පිළිමයකට වත් මම නොදෙමි.


පොළොව මවා, එය පිහිටුවන පිණිස එය සකස් කළ ස්වාමීන් යන නාමය ඇති තැනැන් වහන්සේ ජෙරමියාට කතා කොට මෙසේ වදාළ සේක:


මාගේ පියවරුන්ගේ දෙවිඳුනි, මා හට ඥාන ශක්තිය දුන් බැවින් ද අපේ යැදුමට සවන් දී රජුගේ පැනය ඔබ අපට පහදා දුන් බැවින් ද ඔබට මම තුති පැසසුම් කරමි.”


ඒ ගිවිසුම එතුමාණෝ ආබ්‍රහම් සමඟ කළ සේක; ඊසාක්ට ද දිවුරුම් දුන් සේක.


අපේ පියවරුන් වූ ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස, මේ අදහස් හා කල්පනා ඔබේ සෙනඟගේ සිත්වල සදහට ම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙත ම නමාගත මැනව.


මන්ද, එතුමන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය. එතුමන්ගේ කරුණාව දිවි ඇති තාක් ය. රැයේ හැඬීම පවතියි; උදය ප්‍රීතිය උදා වෙයි.


එතුමාණෝ, අනාථයන්ගේ පියාණෝ ද වැන්දඹුවන්ගේ ආරක්ෂකයාණෝ ද වන සේක. සිය ශුද්ධ නිවාසයෙහි වසන එතුමාණෝ දෙවිඳාණෝ ය.


ඔබ පිබිද සියොන්ට කරුණා කරන සේක. ඊට අනුකම්පා කළ යුතු කාලය දැන් ය; නියම කාලය පැමිණ තිබේ.


එබැවින් නුඹලා දෙවියන් වහන්සේ වෙත හැරී, ප්‍රේමයෙන්, යුක්තිගරුක ව උන් වහන්සේ කෙරෙහි නිරන්තර බලාපොරොත්තුවෙන්‍ සිටින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්