ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 10:16 - Sinhala New Revised Version

සදහට ම සමිඳාණෝ රජිඳාණෝ ය, එතුමන්ගේ විජිතයෙන් විජාතීන් වැනසෙනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සදහට ම සමිඳාණෝ රජිඳාණෝ ය, එතුමාණන්ගේ විජිතයෙන් විජාතීන් වැනසෙනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ සදාකාලයටම රජ්ජුරුවෝය. ජාතීහු උන්වහන්සේගේ දේශයෙන් විනාශවූවෝය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 10:16
20 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්ස, ශ්‍රේෂ්ඨත්වය ද බලපරාක්‍රමය ද තේජස ද වික්‍රමය ද මහිමය ද අයත් ඔබට ය. මන්ද, ස්වර්ගයෙහිත්, පොළොවෙහිත් ඇති සියල්ල ඔබේ ය. සමිඳාණන් වහන්ස, රාජ්‍යයත් ඔබට අයිති ය. ඔබ සියල්ල කෙරෙහි විශිෂ්ට ලෙස උසස් ව සිටින සේක.


ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක.


සමිඳාණෝ සදහට ම රජකම් කරන සේක. එම්බා සියොන් නගරය! ඔබේ සමිඳාණෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!


සමිඳාණෝ ජල කඳ මත රාජ තේජසින් වැඩ හිඳින සේක; රාජ ලීලාවෙන් සදහට ම වැඩ හිඳින සේක.


එහි පෙර විසූ මිසදිටු ජාතීන් පන්නාදමා ඔවුන්ට ඒ රට උරුම කොට බෙදා දුන් සේක; ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්රායෙල් ගෝත්‍රයන් පදිංචි කරවූ සේක.


විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති.


ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක.


එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක; ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක.


සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සක්වළ පිහිටෙවු සේක.


සමිඳාණෝ, සදහට ම රජකම් කරන සේක.


ඒ නැව්වල ආම්පන්නවලින් වැඩක් නැත.


එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය; ජීවමාන දෙවි තුමාණෝ ය; සදාකාල රජ තුමාණෝ ය. එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි. එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි.


එහෙත් සමිඳුනි, ඔබ සදහට ම රජ ව සිටින සේක. ඔබේ සිහසුන පරපුරෙන් පරපුරට පවත්නේ ය.


අවුරුදු සත ගත වූ පසු, නෙබුකද්නෙශර් රජු වන මම මාගේ ඇස් ස්වර්ගය දෙස එසවීමි. මාගේ සිහිය මට නැවත ලැබුණේ ය. මම සදහට ම ජීවත් වන මහෝත්තමයාණන්ට ප්‍රශංසා කෙළෙමි; ගෞරව කෙළෙමි. මන්ද, එතුමාණන්ගේ පාලනය සදාතනික ය; එතුමාණන්ගේ රාජ්‍යය පරපුරෙන් පරපුරට පවත්නේ ය.


මාගේ අධිරාජ්‍යයේ සකල විජිතයන්හි සිටින සියලු දෙනා දානියෙල්ගේ දෙවියන් වහන්සේට ගරුබිය දක්වා නමස්කාර කළ යුතු යයි මම අණ කරමි. මන්ද, එතුමාණෝ ජීවමාන සදාතනික දෙවිඳාණෝ ය. එතුමාණන්ගේ රාජ්‍යය පහ නොවන්නේ ය; එතුමාණන්ගේ පාලනය ද අවසන් නොවන්නේ ය.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු නො වූ වොත්, සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් ඉදිරිපිට දී ම ජාතීන් විනාශ කළාක් මෙන්, ඔබ ද විනාශ කරන සේක.”


අමරණීය වූ, අදෘශ්‍යමාන වූ, සදාතන රජ වූ එක ම දෙවියන් වහන්සේට ගෞරවයත් මහිමයත් සදහට ම වේ වා! ආමෙන්.