Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 6:25 - Sinhala New Revised Version

25 දාරියුස් රජ ලොව පුරා සිටි සකල ජනයාටත්, ජාතීන්ටත්, හැම භාෂාවක් කතා කරන අයටත් මෙසේ ලියා යැව්වේ ය: “ඔබ හැමට සාමදානය වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 එකල දාරියුස් රජ මුළු පොළොවෙහි වසන සියලු ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා යවනුයේ: නුඹලාට සමාදානය වැඩිවේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 6:25
14 හුවමාරු යොමු  

නෙබුකද්නෙශර් රජ මුළු ලොවේ වාසය කරන සකල ජනයන් හටත්, ජාතීන් හටත්, ඒ ඒ භාෂාවන් කතා කරන සියල්ලන් හටත් මෙසේ නිවේදනය කෙළේ ය: “ඔබට සාමදානය වේ වා!


දෙවි පියාණන් වහන්සේගේ පෙර දැනුම අනුව තෝරාගනු ලැබූ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට කීකරු වීමට හා උන් වහන්සේගේ ලේ ඉසිනු ලැබීමට, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබූ අයට ය. කරුණාවත් ශාන්තියත් ඔබට අධික ලෙස වේ වා!


එකල සිවාන් මාසය වන තුන් වන මාසයේ විසිතුන් වන දා රජුගේ ලේකම්වරු ගෙන්වනු ලැබූ හ. මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස ජුදෙව්වරුන්ට ද රටවල් එකසිය විසිහතක් වූ ඉන්දියාවේ සිට එතියෝපියාව දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ට ද ආණ්ඩුකාරයන්ට ද පළාත්වල අධිපතීන්ට ද ඒ ඒ රටේ අකුරුවලින් සහ ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ජුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන් ද ලියා යවන ලදී.


එවිට පළමු වන මාසයේ දහතුන් වන දා රජුගේ ලේකම්වරුන් කැඳවන ලදුව හාමාන් අණ කළ සියල්ල ලෙස රජුගේ දිශාධිපතීන්ට ද, සියලු රටවල ආණ්ඩුකාරයන්ට ද, ඒ ඒ සෙනඟගේ අධිපතීන්ට ද, ඒ ඒ රටේ අකුරුවලින්, ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් රාජාඥාවක් ලියවා රාජ මුද්‍රාවෙන් යවනු ලැබී ය. අහෂ්වේරොෂ් රජුගේ නමින් එය ලියා රාජ මුද්‍රාව තබන ලදී.


එවිට රජතුමා මේ පිළිතුර යැවී ය: “රෙහුම් ආණ්ඩුකාරයාටත්, ෂිම්ෂයි ලේකම්ටත්, සමාරියේ වාසය කරන ඔවුන්ගේ සෙසු සහකාරයන්ටත්, යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සෙසු අයටත් සෙත් වේ වා!


කරුණාවත්, සාමයත්, ප්‍රේමයත් ඉතා බහුල ලෙස ඔබට වේ වා!


දෙවියන් වහන්සේ ද අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ ද දැනගැන්මෙන්, කරුණාවත් සාමදානයත් බහුල ලෙස ඔබට ලැබේ වා!


එවිට, රාජ ප්‍රකාශකයා මහ හඬින්, “විවිධ භාෂා කතා කරන, සියලු ජාතීන්ගෙන් යුත් ජනයෙනි, මේ රාජාඥවට සවන් දෙන්න.


සාක්ෂිකරු විත්තිකරුට කරන්නට අදහස් කළ දෙය, සාක්ෂිකරු හට ම දිය යුතු ය. මෙලෙස ඔබ, ඔබ අතරෙන් මෙවැනි නපුරුකම් පහකළ යුතු ය.


එසේ හාමාන් විසින් මොර්දෙකයිට සාදන ලද එල්ලුම් ගහේ ම හාමාන් එල්ලා දමනු ලැබී ය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳිණි.


ඔව්හු බිම තැනක ගැඹුරු වළක් හාරා තබති, කැපූ වළෙහි ඔව්හු ම වැටෙති.


සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති.


ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙනු ඇත; දුෂ්ටයා මිදෙනු වෙනුවට විපතට පත් වෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්