එළිදරව් 7:16 - Sinhala New Revised Version ඔවුන්ට මින්පසු සාගින්නක් වත් පිපාසයක් වත් නැත. සූර්ය තාපය වත් දැවෙන ග්‍රීෂ්මය වත් ඔවුන් පෙළන්නේ නැත. සිංහල කාලීන පරිවර්තනය ‘ඔවුන්ට තවත් කුසගිනි වන්නේ නැත; පිපාස වන්නේ ද නැත. හිරු කිරණ හෝ දැවෙන ගිනියමක්,’ ඔවුන්ට පහර දෙන්නේ නැත. Sinhala New Revised Version 2018 ඔවුන්ට මින්පසු සාගින්නක් වත් පිපාසයක් වත් නැත. සූර්ය තාපය වත් දැවෙන ග්‍රීෂ්මය වත් ඔවුන් පෙළන්නේ නැත. Sinhala Revised Old Version ඔවුන්ට තවත් බඩගිනිවන්නේවත් පිපාසා වන්නේවත් නැත; සූර්ය රශ්මියවත් කිසි රස්නයක්වත් ඔවුන්ට පහරදෙන්නේ නැත. |
මාගේ දොහොත් මුදුන් දී ඔබෙන් අයැදිමි; මාගේ සිත වියළි බිමක් මෙන් ඔබ කෙරෙහි පිපාසිත වේ.
දෙවිඳුන් කෙරෙහි, ජීවමාන දෙවිඳුන් කෙරෙහි, මාගේ සිත පිපාසා වන්නේ ය. මම කවදා අවුත් දෙවිඳුන් ඉදිරියේ පෙනී සිටිම් ද?
දෙවිඳුනි, මාගේ දෙවිඳුනි, දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. මා හද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේ ය. වියළි බිම ජලයට පිපාසා වන පරිදි මම ඉතා ආශාවෙන් ඔබ වෙත ඇදී යන්නෙමි.
අව්ව මා පිට වැටීමෙන් මා මඳක් කළු වී සිටින නිසා මා හෙළා නොදකින්න. මාගේ සොහොයුරෝ මා සමඟ කෝප වී මිදි වත්තේ වැඩ කරන්න මට නියම කළහ; මා ගැන සලකන්න මට වේලාවක් නො වී ය;
දුගී අසරණ අයට ඔබ රැකවරණය වූ සේක; කම්කටොලු ඇති කාලවල දී ඔවුන්ට බලකොටුවක් වූ සේක; කුණාටුවේ දී ආරක්ෂාවත්, තද ග්‍රීෂ්මයේ දී සෙවණත් ඔබ ඔවුන්ට දුන් සේක.
ඔව්හු, සුළඟින් වැළකෙන්න රැකවරණයක් මෙන් ද කුණාටුවෙන් සැඟවෙන්න ස්ථානයක් මෙන් ද වියළි බිමේ ගලා යන දිය පාරවල් මෙන් ද පාළු පෙදෙසක සෙවණ ගෙන දෙන විශාල පර්වතයක් මෙන් ද වන්නෝ ය.
අසරණ දිළිඳු අය වතුර සොයා එය නො ලැබ, උගුර කට වේළී පිපාසයෙන් සිටින විට සමිඳාණන් වන මම ඔවුන්ගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. ඉශ්රායෙල්හි දෙවිඳාණන් වන මම ඔවුන් අත්නාරින්නෙමි.
ඔවුන්ට සාපිපාසා නොවන්නේ ය. ගිනි අව්වෙන් වත්, මරුකතරෙන් වත් ඔවුන්ට පීඩාවක් නොවන්නේ ය. මන්ද, ඔවුන්ට අනුකම්පා කරන තැනැන් වහන්සේ ඔවුන්ට මඟපෙන්වන සේක. දිය උල්පත් අසලින් ඔවුන් කැඳවාගෙන යන සේක.
එබැවින් සමිඳාණන් වන දෙවිඳාණෝ මෙසේ වදාරන සේක: “මට සේවය කරන්නන්ට කන්න තිබිය දී නුඹලාට බඩගිනි වන්නේ ය; ඔවුන්ට බොන්න තිබිය දී නුඹලාට පිපාසා වන්නේ ය; ඔවුන් ප්‍රීති ප්‍රමෝද වෙද්දී නුඹලාට ලජ්ජාව ඇති වන්නේ ය.
තවද, ඉර උදා වූ කල, ඉතා උෂ්ණ සුළඟක් පෙරදිගින් හමන්න උන් වහන්සේ නියම කළ සේක. අවුරශ්මිය ජෝනාගේ හිසට වැදී ඔහු ක්ලාන්ත වී, “ජීවිතයට වඩා මරණය හොඳ ය” කියා සිය ප්‍රාණය හානි කරන ලෙස යාච්ඤා කෙළේ ය.
තමන් සිත්හි කිඳා නොබසින බැවින් මඳ කලක් පැවත, වචනය නිසා විපතක් හෝ පීඩාවක් හෝ පැමිණි කල, වහා ම පැකිළී වැටෙන අය ය.
දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ තෘප්තිමත් වනු ඇත. දැන් කඳුළු හෙළන ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ සිනාසෙනු ඇත.
එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක.
දැවෙන හිරු කිරණින් තණ කොළ වියළී යයි; ඒවායේ මල් පෙති වැටී යයි. එහි සෞන්දර්යය පහ වී යයි. එලෙස ම ධනවතා සිය උපාය මාර්ගවල දී මැල වී යයි.
උන් වහන්සේ ඔවුන්ගේ දෙනෙතින් සියලු කඳුළු පිසදමන සේක. මරණය තවත් නැත. වැලපීම ද හැඬීම ද, වේදනාව ද තවත් නැත. ඒ පළමු පිළිවෙළ පහ ව ගිය බැවිනි.”