Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ඔබදියා 1:11 - Sinhala Revised Old Version

11 නුඹ අහකට වී සිටිය දවසේදීද, විදේශීන් ඔහුගේ දේපළ ගෙනගියාවූ, පරදේශීන් ඔහුගේ දොරටුවට ඇතුල්වී යෙරුසලම ගැන දාදුදැමුවාවූ දවසේදීද, නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක් මෙන් වූවෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 නුඹ නිකම් බලාගෙන සිටි දවසේ දී ද විදේශීන් ඔහුගේ වස්තුව පැහැරගෙන ගිය දවසේ දී ද පරදේශීන් ජෙරුසලම් දොරටු කඩාදමා, දාදු දමා ජෙරුසලම බෙදාගත් දවසේ දී ද නුඹත් ඔවුන්ගෙන් එක් කෙනෙකු මෙන් වූවෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 නුඹ නිකම් බලාගෙන සිටි දවසේ දී ද විදේශීන් ඔහුගේ වස්තුව පැහැරගෙන ගිය දවසේ දී ද පරදේශීන් ජෙරුසලම් දොරටු කඩාදමා, දාදු දමා ජෙරුසලම බෙදාගත් දවසේ දී ද නුඹත් ඔවුන්ගෙන් එක් කෙනෙකු මෙන් වූවෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ඔබදියා 1:11
13 හුවමාරු යොමු  

බිඳහෙළව්, අත්තිවාරම දක්වා බිඳහෙළව්යයි කී ඒදොම්ගේ පුත්‍රයන්ට විරුද්ධව, ස්වාමිනි, යෙරුසලමේ දවස සිහිකළ මැනව.


නුමුත් ඈ පවා අසුවී වහල්කමට ගියාය. ඇගේ දරුවෝද සියලු වීථි සන්ධිවල බිමගසා මරනු ලැබුවෝය. ඇගේ නම්බුකාරයන් ගැන පසඇට දැමුවෝය, ඇගේ සියලු උත්තමයෝ දම්වැල්වලින් බඳිනු ලැබුවෝය.


ඔව්හු මාගේ සෙනඟ ගැන පසඇට දමා, පිරිමි ළමයෙකු වේශ්‍යාවක් නිසා දුන්නෝය, ගෑනු ළමයෙකු මුද්‍රිකපානය බොන පිණිස වික්කෝය.


නුඹ සොරෙකු දුටු කල ඔහු හා සමාගම් වුණෙහිය, කාමමිථ්‍යාචාරිකයන් සමඟ කොටස්කාරයෙක් වූවෙහිය.


සෙනඟගෙන් නුවර ඉතුරුව සිටිය අයද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයටවූ අයද සමූහයාගෙන් අනික් අයද රැකවලුන්ගේ අධිපතිවූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේය.


ඔව්හු එක අදහසින් එක්ව මන්ත්‍රණය කළෝය; ඔබට විරුද්ධව ඔව්හු ගිවිසුමක් කෙරෙති.


ඔව්හු වනාහි ඒදොමේ කූඩාරම් වැසියන් සහ ඉෂ්මායෙලිතයෝය; මෝවබ් සමඟ හගරීනයෝය;


ස්වාමීන්වහන්සේ මෙහි සිටියදීත් නුඹ: මේ ජාති දෙකද මේ රටවල් දෙකද මට අයිතිවන්නේය කියාත් අපි එය හිමිකරගන්නෙමුය කියාත් කී බැවින්–


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගාසාහි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ඒදොම්ට පාවාදෙන පිණිස මුළු සෙනඟ වහල්කමට ගෙනගියෝය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම තීර්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු සහෝදර ගිවිසුම සිහි නොකර, මුළු සෙනඟ අල්ලා ඒදොම්ට පාවාදුන්නෝය.


මේක ඔවුන්ට පැමිණෙන්නේ ඔවුන් නින්දාකර, සේනාවල ස්වාමීන්වහන්සේගේ සෙනඟට විරුද්ධව උඩඟුවී පෙන්නූ උදාරම්කම නිසාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්