ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 34:11 - Sinhala New Revised Version

“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම ම මාගේ බැටළුවන් ගැන සොයා බලා, උන් රැකබලාගන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම ම මාගේ බැටළුවන් ගැන සොයා බලා, උන් රැකබලාගන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මමම මාගේ බැටළුවන් ගැන විභාගකර, උන් බලාගන්නෙමි.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 34:11
24 හුවමාරු යොමු  

අහස යට සියලු සත්ත්වයන් වනසාලන පිණිස මම පොළෝ තලය මත ජලගැල්මක් පමුණුවන්නෙමි. එවිට පොළොව පිට ඇති සියලු දේ වැනසී යන්නේ ය.


නැති වූ බැටළුවෙකු මෙන් මම මුළා ව ගියෙමි. ඔබේ මෙහෙකරුවා වන මා සොයා එනු මැනව. මම ඔබේ ආඥා අමතක නොකරමි.


ජෝසෙප්ගේ පරපුර බැටළු රැළක් මෙන් ගෙන යන ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව.


පොළොව නිර්මාණය කෙළේ මම ය; ඒ පිට මිනිසුන් මැව්වේ මම ය; අහස විදහා පෑවේ මම ය; ආකාශ වස්තූන් හසුරුවන්නේත් මම ය,


ඔහුට කතා කොට, ඔහු කැඳවූ තැනැන් වහන්සේ මම ය. ඔහුට මඟපෙන්වා ජය අත්කර දුන්නේ මම ය.


සමිඳාණෝ මෙසේ වදාරන සේක. “නුඹලා සනසන්නේ මම ය. මැරී යන තණ මෙන් පහ ව යන මිහි පිට මිනිසාට නුඹ බිය විය යුත්තේ කුමකට ද?


පිට කරනු ලැබූ ඉශ්රායෙල්වරුන් එකතු කරන මහෝත්තම දෙවි සමිඳාණෝ, ‘ඔවුන් වෙත එකතු වී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙත එකතු කරන්නෙමි’යි වදාරන සේක.”


එහෙත්, මාගේ රැළෙන් ඉතිරි වන්නන් මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු දේශවලින් මම ම රැස් කර නැවත ඔවුන්ගේ ගාලට ගෙනෙන්නෙමි; ඔව්හු බෝ වී වැඩි වන්නෝ ය.


බලන්න, උතුරු දේශයෙන් මම ඔවුන් ගෙනෙන්නෙමි; පොළොවේ ඉතා දුර තැන්වලින් ඔවුන් රැස් කරන්නෙමි; අන්ධයන් හා කොරුන් ද ගර්භණීන් හා ප්‍රසව වේදනාව විඳින කාන්තාවන් ද ඔවුන් සමඟ පැමිණෙනු ඇත. ඔවුන් මහත් සමූහයක් ව හැරී එනු ඇත.


එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ජාතීන් අතරෙන් නුඹලා එකතු කර, නුඹලා විසිර සිටින දේශවලින් නුඹලා රැස් කොට ඉශ්රායෙල් රට නුඹලාට දෙන්නෙමි.


මා ජනයන් අතරෙන් නුඹලා පිටතට පමුණුවා, නුඹලා විසිරී සිටින දේශවලින් රැස් කළ කල්හි, මිහිරි සුවඳක් කොට නුඹලා පිළිගෙන, නුඹලා මඟින් විජාතීන් ඉදිරියෙහි මා ශුද්ධවන්ත බව පෙන්වන්නෙමි.”


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න ජෙරුසලම, මම-මම වුව ද, නුඹට විරුද්ධ වෙමි. විජාතීන්ගේ ඇස් හමුයෙහි නුඹ පිට දඬුවම් පමුණුවන්නෙමි.


‘එම්බා ඉශ්රායෙල්හි කඳු, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ පණිවුඩය අසන්නැ’යි කියන්න. කඳුවලටත්, මිටියාවත්වලටත්, නිම්නවලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මෙන්න, මම, මම ම, නුඹලා පිට කඩුවක් පමුණුවා, නුඹලාගේ කඳු මත පූජාස්ථාන නැති කරන්නෙමි.


මම එප්‍රායිම්ට සිංහයෙකු මෙන් ද ජුදාට සිංහ නාම්බෙකු මෙන් ද වන්නෙමි. මම, මම ම ඔවුන් පිටට කඩාපැන ඔවුන් ඉරාදමා ඇදගෙන යන්නෙමි. කිසිවෙකුට ඔවුන් ගැළවිය නොහැකි ය.


මම ද කෝපාවිෂ්ට ව නුඹලාගේ පාප නිසා නුඹලාට තව හත් ගුණයකින් දරුණු ලෙස දඬුවම් කරමි.


“එඬේරුන්ට විරුද්ධ ව මාගේ උදහස ඇවිළී තිබේ. මම ඔවුන්ගේ මූලිකයන්ට දඬුවම් කරමි. එබැවින් සියලු බලැති සමිඳාණන් වහන්සේ ජුදාහි සෙනඟ වන බැටළු රැළ ආරක්ෂා කරන සේක. ඔව්හු උන් වහන්සේගේ බලවත් යුද්ධ අශ්වයන් මෙන් වන්නෝ ය.


ඒ දවස පැමිණි විට, එඬේරෙකු සිය රැළ ආරක්ෂා කරන ලෙස උන් වහන්සේ තමන්ගේ සෙනඟ ආරක්ෂා කරන සේක. ඔටුන්නක ඇති මැණික් මෙන් උන් වහන්සේගේ දේශයේ ඔව්හු බබළන්නෝ ය.


මනුෂ්‍ය-පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නට ද ගළවාගන්නට ද වැඩම කළ සේකැ”යි වදාළ සේක.


“යහපත් එඬේරා මම වෙමි. යහපත් එඬේරා, තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේ ය.


තවද, මේ රැළට අයිති නොවූ අන් බැටළුවෝ ද මට ඇත්තාහ. මා ඔවුන් ද ගෙන ආ යුතු ය. ඔව්හු මාගේ හඬට ඇහුම්කන් දෙති. මෙසේ එක රැළක් ද එක එඬේරෙක් ද වන්නාහ.


බලන්න, මම, මම පමණක්, දෙවියන් වහන්සේ වෙමි. මා හැර අන් දෙවි කෙනෙක් නැත. දිවි දෙන්නෙත්, දිවි නසන්නෙත් මම ය. තුවාළ කරන්නෙත්, සුව කරන්නෙත් මම ය, මා අතින් යමෙකු ගළවන්නට හැකි කිසිවෙක් නැත.