සෙනඟ මෙරිබාහි දිය උල්පත ළඟදීත් එතුමාණන් කෝප කළහ. එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට දුක් කරදර ඇති විය.
ගණන් කථාව 20:2 - Sinhala New Revised Version ජනතාවට එහි ජලය නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී Sinhala New Revised Version 2018 ජනතාවට එහි ජලය නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී Sinhala Revised Old Version සභාවට වතුර නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ටද ආරොන්ටද විරුද්ධව රැස්වුණෝය. |
සෙනඟ මෙරිබාහි දිය උල්පත ළඟදීත් එතුමාණන් කෝප කළහ. එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට දුක් කරදර ඇති විය.
“ඉශ්රායෙල් ජනයාගේ මැසිවිලි මට ඇසිණි, නුඹ ඔවුන් අමතමින්, ‘සවස ඔබ මාංස කන්නහු ය. උදය ඔබට ඇති තරම් රොටි ලැබෙන්නේ ය. මෙසේ නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව නුඹලා දැනගන්නහු ය’යි කියන්නැ”යි පැවසූ සේක.
උදය කාලයේ දී ඔබ සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දකින්නහු ය. මන්ද, ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ ඇසූ සේක. ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොවේ, අපි එතරම් වැදගත් නොවෙමු”යි කී හ.
ඉශ්රායෙල් ජනයා, මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි කී හ. මුළු ජනතාව ම ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ අපි මැරී ගියෙමු නම් කොතරම් හොඳ ද! එසේ නැත් නම් පාළුකරයේ මිය ගියෙමු නම් කොතරම් හොඳ ද!
සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පමණක් කැරලි නොගසන්න. ඒ රට වාසීන්ට ද බිය නොවන්න. මන්ද, අපි ඔවුන් ගොදුරු කොට ගන්නෙමු. සමිඳාණන් වහන්සේ අප සමඟ වන බැවින් ඔවුන්ට අරක්ගත් දෙවිවරුන් ඔවුන්ගෙන් ඉවත ගොස් ඇත. ඔවුන්ට බිය නොවැන්නැ”යි කීවෝ ය.
ඔවුන්ට මූණ ලා සිටින පරිදි, කෝරා තම මුළු පිරිස සම්මුඛ මණ්ඩපයේ දොරකඩට එක්රැස් කොට ගත්තේ ය. එවිට මුළු ජනතාවට ම සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය.
ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වෙමින්, ඒ දෙදෙනාට කතා කොට, “ඔබ දෙදෙනාගේ මහන්තත්වය පමණට වැඩි යි. මුළු ජනතාවත්, එහි සෑම දෙනෙකුත් සමිඳාණන් වහන්සේට කැප වී නැද් ද? උන් වහන්සේ ඔවුන් මැදත් වැඩ සිටින්නේ නැද් ද? එසේ නම්, නුඹලා පමණක් සමිඳාණන් වහන්සේගේ ජනතාවට ඉහළින් මහලොකුකම් පාන්නේ මන්දැ”යි ඇසූ හ.
ජනතාව මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී සම්මුඛ මණ්ඩපය දෙස නෙත් යොමා බැලූ හ. පුදුමයකි, වලාකුළකින් එය වැසී තිබිණි. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ද දර්ශනය විය.
සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, “මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ.