Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:3 - Sinhala New Revised Version

3 ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වෙමින්, ඒ දෙදෙනාට කතා කොට, “ඔබ දෙදෙනාගේ මහන්තත්වය පමණට වැඩි යි. මුළු ජනතාවත්, එහි සෑම දෙනෙකුත් සමිඳාණන් වහන්සේට කැප වී නැද් ද? උන් වහන්සේ ඔවුන් මැදත් වැඩ සිටින්නේ නැද් ද? එසේ නම්, නුඹලා පමණක් සමිඳාණන් වහන්සේගේ ජනතාවට ඉහළින් මහලොකුකම් පාන්නේ මන්දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වෙමින්, ඒ දෙදෙනාට කතා කොට, “ඔබ දෙදෙනාගේ මහන්තත්වය පමණට වැඩි යි. මුළු ජනතාවත්, එහි සෑම දෙනෙකුත් සමිඳාණන් වහන්සේට කැප වී නැද් ද? උන් වහන්සේ ඔවුන් මැදත් වැඩ සිටින්නේ නැද් ද? එසේ නම්, නුඹලා පමණක් සමිඳාණන් වහන්සේගේ ජනතාවට ඉහළින් මහලොකුකම් පාන්නේ මන්දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව රැස්ව ඔවුන්ට කථාකොට: නුඹලාගේ ලොකුකම් ඉතා වැඩිය. මක්නිසාද මුළු සභාවේ සියල්ලන් ශුද්ධව සිටිද්දීත්, ස්වාමීන්වහන්සේද ඔවුන් අතරෙහි සිටිද්දීත්, නුඹලා ස්වාමීන්වහන්සේගේ සභාවට ඉහළින් ලොකුකම් ගන්නේ මක්නිසාදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:3
20 හුවමාරු යොමු  

කඳවුරේ දී, ඔව්හු මෝසෙස්ටත්, සමිඳුන්ගේ ශුද්ධ තැනැත්තා වූ ආරොන්ටත් ඊර්ෂ්‍යා කළෝ ය.


එරට වැසියන්ට ද එය කියනු ඇත. තවද, සමිඳාණන් වහන්සේ වන ඔබ මේ සෙනඟ මැද වැඩ වසන බවත්, ඔබ ඔවුන්ට මුහුණට මුහුණ ලා පෙනෙන බවත්, ඔබගේ ලකුණ වන වලාකුළ ඔවුන්ට ඉහළින් රඳා සිටින බවත්, ඔබ ඔවුන්ට පෙරටුව, දවල් කාලයේ දී වලා ටැඹක් මඟින් ද, රාත්‍රි කාලයේ දී ගිනි ටැඹක් මඟින් ද වැඩම කරන බවත් ඔවුන් අසා ඇත.


නුඹලා මට පූජක රාජ්‍යයක් ද කැප වූ ජාතියක් ද වන්නහු ය’ ”යි වදාළ සේක.


හෙට උදෑසන ඒවායේ ගිනි අඟුරු බහා, සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට සමිඳාණන් වහන්සේ තෝරාගත්, උන් වහන්සේට කැප වූ තැනැත්තා කවරෙක් ද කියා දැනගත හැක. ලෙවීගේ වංශයේ පුත්‍රයෙනි, ඔබ හැමගේ මහන්තත්වය පමණට වැඩි”යි කීවේ ය.


“හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.


“එහෙත් අපේ පියවරු ඔහුට කීකරු වන්නට අකමැති ව ඔහු නෙරපා දමා, ආපසු මිසරයට යන රිසියෙන්,


යුද්ධ රථ දසදහස් ගණන් සමඟ සමිඳාණෝ සීනයි කන්දෙන් ශුද්ධස්ථානයට වඩින සේක.


ඔවුන් තමන්ටත්, තම පුත්‍රයන්ටත් මේ විදේශීය කාන්තාවන් සරණ පාවාගෙන ඇත. මෙසේ ශුද්ධ ජාතිය විදේශිකයන් සමඟ මිශ්‍ර වී ඇත. එසේ ය, මේ ද්‍රෝ‍්හිකමට මූලික වූවෝ අධිපතීහු හා නිලධාරීහු ය’යි කීවෝ ය.


එබැවින් නුඹලා වාසය කරන රට නොකෙලෙසන්න. මම ද එහි වාසය කරමි. ඉශ්රායෙල් ජනයා අතර වාසය කරන මම සමිඳාණන් වහන්සේ වෙමි.’ “


එබැවින් ඔබත්, ඔබේ මුළු පිරිසත් පෙරමුණු බැඳ ඇත්තේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව බව දැනගන්න. ආරොන්ට විරුද්ධ ව මැසිවිලි කීමට තරම් ඔහු කවරෙක් දැ”යි ඇසී ය.


මා වාසය කරන කඳවුර නොකෙලසන පිණිස මෙවැන්නක් ඇති ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ම කඳවුරින් පිටතට දැමිය යුතු ය”යි වදාළ සේක.


පසු දින මුළු ඉශ්රායෙල් ජනතාව මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව මැසිවිලි දොඩමින්, “ඔබ දෙදෙන සමිඳාණන් වහන්සේගේ සෙනඟ මරාදැමුවහු ය”යි කී හ.


ජාකොබ් පෙළපතෙහි නපුරක් එතුමන්ට නොපෙනේ. ඉශ්රායෙල් පරපුරෙහි දූෂ්‍යකමක් එතුමාණෝ නුදුටු සේක. දෙවි සමිඳාණෝ ඔවුන් සමඟ ය. එතුමාණන් සිය රජු බව ඔව්හු පවසති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්