ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් 2:23 - Sinhala New Revised Version

ඒ කාරණය විභාග කළ කල්හි එය සැබෑ බව පෙනී ගිය නිසා, ඒ දෙදෙනා ගසක එල්ලා මරනු ලැබූ හ. මේ සිද්ධිය රජුගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ රජු ඉදිරියේ දී සටහන් කරන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ කාරණය විභාගකළ කල්හි සැබෑ බව පෙනීගිය නිසා ඔවුන් දෙදෙනා ගසක එල්ලනු ලැබූහ. ඒ කාරණය රජු ඉදිරියේදී ලේකම් පොතෙහි ලියා තබනලද්දේය.

පරිච්ඡේදය බලන්න



එස්තර් 2:23
11 හුවමාරු යොමු  

දින තුනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර, ඔබ ගසක එල්ලන්නේ ය. කුරුල්ලෝ ඔබේ සිරුරෙන් මස් කොටා කන්නෝ ය”යි කී ය.


එහෙත්, ඔහු පූප සාදන්නන්ගේ ප්‍රධානියා එල්ලාදැමී ය. මෙසේ ජෝසෙප් ඔවුන්ට තේරුම් කර දුන් ලෙස ම සියල්ල සිදු විය.


ඔබේ පියවරුන්ගේ ලේඛනාගාරයේ වාර්තා පොත විභාග කරන පිණිස ඔබ තුමාට දන්වා එවමු. මෙසේ ඔබ වාර්තා පොතෙහි සොයා බැලුවොත්, මේ නගරය කැරලිකාර, රජුටත් රටවලටත් අලාභ හානි කරන නගරයක් බවත්, පෙර සිට ම එහි ද්‍රෝහිකම්වලට තුඩු දීම් සිදු වූ බවත්, එම කාරණය නිසා ඒ නගරය වනසනු ලැබූ බවත් ඔබට දැනගන්නට ලැබෙනු ඇත.


ඔහු කළ සියලු බලවත් තෙදවත් ක්‍රියා ද රජු විසින් උසස් කරන ලද මොර්දෙකයිගේ ගරු බුහුමන් පිළිබඳ විස්තර ද මේදියාවේත්, පර්සියාවේත් රජවරුන්ගේ වාර්තා පොතෙහි ලියා තිබෙනු නොවේ ද?


එකල ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුගේ සියලු මිත්‍රයෝ ද ඔහුට කතා කොට, “මීටර් විසිදෙකක් උස එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි එහි එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කතා කර, ඉන්පසු රජු සමඟ මංගල භෝජනයට ප්‍රීතියෙන් යන්නැ”යි කීවෝ ය. ඒ කීමට හාමාන් ප්‍රසන්න ව එල්ලුම් ගහ ඉදි කරවී ය.


එදා රාත්‍රියේ රජුට නින්ද නොගියේ ය. එබැවින් ඔහු සිහි කටයුතු සිදුවීම් පිළිබඳ වාර්තා පොත ගෙනෙන්නට අණ කෙළේ ය. එය රජු ඉදිරියෙහි කියවන ලද්දේ ය.


එසේ හාමාන් විසින් මොර්දෙකයිට සාදන ලද එල්ලුම් ගහේ ම හාමාන් එල්ලා දමනු ලැබී ය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳිණි.


එකල සමිඳාණන් වහන්සේට ගරුබිය දැක්වූ අය එකිනෙකා සමඟ කතා කරගත් විට සමිඳාණන් වහන්සේ ඔවුන් කී දේට සවන් දුන් සේක. සමිඳාණන් වහන්සේට බිය වන්නා වූ ද උන් වහන්සේට ගෞරව කරන්නා වූ ද අය සම්බන්ධයෙන් උන් වහන්සේ ඉදිරියේ පොතක සටහනක් ලියන ලද්දේ ය.


ඔව්හු ආයි රජු සවස දක්වා ගසක එල්ලා තැබුවෝ ය; ඉර බසින වේලාවේ ජෝෂුවාගේ අණ පිට ඔහුගේ මළකඳ ගසින් බා, නගරයට පිවිසෙන දොරකඩ ළඟ හෙළා, ඒ පිට මහ ගල් ගොඩක් ගැසුවෝ ය. එය අද දවස දක්වා තිබේ.