Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 17:28 - සිංහල කාලීන පරිවර්තනය

28 මන්ද, ‘අප ජීවත් වන්නේත්, හැසිරෙන්නේත්, අපේ පැවැත්ම ඇත්තේත් උන්වහන්සේ තුළ යැ’ යි ඔබේම කවීන් කියා ඇති පරිදි, ‘උන්වහන්සේගේ දරුවෝ අප ය.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 “මන්ද, කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේ තුළ ජීවත් වෙමු, හැසිරෙමු, පවතිමු.’ තවද, ඔබගේ කිවිවරයන්ගෙන් සමහරෙකු පවා කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේගේ දරුවෝ වෙමු.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 “මන්ද, කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේ තුළ ජීවත් වෙමු, හැසිරෙමු, පවතිමු.’ තවද, ඔබගේ කිවිවරයන්ගෙන් සමහරෙකු පවා කියා තිබෙන පරිදි, ‘අපි උන් වහන්සේගේ දරුවෝ වෙමු.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 මක්නිසාද අප උන්වහන්සේ තුළ ජීවත්වමුව, හැසිරෙමුව, සිටිමුව. තවද: අපි උන්වහන්සේගේ දරුවෝයයි නුඹලාගේ කාව්‍යක්කාරයන්ගෙන් සමහරෙක් පවා කියා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 17:28
16 හුවමාරු යොමු  

සෑම මැවිල්ලකටම පූර්වයෙන් උන්වහන්සේ සිටින සේක. මවන ලද සියලු දේ උන්වහන්සේ තුළ එකට එක්ව පවතී.


උන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජාලංකාරයේ ප්‍රභාවය ද උන්වහන්සේගේ යථා ස්වභා-ස්වරූපය ද වන සේක්, තම බලගතු වචනයෙන් විශ්වයම දරා සිටින සේක. පාප ශෝධනය කළ පසු, උන්වහන්සේ ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ දකුණු පස අසුන් ගත් සේක.


උන්වහන්සේ මළවුන්ගේ නො ව ජීවතුන්ගේ දෙවියන්වහන්සේ ය. මන්ද උන්වහන්සේට සියල්ලන්ම ජීවතුන් වන බැවිනි” පැවසූ සේක.


පියාණන්වහන්සේ තුළ ජීවනය ඇතිවා සේ ම, තමන් තුළ ඒ ජීවනය ඇතිව සිටීමට පුත්‍රයාණන්ට ද වර දී තිබේ.


යේසුස්වහන්සේ ඇය අමතමින්, “මරණින් නැගිටීමත්, ජීවනයත් මම ය. මා තුළ විශ්වාස කරන්නා මැරුණත් ජීවත් වන්නේ ය.


ඒ හැර, අප හික්මවූ භූමික පියවරු අපට සිටියහ; අපි ඔවුනට ගරු කළෙමු. එසේ නම්, අප ආත්මවල පියාණන්ට ඊට කොපමණ වැඩියෙන් අප යටත්ව, ජීවත් විය යුතු ද?


ඔහු ඒනොෂ්ගේ පුත්‍රයා ය, ඔහු සෙත්ගේ පුත්‍රයා ය, ඔහු ආදම්ගේ පුත්‍රයා ය, ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයා ය.


“ක්‍රීතවාසීහු සැමදා බොරුකරුවන් ය; අමු තිරිසන්නු ය; අලස කෑදරයෝ යැ” යි ක්‍රීත වාසී අනාවැකිකරුවෙක් කියා තිබේ.


මන්ද පවිත්‍ර කරන්නා ද පවිත්‍ර කරනු ලබන්නන් ද එකම පියාණන් කෙනකුගෙනි. සහෝදරයින් යයි ඔවුන් ඇමතීමට උන්වහන්සේ ලජ්ජා නො වූයේ එබැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්