විපතේ දී ඔබ අඬගැසුවහු ය; මම ඔබ නිදහස් කෙළෙමි. මම අහස් ගිගුරුමේ සිට ඔබට පිළිතුරු දුන්නෙමි. මෙරිබා දිය උල්පත ළඟ දී මම ඔබ සෝදිසි කෙළෙමි.
ගණන් කථාව 20:13 - Sinhala New Revised Version ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දොස් තැබූ බැවිනුත්, ඒ වතුර මඟින් උන් වහන්සේ සිය ශුද්ධ බල මහිමය ඔවුන්ට ප්‍රකාශ කළ බැවිනුත්, ඒ වතුර “මෙරිබාහි වතුර ය”යි නම් කරනු ලැබී ය. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දොස් තැබූ බැවිනුත්, ඒ වතුර මඟින් උන් වහන්සේ සිය ශුද්ධ බල මහිමය ඔවුන්ට ප්‍රකාශ කළ බැවිනුත්, ඒ වතුර “මෙරිබාහි වතුර ය”යි නම් කරනු ලැබී ය. Sinhala Revised Old Version ඒ වනාහි මෙරිබා වතුරය; එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ සමඟ විවාදකළෝය, එහෙත් උන්වහන්සේ ඔවුන් අතරෙහි ගෞරවකරනු ලැබූසේක. |
විපතේ දී ඔබ අඬගැසුවහු ය; මම ඔබ නිදහස් කෙළෙමි. මම අහස් ගිගුරුමේ සිට ඔබට පිළිතුරු දුන්නෙමි. මෙරිබා දිය උල්පත ළඟ දී මම ඔබ සෝදිසි කෙළෙමි.
අහෝ මාගේ සෙනඟෙනි! මා ඔබට විරුද්ධ ව අනතුරු අඟවන විට මට සවන් දෙන්න; අහෝ ඉශ්රායෙල්වරුනි! ඔබ මට සවන් දෙන්නහු නම්, කොපමණ යහපත් ද?
“පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
ඉශ්රායෙල් ජනයා අවලාද කී නිසාත්, ‘සමිඳාණන් වහන්සේ අප අතර ඇද් ද? නැද් ද?’ කියමින් ඔවුන් උන් වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඒ ස්ථානයට ඔහු මස්සා සහ මෙරිබා කියා නම් කෙළේ ය.
එහෙත්, සව් බලැති සමිඳාණෝ යුක්තිය ඉටු කරමින් තමන්ගේ ශ්‍රේෂ්ඨකම ද විනිශ්චයයේ සාධාරණත්වයෙන් තමන්ගේ ශුද්ධවන්තකම ද එළිදරව් කරන සේක.
මා ජනයන් අතරෙන් නුඹලා පිටතට පමුණුවා, නුඹලා විසිරී සිටින දේශවලින් රැස් කළ කල්හි, මිහිරි සුවඳක් කොට නුඹලා පිළිගෙන, නුඹලා මඟින් විජාතීන් ඉදිරියෙහි මා ශුද්ධවන්ත බව පෙන්වන්නෙමි.”
ජාතීන් අතරෙහි කෙලෙසී ඇති නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙලෙසනු ලැබූ මාගේ උදාර නාමය විශුද්ධ කරන්නෙමි. මා විශුද්ධ බව නුඹලා කරණකොටගෙන විජාතීන්ගේ ඇස් හමුයෙහි ප්‍රකාශ වන කල මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇතැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
නුඹ, දේශය වසාගන්න වලාකුළක් මෙන් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට විරුද්ධ ව නැඟී එනු ඇත. එය මතු දවස්වල දී සිදු වන්නේ ය. එම්බා ගොග් රජ! මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන විජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ, මාගේ දේශයට විරුද්ධ ව පමුණුවන්නෙමි.’
මන්ද, ශීන් නම් පාළුකරයේ කාදෙෂ්හි මෙරිබා නම් උල්පත ළඟ දී ඉශ්රායෙල් ජනයා අතර නුඹලා මට විරුද්ධ ව පව් කොට, මට හිමි ගෞරවය නුදුන් නිසා ය.
ලෙවීගේ පෙළපත ගැන මෙසේ කී ය: “මස්සා, නම් ස්ථානයේ දී ඔබ පරීක්ෂා කළ, මෙරිබාහි උල්පත් ළඟ ඔබ සමඟ විවාද කළ සැදැහැවතුන්ට, ඌරිම් සහ තුම්මීම් දානය කළ මැනව.