Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 5:14 - Sinhala New Revised Version

14 එකල ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුගේ සියලු මිත්‍රයෝ ද ඔහුට කතා කොට, “මීටර් විසිදෙකක් උස එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි එහි එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කතා කර, ඉන්පසු රජු සමඟ මංගල භෝජනයට ප්‍රීතියෙන් යන්නැ”යි කීවෝ ය. ඒ කීමට හාමාන් ප්‍රසන්න ව එල්ලුම් ගහ ඉදි කරවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 එකල ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුගේ සියලු මිත්‍රයෝද ඔහුට කථාකොට: පනස් රියනක් උස ඇති එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි ඒකේ එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කථාකර, ඉන්පසු රජු සමඟ මංගල්‍යයට ප්‍රීතියෙන් පැමිණෙන්නැයි කීවෝය. ඒ කීමට හාමාන් ප්‍රසන්නව එල්ලුම් ගහ සෑදෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 5:14
22 හුවමාරු යොමු  

රජතුමා කතා කරමින්, “රාජාංගණයේ සිටින්නේ කවරෙක් දැ”යි ඇසී ය. ඒ අවස්ථාවේ දී හාමාන් තමා සෑදූ එල්ලුම්ගහේ මොර්දෙකයි එල්ලා දමන්න රජුට කියන පිණිස මැදුරේ පිටත රාජාංගණයට පැමිණ සිටියේ ය.


දුදනා සුදනාගේ වගතුග සොයා, බලා හිඳ, ඔහු මැරීමට සොයයි.


දුගී දුප්පතුන් හෙළා දමන පිණිස ද අවංක අය වනසන පිණිස ද දුදනෝ කඩුව ඇද, දුන්න තැත් කවාගෙන සිටිති.


ඔහුගේ භාර්යාව වන ජෙශෙබෙල් කතා කොට, “දැන් රට පාලනය කරන රජ ඔබ නොවන්නෙහි ද? නැඟිට කෑම කා ඔබේ සිත ප්‍රීති කරගන්න. මම ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ මිදි වත්ත ඔබට ලබා දෙන්නෙමි”යි ඔහුට කීවා ය.


ඒ දිවැසිවරුන් දෙදෙනා මිහි පිට වැසියන්ට පීඩා කළ බැවින්, ඔව්හු ප්‍රීති සන්තෝෂ වෙමින් තමන් අතරේ තෑගි හුවමාරු කරගන්නාහ.


ඔවුන්ගේ පාද ලේ වැගිරීමට යුහුව දුවයි.


මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුසු ය, යන දෙවියන් වහන්සේගේ නියෝගය දැන දැනත් ඒ දේ ම කරති. එපමණක් නොව, ඒ දේ කරන අයට අනුබල ද දෙති.


නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.


මේ මිනිස්සු තමන්ට ම උගුල් අටවාගනිති; තමන්ගේ ම විනාශයට උපා යොදති.


විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති.


සැබැවින් ම තම භාර්යාව වන ජෙශෙබෙල් විසින් පොළඹවනු ලැබ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරන්න භාර වූ ආහබ්ට සමාන කිසිවෙක් නොසිටියේ ය.


අහිතොපෙල් අබ්සලොම්ට පිළිතුරු දෙමින්, “ඔබේ පියාණන්ගේ ගෙදර ප්‍රවේසම් කරන පිණිස සිටුවා ගිය ඔහුගේ උපභාර්යාවන් වෙත පිවිසෙන්න; එවිට සියලු ඉශ්රායෙල්වරු ඔබේ පියාණන්ට ඔබ පිළිකුලක් ව සිටින බව අසන්නෝ ය. එකල්හි ඔබ සමඟ සිටින සියල්ලෝ ශක්තිසම්පන්න වන්නෝ ය”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්