එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අණ කළා වූ උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට දවන යාග පූජා පුදන පූජාසනය පිට නිතර ම උදය සවස දවන යාග පූජා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස ය.
ගණන් කථාව 28:3 - Sinhala New Revised Version “නුඹ ඔවුන්ට මෙය කිව යුතු ය: ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර නම්, අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකි. මෙය දිනපතා ම දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. Sinhala New Revised Version 2018 “නුඹ ඔවුන්ට මෙය කිව යුතු ය: ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර නම්, අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකි. මෙය දිනපතා ම දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. Sinhala Revised Old Version නුඹ ඔවුන්ට මෙසේ කියන්න–නුඹලා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නාවූ ගිනි පූජාව නම් නිරන්තර දවන පූජාවක් පිණිස දවස්පතාම කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවුන් දෙදෙනෙක්ය. |
එසේ කෙළේ, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අණ කළා වූ උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන සියල්ල ප්‍රකාරයට දවන යාග පූජා පුදන පූජාසනය පිට නිතර ම උදය සවස දවන යාග පූජා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස ය.
සබත් දවස්වල දී ද අමාවක්වල දී ද නියම මංගල්‍යවල දී ද අවුරුද්දට තුන් වතාවක් පවත්වන මුහුන් නැති රොටි මංගල්‍යයේ දී ද සති මංගල්‍යයේ දී ද කූඩාරම් මංගල්‍යයේ දී ද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුසු ලෙස ඔහු පූජා ඔප්පු කෙළේ ය.
ඒවාට අමතර ව ඔව්හු නිරන්තර දවන යාග පූජා ද අමාවක්වලත්, සමිඳාණන් වහන්සේගේ සියලු නියමිත ශුද්ධ මංගල්‍යවලත් පූජා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කරන සියල්ලන්ගේ ස්වේච්ඡා පූජා ද ඔප්පු කළහ.
ඔහු විසින් යවනු ලබන සේනාවන් පැමිණ බලකොටුව ද ශුද්ධස්ථානය ද කෙලෙසා දමා දෛනික පූජා නතර කොට බිහිසුණු දූෂිතය පිහිටුවන්නේ ය.
“දෛනික පූජා නතර කරනු ලැබ, බිහිසුණු දූෂිතය පිහිටුවනු ලබන කාලය පටන් එක්දාස් දෙසියඅනූ දවසක් ගත වන්නේ ය.
එය සේනාධිපතීන්ටත් විරුද්ධ ව බලය පා, උන් වහන්සේට පුදන දිනපතා පූජා යටපත්කර ඔහුගේ ශුද්ධස්ථානය බිඳදැම්මේ ය.
එවිට ශුද්ධස්ථානයෙන් සැදැහැවතෙක් කතා කොට, ‘මේ දර්ශනයෙන් පෙනුණු අන්දමට, පූජාවන් කොපමණ කල් යටපත් කරනු ඇද් ද? විනාශකාරී අපරාධ කොතෙක් කල් පවතී ද? ශුද්ධස්ථානය හා අහස් සේනාව පාගාදැමීම කොතෙක් කල් පවතී දැ’යි ඇසී ය.
ආරොන්ගේ පුත්‍රයන් ඒවා පූජාසනයේ ගින්න පිට ඇති දර උඩ තබා, දවන යාගය සමඟ දැවිය යුතු ය. ගින්නෙන් දවා පිදූ එම පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.
“ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ අණ කරන්න: දවන යාග පූජාව පිළිබඳ නීතිය මෙය වේ; දවන යාග පූජාව මුළු රාත්‍රියෙහි ම උදය දක්වා පූජාසනය මත ගින්න පිට දැවෙමින් තිබිය යුතු ය.
“බෙතෙල්හි සිද්ධස්ථානයට ගොස් පව් කරනු; ගිල්ගාලයට ගොස් මුළු වීරියෙන් පව් කරනු; උදයක් උදයක් පාසා පූජාකිරීමට සතුන් ගෙනෙනු; තෙදිනකට වරක් නුඹලාගේ දසයෙන් එකේ පූජා ගෙනෙනු.
නිරන්තර දවන යාග පූජාව සහ ඊට අදාළ පානීය පූජාවට අමතර ව, ඒ ඒ සබත් දින පුද කළ යුතු දවන යාග පූජාව මෙය වේ.”
මේ නිරන්තර දවන යාග පූජාව සහ පානීය පූජාවට අමතර ව, පාප පූජාවක් වශයෙන් එළුවෙකු ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.”
මෙලෙස දවස් හතක් තුළ හැම දා ම ඔප්පු කළ යුතු ය. ගින්නෙන් දවා පුදන මේ ධාන්‍ය පූජා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේට ප්‍රසන්න ය. නිරන්තර දවන යාග පූජාවට හා ඊට අදාළ පානීය පූජාවට අමතර ව එය ඔප්පු කළ යුතු ය.
නිරන්තර දවන යාග පූජාවට ද කැළැල් නැති සතුන් විය යුතු ය. පුදන ධාන්‍ය පූජාවට අමතර ව පානීය පූජාව ද ඉහත කී පූජා ද ඔප්පු කළ යුතු ය.
පාප පූජාවට එක එළුවෙකු පිදිය යුතු ය. මෙය පව් කමාවේ පාප පූජාවට ද නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට ද පානීය පූජාවට ද අමතර ව ය.”
නිරන්තර දවන යාග පූජාවට ද පානීය පූජාවට ද ධාන්‍ය පූජාවට ද අමතර ව, පාප පූජාව සඳහා එළුවෙකු ද පිදිය යුතු ය.
මේවා මේ පිළිවෙළට පිදිය යුත්තේ මාසික දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට ද දෛනික දවන යාග පූජාවට ද පානීය පූජාවට ද අමතර ව ය. මේවා ගින්නෙන් දවා පිදූ විට සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.
පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, “මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ!
මේ දේවල් මෙසේ පිළියෙළ කොට තිබිය දී, පූජකයෝ සිය පුදපූජා ඉටු කිරීමට පළමු වන මණ්ඩපයට ඇතුළු වෙති.
මරණයට පත් කරන ලද, බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතේ ලෝකාරම්භයේ සිට නාම නොලියන ලද මිහි පිට සියලු පොළෝ වාසීහු ඌට නමස්කාර කරන්නෝ ය.