ක්‍රියා 17:28 - Sinhala New Revised Version “මන්ද, කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේ තුළ ජීවත් වෙමු, හැසිරෙමු, පවතිමු.’ තවද, ඔබගේ කිවිවරයන්ගෙන් සමහරෙකු පවා කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේගේ දරුවෝ වෙමු.’ සිංහල කාලීන පරිවර්තනය මන්ද, ‘අප ජීවත් වන්නේත්, හැසිරෙන්නේත්, අපේ පැවැත්ම ඇත්තේත් උන්වහන්සේ තුළ යැ’ යි ඔබේම කවීන් කියා ඇති පරිදි, ‘උන්වහන්සේගේ දරුවෝ අප ය.’ Sinhala New Revised Version 2018 “මන්ද, කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේ තුළ ජීවත් වෙමු, හැසිරෙමු, පවතිමු.’ තවද, ඔබගේ කිවිවරයන්ගෙන් සමහරෙකු පවා කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේගේ දරුවෝ වෙමු.’ Sinhala Revised Old Version මක්නිසාද අප උන්වහන්සේ තුළ ජීවත්වමුව, හැසිරෙමුව, සිටිමුව. තවද: අපි උන්වහන්සේගේ දරුවෝයයි නුඹලාගේ කාව්‍යක්කාරයන්ගෙන් සමහරෙක් පවා කියා තිබේ. |
එවිට ශෙදෙකියා රජ, “මා ඔබ මරන්නේ වත්, ඔබේ ප්‍රාණය හානි කරන්නට සොයන ඒ මනුෂ්‍යයන් අතට ඔබ පාවා දෙන්නේ වත් නැතැ යි අපට දිවි දුන් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි ජෙරමියාට රහසින් දිවුරුම් දුන්නේ ය.
තවද, කිසි පෙනීමක් වත්, ඇසීමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී සහ ගලින් සාදන ලද දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කෙළෙහි ය. එහෙත්, ඔබේ ප්‍රාණයටත්, ඉරණමටත් කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කෙළේ නැත.
උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව, ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය. මන්ද, උන් වහන්සේ උදෙසා සියල්ලෝ ම ජීවත් වෙති”යි වදාළ සේක.
ඔහු ඒනොක්ගේ පුත්‍රයා ය, ඔහු ජාරෙද්ගේ පුත්‍රයා ය, ඔහු මාලෙලෙයීල්ගේ පුත්‍රයා ය, ඔහු කේනාන්ගේ පුත්‍රයා ය, ඔහු ඒනොෂ්ගේ පුත්‍රයා ය, ඔහු සෙත්ගේ පුත්‍රයා ය, ඔහු ආදම්ගේ පුත්‍රයා ය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය.
ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය;
පියාණන් වහන්සේට තමන් තුළ ම ජීවනය තිබෙන්නාක් මෙන් ම, පුත්‍රයාණන්ටත් තමන් තුළ ජීවනය ඇති ව සිටින්නට උන් වහන්සේ වරය දුන් සේක.
දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දෙන්න දිවුළ දේශයෙහි ඔබ පදිංචි වන පිණිස උන් වහන්සේට ප්‍රේම කොට, උන් වහන්සේගේ හඬට කීකරු වී උන් වහන්සේට ඇලුම් ව සිටිය යුතු ය. එසේ කිරීමෙන් චිරාත් කාලයක් ඔබ ඒ රටේ ජීවත් වන්නහු ය.”
“ක්‍රීත වැසියෝ කවදත් බොරුකාරයෝ ය; දරුණු තිරිසන්නු ය; කම්මැලි කෑදරයෝ ය”යි ඔවුන්ගේ ම රට වැසි දිවැසිවරයෙකු කියා ඇත.
උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.
තවද අප හික්ම වූ මාංසික පියවරුන්ට අපි ගරුබුහුමන් කරමු නම් ඊට බොහෝ වැඩියෙන් අප ආත්මික පියාණන් වහන්සේට අවනත ව ජීවත් විය යුතු නොවේ ද?
මන්ද, පිරිසිදු කරන්නා ද පිරිසිදු කරනු ලබන්නෝ ද යන සියල්ලෝ ම එක ම පියාණන් වහන්සේගෙන් වෙති. ඒ කාරණය නිසා ජේසුස් වහන්සේ ඔවුන්ට සහෝදරයන් යයි කීමට ලජ්ජා නොවී:
ඔබ ලුහුබැඳ අවුත් ඔබේ ප්‍රාණය හානි කරන්නට යම් මිනිසෙකු තැත් කළොත්, කෙනෙකු ඔහුගේ වටිනා වස්තුව ආරක්ෂා කරන සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබේ ප්‍රාණය ආරක්ෂා කරන සේක. උන් වහන්සේ ඔබේ සතුරන්, ගල් පටියකින් විදින ගල් සේ වීසි කරදමන සේක් වා!