Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 10:3 - Sinhala New Revised Version

3 “එඬේරුන්ට විරුද්ධ ව මාගේ උදහස ඇවිළී තිබේ. මම ඔවුන්ගේ මූලිකයන්ට දඬුවම් කරමි. එබැවින් සියලු බලැති සමිඳාණන් වහන්සේ ජුදාහි සෙනඟ වන බැටළු රැළ ආරක්ෂා කරන සේක. ඔව්හු උන් වහන්සේගේ බලවත් යුද්ධ අශ්වයන් මෙන් වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 “එඬේරුන්ට විරුද්ධ ව මාගේ උදහස ඇවිළී තිබේ. මම ඔවුන්ගේ මූලිකයන්ට දඬුවම් කරමි. එබැවින් සියලු බලැති සමිඳාණන් වහන්සේ ජුදාහි සෙනඟ වන බැටළු රැළ ආරක්ෂා කරන සේක. ඔව්හු උන් වහන්සේගේ බලවත් යුද්ධ අශ්වයන් මෙන් වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මාගේ උදහස එඬේරුන්ට විරුද්ධව ඇවිළී තිබේ, මම එළුවන්ගෙන් පිරිමි සතුන්ට දඬුවම්කරන්නෙමි. මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ තමන්ගේ රැළවූ යූදා වංශය බලා, යුද්ධයේදී ඔවුන් තමන්ගේ ශෝභන සෛන්ධවයා මෙන් කරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 10:3
28 හුවමාරු යොමු  

“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ එඬේරුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න. දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට එනම්, එඬේරුන්ට කියන්න. තමන් ම පෝෂණය කරගන්න ඉශ්රායෙල් එඬේරුනි, නුඹලාට වන විපතක මහත! නුඹලා බැටළුවන් පෝෂණය කළ යුතු නොවන්නහු ද?


රැළ අත්හැර ගිය ඒ පලක් නැති එඬේරාට වන විපතක මහත! යුද්ධය කරණකොටගෙන ඔහුගේ අතට සහ දකුණු ඇසට පහර වැදෙන්නේ ය. ඔහුගේ අත් වියළී යන්නේ ය; ඇස් ද අන්ධ වන්නේ ය.”


ජුදාහි ඉතිරි ව සිටින කුඩා පිරිස මුහුදුබඩ දේශය අයිතිකර ගනිති. ඔවුන් තමන්ගේ බැටළුවන් එහි පෝෂණය කරනු ඇත; සවස අෂ්කෙලොන්හි ගෙවල නිදාගනු ඇත. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිට ඔවුන්ට සෞභාග්‍යය අත් කරදෙනු ඇත.


“නායකයෙනි, කෑ මොරගසන්න; සෙනඟගේ ප්‍රධානියෙනි, අළුවල පෙරළී හඬන්න. මාරක විපත් කාලය ද විසිර යෑමේ කාලය ද ළඟා වී ඇත. තෝරාගත් බැටළුවන් මෙන් නුඹලා ඝාතනය කරනු ලබන්නහු ය.


යුද බිමෙහි අශ්ව සේනාව සැරසී සිටියත්, ජයශ්‍රීය එන්නේ සමිඳුන්ගෙනි.


ඔබ නපුර කරන්නෝ යයි විජාතිකයන් ඔබට විරුද්ධ ව කතා කරන නමුත්, ඔවුන් ඔබගේ යහපත් ක්‍රියා දැක විනිශ්චය දවසේ දී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතර යහපත් හැසිරීමකින් කල් යවන්න.


“ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන්, සිය සෙනඟ වෙත බලා කරුණාවෙන්, විමුක්තිය සලසා දුන් බැවින්, එතුමන් හට තුති පැසසුම් වේ වා!


ඉශ්රායෙල් දේශයේ අස්වැන්න සරු කිරීමෙන් තම සෙනඟට සමිඳාණන් වහන්සේ පිහිට වූ බව නයෝමිට ආරංචි විය. එහෙයින්, ඈ මෝවබ් දේශය අත්හැර තම ලේලීන් දෙදෙනා සමඟ එහි යෑමට සූදානම් වූවා ය.


සෙනඟ ද ඔවුන් විශ්වාස කළහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව බලන්නට පැමිණ, ඔවුන් විඳින දුක බලා එය තේරුම්ගත් නිසා, ඔව්හු හිස නමා නමස්කාර කළහ.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ පූජාව ඔප්පු කරන දවසේ දී අධිපතීන්ට ද රජුගේ පුත්‍රයන්ට ද විදේශීය ඇඳුම් අඳින සියල්ලන්ට ද මම දඬුවම් කරන්නෙමි.


“මාගේ සෙනඟ නැති වූ බැටළුවන් මෙන් වෙති. ඔවුන්ගේ එඬේරු ඔවුන් මුළා කර කඳුවල නැති වී යන්නට සැලැස්සුවෝ ය. ඔව්හු කන්දෙන් කන්දට ඇදී යමින් ඔවුන්ගේ ලැගුම් ගාල මතක නැති කළෝ ය.


තවද, සැත්තෑ අවුරුද්දක් ගත වූ පසු, බබිලෝනියේ රජුටත්, ඒ ජාතියටත් ඔවුන්ගේ අයුතුකම් නිසා මම දඬුවම් කරන්නෙමි. ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.


“මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි. යෞවනයෝ කඩුවෙන් මැරුම් කන්නෝ ය; ඔවුන්ගේ පුත්‍රයෝ ද දූවරු ද සාගතයෙන් මැරෙන්නෝ ය.


ජෙරමියා පිළිතුරු දෙමින් මෙසේ කී ය: “ඔබේ නායකයෝ මෝඩයෝ ය. ඔව්හු සමිඳාණන් වහන්සේගෙන් කරුණු නොවිමසති. ඔවුන් දියුණු නොවුණේ එබැවිනි. ඔවුන්ගේ බාරයේ සිටි සෙනඟ ද විසිර ගොස් ඇත.


උඩ සිටින, ඉහළ අහසේ බල මණ්ඩලවලටත්, පොළොවේ සිටින පාලකයන්ටත්, සමිඳුන් දඬුවම් කරන කාලයක් පැමිණෙන්නේ ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සියොන් කන්දෙහි හා ජෙරුසලමෙහි මා කරන දේ නිම කළ පසු අසිරියාවේ රජුගේ පාරට්ටුවත්, අහංකාරයත් නිසා මම ඔහුට දඬුවම් කරමි.”


මාගේ සුන්දරිය, අශ්ව ධේනුවක පාරාවෝගේ රථවල අශ්වයන් කුල්මත් කරන සේ ඔබ මිනිසුන් කුල්මත් කරන්නෙහි ය.


එඬේරෙකු තමාගේ බැටළු රැළෙන් විසිර ගිය සමහරෙකු සොයා යන්නාක් මෙන් මමත් මාගේ බැටළුවන් සොයා ගොස්, මීදුම සහ අන්ධකාරය ඇති දවසේ දී උන් විසිරී ගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි.


ගිවිසුමට ද්‍රෝ‍්හිවන්නන් ඔහු ඉච්ඡා බසින් දිනාගන්නේ ය. එහෙත්, තමන්ගේ දෙවියන් වහන්සේ හඳුනන අය ස්ථිර ව සිට ඔහුට විරුද්ධ ව නැඟී සිටින්නෝ ය.


ඌ වේගයෙන් දුවයි. පැතිරී යන හොරණෑ හඬ ඇසෙන විට, ඌට නිසල ව සිටිය නොහැකි ය. ඒ ඒ හොරණෑ හඬට ඌ සතුටු හඬ නඟයි. සටන ද සෙනෙවියන් අණ දෙන හඬ ද ඌ ඉව අල්ලා දුර දී ම දැන ගනියි.


“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම ම මාගේ බැටළුවන් ගැන සොයා බලා, උන් රැකබලාගන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්