ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 27:42 - Sinhala New Revised Version

තවද හිරකාරයන්ගෙන් කිසිවෙකු පීනා පැන නොයන පිණිස ඔවුන් මැරීමට හේවායෝ අදහස් කළහ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

සිරකරුවන් පිහිනා පැන යෑම වැළැක්වීමට හේවායෝ ඔවුන් මරා දමන්නට සැරසුණහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද හිරකාරයන්ගෙන් කිසිවෙකු පීනා පැන නොයන පිණිස ඔවුන් මැරීමට හේවායෝ අදහස් කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද හිරකාරයන්ගෙන් කිසිවෙක් පීනා ගැළවී නොයන පිණිස ඔවුන් මැරීමට හේවායන්ගේ අදහසක් වූයේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 27:42
9 හුවමාරු යොමු  

ඔබ අප සමඟ කළ ගිවිසුම සිහිකළ මැනව. මන්ද, රටේ සෑම අඳුරු මුල්ලක් ම සැහැසිකමින් පිරී ඇත.


දැහැමි අය සිය තිරිසන් සතුන්ගේ ප්‍රාණය ගැන සලකති; අදමිටු අය උන්ට ක්‍රෑරතර ය.


මිනිස් ලොවෙහි කෙරෙන සියල්ල අතර ඇති එක් වරදක් නම්, සියල්ලන්ට ම එක ඉරණමක් ඇති වීම ය. එනම්, මනුෂ්‍යයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන්ගේ මුළු ජීවිත කාලයෙහි මෝහය ඔවුන්ගේ සිත්වල තිබීම ය, ඉන්පසු ඔව්හු මියයන්නෝ ය.


හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, මුර සෙබළුන්ගෙන් ප්‍රශ්න කොට, ඔවුන් මරන්නට අණ කෙළේ ය. ඉන්පසු ඔහු ජුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේ ය.


‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය.


එහෙත් සැඩ පහරින් ගසාගන ගිය නැව වැලි කණ්ඩියක හැපුණේ ය. එවිට ඇණිය එරී තද වුණේ ය, රැළ වේගය නිසා අවරය බිඳෙන්න පටන් ගත්තේ ය.


මාගේ අනේක ගමන්වල දී, ගංගා උවදුරුවලට ද සොර උවදුරුවලට ද ස්වජාතික ජුදෙව්වරුන්ගෙන් පැමිණි උවදුරුවලට ද විජාතිකයන්ගෙන් පැමිණි උවදුරුවලට ද නගරවල උවදුරුවලට ද වනයෙහි උවදුරුවලට ද මුහුදේ උවදුරුවලට ද ව්‍යාජ සහෝදරයන්ගෙන් පැමිණෙන උවදුරුවලට ද භාජන වුණෙමි.