Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 20:13 - Sinhala Revised Old Version

13 ඒ වනාහි මෙරිබා වතුරය; එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ සමඟ විවාදකළෝය, එහෙත් උන්වහන්සේ ඔවුන් අතරෙහි ගෞරවකරනු ලැබූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දොස් තැබූ බැවිනුත්, ඒ වතුර මඟින් උන් වහන්සේ සිය ශුද්ධ බල මහිමය ඔවුන්ට ප්‍රකාශ කළ බැවිනුත්, ඒ වතුර “මෙරිබාහි වතුර ය”යි නම් කරනු ලැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දොස් තැබූ බැවිනුත්, ඒ වතුර මඟින් උන් වහන්සේ සිය ශුද්ධ බල මහිමය ඔවුන්ට ප්‍රකාශ කළ බැවිනුත්, ඒ වතුර “මෙරිබාහි වතුර ය”යි නම් කරනු ලැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 20:13
11 හුවමාරු යොමු  

විවාදයෙහි මෙන්ද වනාන්තරයේදී පරීක්ෂාකළ දවසෙහි මෙන්ද නුඹලාගේ සිත් දැඩිකර නොගනිව්.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ විවාදය නිසාත් ස්වාමීන්වහන්සේ අප අතරෙහි ඇද්ද නැද්දැයි කියමින් ඔවුන් ස්වාමීන්වහන්සේ පරීක්ෂාකළ නිසාත් ඔහු ඒ ස්ථානයට මස්සා සහ මෙරිබා කියා නම් තැබුවේය.


ඔහු ලෙවී ගැන කියනුයේ– නුඹ විසින් මස්සාහිදී පරීක්ෂාකර, මෙරීබාහි වතුර ළඟදී විවාදකළාවූ,


එසේ වන්නේ ශීන් කාන්තාරයේ කාදෙෂ්හි මෙරිබා ජලය ළඟදී නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මට විරුද්ධව වරදකොට ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මට ගෞරව නොකළ නිසාය.


නුඹ දේශය වසාගැනීමට වලාකුළක් මෙන් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට විරුද්ධව නැගී එනවා ඇත; එය මතු දවස්වලදී සිදුවන්නේය. එම්බා ගොග්, මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන ජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල, ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ මාගේ දේශයට විරුද්ධව පමුණුවන්නෙමි.


ජාතීන් අතරෙහි කෙලහී තිබෙන්නාවූ, නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙලෙසුවාවූ මාගේ මහත් නාමය විශුද්ධකරන්නෙමි; මා විශුද්ධ බව නුඹලා කරණකොටගෙන ජාතීන්ගේ ඇස් හමුවෙහි පෙනෙන කල, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


මා විසින් ජනයන් අතරෙන් නුඹලා පිටතට පමුණුවා, නුඹලා විසිරී සිටින දේශවලින් රැස්කළ කල්හි, මිහිරි සුවඳක්කොට නුඹලා පිළිගෙන, නුඹලා කරණකොටගෙන ජාතීන් ඉදිරියෙහි මා පිරිසිදු බව පෙන්වන්නෙමි.


නුමුත් සේනාවල ස්වාමීන්වහන්සේ විනිශ්චය කරණකොටගෙන උසස්වනසේක. ශුද්ධ තැනන්වහන්සේ වන දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන ශුද්ධ බව ප්‍රකාශවෙයි.


විපතේදී නුඹ අඬගැසුවෙහිය, මම නුඹ මිදුවෙමි; ගර්ජනාවේ රහස් තැනදී නුඹට උත්තර දුනිමි; මෙරිබාහි වතුර ළඟදී නුඹ පරීක්ෂා කෙළෙමි.


මාගේ සෙනඟෙනි, අසව්, මම නුඹලාට සාක්ෂිදෙන්නෙමි; අහෝ, ඉශ්‍රායෙල්, මට ඇහුම්කන් දෙන්නෙහි නම් යහපත!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්