සෙනඟගෙන් නගරයේ ඉතිරි ව සිටි අය ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අය ද සමූහයාගෙන් අනික් අය ද රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේ ය.
ඔබදියා 1:11 - Sinhala New Revised Version නුඹ නිකම් බලාගෙන සිටි දවසේ දී ද විදේශීන් ඔහුගේ වස්තුව පැහැරගෙන ගිය දවසේ දී ද පරදේශීන් ජෙරුසලම් දොරටු කඩාදමා, දාදු දමා ජෙරුසලම බෙදාගත් දවසේ දී ද නුඹත් ඔවුන්ගෙන් එක් කෙනෙකු මෙන් වූවෙහි ය. Sinhala New Revised Version 2018 නුඹ නිකම් බලාගෙන සිටි දවසේ දී ද විදේශීන් ඔහුගේ වස්තුව පැහැරගෙන ගිය දවසේ දී ද පරදේශීන් ජෙරුසලම් දොරටු කඩාදමා, දාදු දමා ජෙරුසලම බෙදාගත් දවසේ දී ද නුඹත් ඔවුන්ගෙන් එක් කෙනෙකු මෙන් වූවෙහි ය. Sinhala Revised Old Version නුඹ අහකට වී සිටිය දවසේදීද, විදේශීන් ඔහුගේ දේපළ ගෙනගියාවූ, පරදේශීන් ඔහුගේ දොරටුවට ඇතුල්වී යෙරුසලම ගැන දාදුදැමුවාවූ දවසේදීද, නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක් මෙන් වූවෙහිය. |
සෙනඟගෙන් නගරයේ ඉතිරි ව සිටි අය ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට වූ අය ද සමූහයාගෙන් අනික් අය ද රැකවලුන්ගේ අධිපති වූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේ ය.
සමිඳුනි, ජෙරුසලම වැටුණ දවසේ දී, ‘බිඳ හෙළව්, බිඳ හෙළව්’ කියමින් ඒදොම් වැසියන් කළ දේ ඔවුන්ට විරුද්ධ ව සිහිකළ මැනව.
ඔව්හු ඒදොම්ගේ සහ ඉෂ්මායෙල්ගේ ගෝත්‍රවලට අයිති තැනැත්තෝ ය. මෝවබ්ගේ සහ හගරීනයන්ගේ ගෝත්‍රවලට අයිති තැනැත්තෝ ය.
“සමිඳාණන් වහන්සේ මෙහි සිටියදීත් නුඹලා, මේ ජාති දෙක ද රටවල් දෙක ද මට අයිති වන්නේ ය කියාත්, අපි එය හිමි කර ගන්නෙමු කියාත් කී බැවින්,
ඔව්හු මාගේ සෙනඟ බෙදාගන්න පිණිස දාදු දැමූ හ. ඔව්හු වේශ්‍යාවක ගැනීම සඳහා පිරිමි ළමයෙකු දුන්නෝ ය. මුද්‍රික පානය බොන පිණිස ගෑණු ළමයෙකු වික්කෝ ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ගාසාවේ වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, සත්තකින් ම ඔවුන්ට මම දඬුවම් කරමි.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “තීර්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි. ඔවුන් ගිවිසගත් මිතුරු ගිවිසුම් ඔවුන් අමතක කර ඇත.
එහෙත්, තීබ්ස් රටේ ජනයා විප්‍රවාසගත කරනු ලැබ, වහල්කමට ගෙනයනු ලැබූ හ. ඇගේ බිළිඳු දරුවෝ හැම මංසන්ධියක ම බිම ගසා මරනු ලැබුවෝ ය. ඇගේ වැදගත් සෙනඟ උදෙසා දාදු දමන ලදී. බලවත් අය දම්වැල්වලින් බැඳගෙන යනු ලැබූ හ.
ඒ ජාතිකයන්ගේ අහංකාරයත්, පාරට්ටුවත් නිසා ද සියලු බලැති දෙවියන් වහන්සේගේ සෙනඟට ඔවුන් නින්දාකළ නිසා ද ඔවුන්ට දඬුවම් පැමිණේ.