“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?
එස්රා 1:2 - Sinhala New Revised Version එය මෙසේ ය: “පර්සියාවේ රජු වන සයිරස් තෙමේ මෙසේ කියයි: ‘ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළෝ තලයෙහි සියලු රාජ්‍යයන් මට දී තිබේ. තවද, උන් වහන්සේ ජුදාහි ඇති ජෙරුසලම් නගරයෙහි උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්නට මට අණ කර තිබේ. Sinhala New Revised Version 2018 එය මෙසේ ය: “පර්සියාවේ රජු වන සයිරස් තෙමේ මෙසේ කියයි: ‘ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළෝ තලයෙහි සියලු රාජ්‍යයන් මට දී තිබේ. තවද, උන් වහන්සේ ජුදාහි ඇති ජෙරුසලම් නගරයෙහි උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්නට මට අණ කර තිබේ. Sinhala Revised Old Version ඔහු තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ; තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ. |
“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?
තවදුරටත් හූරාම් කියනුයේ, “අහසත්, පොළොවත් මැවූ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, සමිඳාණන් වහන්සේට මාලිගාවක් ද තමාට ම රජමැදුරක් ද ගොඩනැඟීමට සිහි කල්පනාවෙන් හා නැණ නුවණින් යුක්ත පුත්‍රයෙකු උන් වහන්සේ දාවිත් රජුට දුන් සේක.
ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස, දෙවියන් වහන්සේ විසින් සිත් උද්‍යෝගවත් කරවන ලද සියලු දෙනා ම එනම්, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද එහි යන්නට සූදානම් වූ හ.
පර්සියාවේ රජ වූ සයිරස්ගෙන් තමන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට ජොප්පාවට මුහුදෙන් කිහිරි ගස් ගෙනෙන පිණිස ඔව්හු මේසන්වරුන්ටත්, වඩුවන්ටත් මුදල් ද සීදොන් වැසියන්ටත්, තීර් වැසියන්ටත් කෑම, බීම හා තෙල් ද දුන්නෝ ය.
එහෙත්, සෙරුබ්බාබෙල් ද ජෝෂුවා ද ඉශ්රායෙල් පිය වංශවල සෙසු ප්‍රධානීහු ද ඔවුන්ට කතා කොට, “අපේ දෙවියන් වහන්සේට මාලිගාවක් ගොඩනැඟීමේ දී ඔබ අප සමඟ එක් වීමෙන් අපට කිසි වැඩක් නැත. පර්සියාවේ සයිරස් රජ අපට අණ කර තිබෙන පරිදි, අපි පමණක් ම ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේට එය ගොඩනඟන්නෙමු”යි කී හ.
ඔහු කතා කොට, ‘මේ භාණ්ඩ ගෙන ගොස් ජෙරුසලමෙහි තිබෙන මාලිගාවේ තබන්න; දෙවියන් වහන්සේගේ මාලිගාව ද කලින් තිබූ ස්ථානයෙහි ගොඩනඟනු ලබාවා’යි ද කීවේ ය.
එසේ කළ යුත්තේ, ඔවුන් ස්වර්ගයේ දෙවියන් වහන්සේට මිහිරි සුවඳ ඔප්පු කර රජුගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ශුභසිද්ධිය උදෙසා යාච්ඤා කරන පිණිස ය.
“සයිරස් රජුගේ පළමු වන අවුරුද්දේ දී සයිරස් රජ ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන මෙසේ නියෝගයක් කෙළේ ය: ‘ඒ මාලිගාව පූජා ඔප්පු කරන ස්ථානයක් වශයෙන් ගොඩනඟනු ලැබේවා. එහි අත්තිවාරම් සවි කොට පිහිටුවනු ලැබේවා. එහි උස මීටර් විසිහතක් ද පළල මීටර් විසිහතක් ද විය යුතු ය.
“රාජාධිරාජ අර්තක්ෂස්තා වන මම ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ නීතිවේදියෙකු ව සිටින පූජක එස්රා වෙත ලියා එවමි.
මම ඒ වචන ඇසූ කල හිඳගෙන ඇඬුවෙමි. මම කීප දවසක් වැලපෙමින්, නිරාහාර ව සිටිමින් ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤා කෙළෙමි:
“අහෝ! ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥා රක්ෂා කරන්නන් සමඟ විශ්වාසවන්ත ව ගිවිසුම පවත්වන, ගරුබිය දනවන දෙවියන් වහන්ස,
රජුගේ සිතුම්පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේ ය, එතුමාණෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක.
පෙරදිගින් ජයග්‍රාකයෙකු කැඳවා, දිරි ගන්වා, යන යන තැන ඔහුට ජය අත්පත් කර දුන්නේ කවරෙක් ද? ඔහුට රට රාජ්‍යයන් පාවා දී රජවරුන් ඔහුට යටත් කර දුන්නේ කවරෙක් ද? ඔහු සිය කඩුවෙන් ඔවුන් ධූලි බවටත්, සිය දුන්නෙන් ඔවුන් සුළඟට ගසා යන පිදුරු බවටත් පමුණුවන්නේ ය.
මාගේ සේවකයා ප්‍රකාශයක් කළ විට, මාගේ අදහස් දන්වන පිණිස දූතයෙකු එවූ විට ඒවා ඉෂ්ට වන්න සලස්වන්නේත් මම ය. ජෙරුසලමට කතා කොට එහි සෙනඟ නැවතත් ප්‍රාණවත් කරන බවත්, ජුදා නගරවලට කතා කොට, නටබුන් වූ නගර නැවත ගොඩනඟන බවත් කියන්නේ මම ය.
සයිරස්ට කතා කොට, ‘නුඹ මාගේ එඬේරා වන්නෙහි ය; මාගේ අදහස් නුඹ ඉටු කරන්නෙහි ය. ජෙරුසලම නැවත ගොඩනඟන්නත්, දේව මාලිගාවේ අත්තිවාරම් දමන්නත් නුඹ නියම කරන්නෙහි ය’යි කියන්නේත් මම ය.”
සමිඳුන්ගේ අභිෂේක ලත් රජ්ජුරුවෝ සයිරස් ය. ජාතීන් යටත් කිරීමටත්, රජවරුන්ගේ බලය බිඳලීමටත්, සමිඳාණෝ ඔහු සහායට ගත් සේක. නැවත නොවැසෙන පිණිස නගරවල දොරටු සමිඳාණෝ විවෘත ව තබන සේක. එතුමාණෝ සයිරස්ට මෙසේ වදාරන සේක:
සමිඳාණෝ මෙසේ වදාරන සේක; “අහස මාගේ සිංහාසනය ය; පොළොව මාගේ පා පුටුව ය. මා සඳහා නුඹලාට කෙබඳු ගෘහයක් සෑදිය හැකි ද? මාගේ වාසස්ථානය කොතැන විය හැකි ද?
අහසත්, පොළොවත් නොමැවූ මේ දෙවිවරු මිහි පිටින් ද අහස යටින් ද විනාශ කරනු ලබති යි මාගේ සෙනඟ වන ඔබ ජාතීන්ට කිව යුතු ය.
ඒ කෙසේ ද යත්: “මම මාගේ ඉමහත් බලයෙන් ද පරාක්‍රමවත් බාහුවෙන් ද පොළොව සහ පොළොව මතුපිට සිටින මිනිසුන් ද තිරිසනුන් ද මැවීමි. මා කැමැති කෙනෙකුට මට ඒවා දිය හැකි ය.
“තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘බබිලෝනියේ අවුරුදු සැත්තෑව සම්පූර්ණ වූ පසු මම නුඹලා ගැන සලකා ආපසු නුඹලාගේ මවුබිමට නුඹලා පැමිණවීමට මා කළ පොරොන්දුව ඉෂ්ට කරන්නෙමි.
කාලයන් ද අවස්ථාවන් ද වෙනස් කරන්නේත්, රජවරුන් පහ කරන්නේත්, පත් කරන්නේත්, පැණවතුන්ට දැනුම හා නැණවතුන්ට නුවණ දෙන්නේත් එතුමාණෝ ය.
එහෙත්, රහස් එළිදරව් කරන දෙවි කෙනෙක් ස්වර්ගයෙහි සිටින සේක. උන් වහන්සේ අනාගතයේ දී සිදු වන්න යන දේ නෙබුකද්නෙශර් රජුට හෙළි කර තිබේ. ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබේ හිසට නැඟුණු ස්වප්නය හා දර්ශනය මෙසේ ය:
ඔබ මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලබන්නෙහි ය. ඔබේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේ ය. ගවයන්ට මෙන් ඔබට තණ කොළ කවනු ලබන්නෙහි ය. ඔබ අහසේ පින්නෙන් තෙමනු ලබන්නෙහි ය. මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත් ඔබ දැනගන්න තුරු, අවුරුදු සතක් ඔබ ගත කරන්නෙහි ය.
නුඹ මනුෂ්‍ය වාසයෙන් පන්නාදමනු ලබන්නෙහි ය. නුඹේ වාසය මෘගයන් සමඟ වන්නේ ය; නුඹට ගවයන්ට මෙන් තණ කොළ කවනු ලබන්නෙහි ය. මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තමයාණන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකුට උන් වහන්සේ එය දෙන බවත් නුඹ දැනගන්න තුරු අවුරුදු සතක් නුඹ එසේ ගත කරන්නෙහි ය.”
තවද, කිසි පෙනීමක් වත්, ඇසීමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී සහ ගලින් සාදන ලද දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කෙළෙහි ය. එහෙත්, ඔබේ ප්‍රාණයටත්, ඉරණමටත් කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කෙළේ නැත.
දාරියුස් රජ ලොව පුරා සිටි සකල ජනයාටත්, ජාතීන්ටත්, හැම භාෂාවක් කතා කරන අයටත් මෙසේ ලියා යැව්වේ ය: “ඔබ හැමට සාමදානය වේ වා!
ඔහු පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව් ජාතිකයෙක්මි. මම මුහුදත්, ගොඩබිමත් මැවූ ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ අදහමි”යි කී ය.