Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 10:37 - Sinhala New Revised Version

37 අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවා ද අපේ පිළිගැන්වීමේ පූජා ද සියලු ආකාර ගස්වල පල ද මුද්‍රික යුස හා තෙල් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු ගෙවල පූජකයන් වෙත ද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙත ද ගෙනෙන හැටියටත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවා ද අපේ පිළිගැන්වීමේ පූජා ද සියලු ආකාර ගස්වල පල ද මුද්‍රික යුස හා තෙල් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු ගෙවල පූජකයන් වෙත ද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙත ද ගෙනෙන හැටියටත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 අපේ අනාපු පිටිවලින් ප්‍රථම ඒවාද අපේ එසවීම් පූජාවල්ද සියලු ආකාර ගස්වල ඵලද මුද්‍රික යුස හා තෙල්ද අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ඇතුල් ගෙවලට පූජකයන් වෙතටද අපේ සියලු ගොවිතැන් නුවරවල දසයෙන් කොටසක් ලෙවීවරුන්ට නියම බැවින් අපේ බිම්වල අස්වැන්නෙන් දසයෙන් කොටසක් ලෙවීවරුන් වෙතටද ගෙනෙන හැටියටත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 10:37
23 හුවමාරු යොමු  

එක් එක් පවුල, සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ගෙන මුහුන් මිශ්‍ර කොට පුළුස්සන ලද රොටි දෙක බැගින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු පිණිස ගෙනා යුතු ය. ඒවා සමිඳාණන් වහන්සේට පුදන නාඹුල් පල වනු ඇත.


“තවද, ඉශ්රායෙල් ජනයා මට පුදන සෑම දෙයින් ම දසයෙන් කොටස, මම උරුමයක් වශයෙන් ලෙවීගේ දරුපරපුරට දිනිමි. එය ඔවුන්ට දෙනුයේ, සම්මුඛ මණ්ඩපය තුළ ඔවුන් ඉටු කරන සේවාව සඳහා ය.


ඉන්පසු ඒ කාමරය පිරිසිදු කරන ලෙස ද දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ ද ආහාර පූජා ද තුවරලා ද නැවත එහි තබන ලෙස ද අණ කෙළෙමි.


ඔහු ටෝබියාට විශාල කාමරයක් සකස් කර දී තිබිණි. කලින් ඒ කාමරයේ ආහාර පූජා ද තුවරලා ද භාණ්ඩ ද ලෙවීවරුන්ගේත්, ගීතිකාකාරයන්ගේත්, දොරටු පාලකයන්ගේත් නියම කොටස වූ ධාන්‍යයෙන් සහ මිදි යුසෙනුත්, තෙලිනුත් දසයෙන් කොටස ද පූජකයන්ට ලැබෙන පිළිගැන්වීමේ පූජා ද තැන්පත් කර තිබිණි.


උන් වහන්සේ දුන් දේශයෙහි පොළොවේ සෑම පලදාවකින් නාඹුල් පල ගෙන, ඒවා පැසක දමා උන් වහන්සේ සිය නාමය පිහිටුවීමට තෝරාගන්න ස්ථානයට යා යුතු ය.


තවද ඔබ ධාන්‍ය අස්වැන්නෙත්, මිදියුස සහ තෙල්වලත්, මුල් කොටස ද බැටළුවන්ගෙන් මුලින් ම කපාගන්න ලෝම ද ඔහුට දිය යුතු ය.


මාගේ මාලිගාවේ භෝජන තිබෙන පිණිස නුඹලා සම්පූර්ණ දසයෙන් කොටස ගබඩාවට ගෙනෙන්න. එසේ කළ විට ස්වර්ගයේ කවුළු හැර බහුල ලෙස මම නුඹලාට ආශීර්වාද නොදෙන්නෙම් දැ යි සෝදිසි කර බලන්න.


දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන් ද? මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැති වුවත් නුඹලා මා රවටන්නහු ය. නුඹලා මා රවටන්නේ දසයෙන් කොටස හා පූජාවන් පිදීමෙහි දී ය.


ජුදාහි නගරවල විසූ ඉශ්රායෙල්වරු සහ ජුදාවරු ගොනුන්ගෙනුත්, බැටළුවන්ගෙනුත් දසයෙන් කොටසක් ගෙනාහ. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ පවිත්‍ර දේවලින් දසයෙන් කොටසක් ද ඔව්හු ගෙනවුත් ගොඩවල් වශයෙන් තැබූ හ.


තවද මුලින් දමන පිටි අහුර දෙවියන්ට කැප කර ඇත්නම්, පිපෙන මුළු පිඩ ද කැප වී ඇත. ගසේ මුල කැප කර ඇත්නම්, අතු ද කැප වී ඇත.


“අවුරුදුපතා ඔබේ කෙතෙන් ලැබෙන පලදාවෙන් දසයෙන් කොටස ඔබ දිය යුතු ය.


ලෙවීවරුන්ට හිමි කොටස් ඔවුන්ට නොදී තිබුණු බව ද කටයුතු බාර ව සිටි ලෙවීවරුන් ද ගීතිකාකාරයන් ද තම තමන්ගේ කෙත්වලට පලා ගිය බව ද මට දැනගන්නට ලැබිණි.


එවිට සියලු ජුදාවරු ධාන්‍යයෙනුත්, මිදි යුසෙනුත්, තෙල්වලිනුත් දසයෙන් කොටස ගබඩාවලට ගෙනාවෝ ය.


“ඉශ්රායෙල් ජනයා අතර මවු කුසෙන් බිහි වන සියලු කුලුඳුලන් මට කැප කරන්න; මනුෂ්‍යයන් අතර වේ වා, මෘගයන් අතර වේ වා, එවැන්නන් මට අයිති ය”යි වදාළ සේක.


සියලු කුලුඳුල් පිරිමින් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. ඔබේ මෘගයන්ගේ කුලුඳුල් පිරිමි පැටියන් සියල්ලන් ම උන් වහන්සේට අයිති ය.


“ඔවුන් සමිඳාණන් වහන්සේට පුදන මිනිසුන්ගේ හෝ මෘගයන්ගේ හෝ කුලුඳුලන් සියලු දෙනා නුඹට අයිති වෙත්. එහෙත්, කුලුඳුල් පුතෙක් නම් මුදාගත යුතු වේ. එලෙස ම අපවිත්‍ර යයි සැලකෙන කුලුඳුල් සතුන්ගේ පැටියන් ද මුදාගත යුතු ය.


උන්ගේ මස් ද ළපැත්ත සහ දකුණු ගාතය ද නුඹේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්