ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 18:15 - Sinhala New Revised Version

“ඔවුන් සමිඳාණන් වහන්සේට පුදන මිනිසුන්ගේ හෝ මෘගයන්ගේ හෝ කුලුඳුලන් සියලු දෙනා නුඹට අයිති වෙත්. එහෙත්, කුලුඳුල් පුතෙක් නම් මුදාගත යුතු වේ. එලෙස ම අපවිත්‍ර යයි සැලකෙන කුලුඳුල් සතුන්ගේ පැටියන් ද මුදාගත යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ඔවුන් සමිඳාණන් වහන්සේට පුදන මිනිසුන්ගේ හෝ මෘගයන්ගේ හෝ කුලුඳුලන් සියලු දෙනා නුඹට අයිති වෙත්. එහෙත්, කුලුඳුල් පුතෙක් නම් මුදාගත යුතු වේ. එලෙස ම අපවිත්‍ර යයි සැලකෙන කුලුඳුල් සතුන්ගේ පැටියන් ද මුදාගත යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේට ඔප්පුකරනු ලබන සියලු සත්වයන්ගෙන් මනුෂ්‍යයන්ගේ වේවා මෘගයන්ගේ වේවා ගර්භයේ සියලුම ප්‍රථම ඵල නුඹට අයිතිය. එසේවී නුමුත් මනුෂ්‍යයන්ගේ කුලුඳුලන් නුඹ සැබවින් මිදිය යුතුය, අපවිත්‍ර මෘගයන්ගේ කුලුඳුලන්ද නුඹ විසින් මිදිය යුතුය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 18:15
12 හුවමාරු යොමු  

පූජකයෝ තම තමන් සේවය කළ අයගෙන් ද අඳුනන්නවුන්ගෙන් ද ගනිත් වා, ඔව්හු ද මාලිගාවේ වුවමනා පරිදි කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරත් වා”යි කී ය.


අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවා ද අපේ පිළිගැන්වීමේ පූජා ද සියලු ආකාර ගස්වල පල ද මුද්‍රික යුස හා තෙල් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු ගෙවල පූජකයන් වෙත ද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙත ද ගෙනෙන හැටියටත්,


පාරාවෝ මුරණ්ඩු ලෙස අපට නික්ම යෑමට අවසර නුදුන් විට, සමිඳාණන් වහන්සේ මිසර දේශයේ මිනිසුන්ගේ කුලුඳුලන් සියල්ලන් හා මෘගයන්ගේ සියලු කුලුඳුලන් ද මරාදැමූ සේක. එබැවින් මම, මවු කුසෙන් පළමුවෙන් බිහි වෙන සියලු පිරිමි සතුන් උන් වහන්සේට පූජා කරමි. එහෙත්, සියලු පිරිමි කුලුඳුල් දරුවන් මම මුදාගන්නෙමි.


“ඉශ්රායෙල් ජනයා අතර මවු කුසෙන් බිහි වන සියලු කුලුඳුලන් මට කැප කරන්න; මනුෂ්‍යයන් අතර වේ වා, මෘගයන් අතර වේ වා, එවැන්නන් මට අයිති ය”යි වදාළ සේක.


“නුඹ, ධාන්‍යවලින් ද මිදිරසින් ද මට දිය යුතු පඬුරු පුද කිරීමට පමා නොවිය යුතු ය. නුඹලාගේ පුතුන් අතර කුලුඳුලා මට දිය යුතු වේ.


කුලුඳුල් කොටළුවෙකු වෙනුවට බැටළු පැටවෙකු දී ඌ මුදාගත යුතු ය. නුඹ ඌ මුදා නොගන්නෙහි නම්, උගේ බෙල්ල කැඩිය යුතු ය. තවද, සියලු ම කුලුඳුල් පිරිමි දරුවන් නුඹ මුදාගත යුතු ය. කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නො ආ යුතු ය.


මුදාගත යුතු වූවන්ට මසක් ගිය පසු නුඹ ඔවුන් මුදාගත යුතු ය. එසේ කිරීමේ දී නුඹේ නියමය හැටියට ශුද්ධස්ථානයේ මිල අනුව, රිදී කාසි පහක් ගෙවිය යුතු ය. රිදී කාසියක් නම් ගේරා විස්සකි.


මන්ද, සියලු කුලුඳුලෝ මට අයිති ය. මිසර දේශයේ සියලු කුලුඳුලන් මැරූ දිනයේ දී, මම ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුල් දරුවන් හා කුලුඳුල් සතුන් මට ම කැප කොටගතිමි. ඔවුන් මට අයිති වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි”යි වදාළ සේක.


ලෙවීවරුන්ගේ කුලුඳුලන් සංඛ්‍යාවට වඩා වැඩි වූ ඉශ්රායෙල්වරුන්ගේ කුලුඳුලන් දෙසිය හැත්තෑතුන් දෙනා මුදාගැනීම පිණිස


“ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ කුලුඳුල් පිරිමි සතුන් සියල්ලන් ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. කුලුඳුල් ගොන් වස්සෙකුගෙන් වැඩ නොගත යුතු ය, කුලුඳුල් බැටළුවන්ගේ ලොම් නොකැපිය යුතු ය.