එසකියෙල් 27:12 - Sinhala New Revised Version සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂිෂ් නුඹ සමඟ වෙළෙඳාම් කළහ. ඔව්හු රිදී ද යකඩ ද ඊයම් ද බෙලෙක් ද ගනුදෙනු කළහ. Sinhala New Revised Version 2018 සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂිෂ් නුඹ සමඟ වෙළෙඳාම් කළහ. ඔව්හු රිදී ද යකඩ ද ඊයම් ද බෙලෙක් ද ගනුදෙනු කළහ. Sinhala Revised Old Version සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂීෂ් නුඹේ වෙළෙන්දෙක්ව සිටියාය; ඔව්හු රිදීවලින්ද යකඩවලින්ද බෙලෙක්වලින්ද ඊයම්වලින්ද නුඹ සමඟ ගනුදෙනුකළෝය. |
මන්ද, මුහුදු යාත්‍රා කරන හීරාම්ගේ නැව් කණ්ඩායම සමඟ වෙළෙඳ නැව් කණ්ඩායමක් රජුට විය. ඒ වෙළෙඳ නැව්වලින් රන් ද රිදී ද ඇත් දත් ද වඳුරන් හා රිළවුන් ද තුන් අවුරුද්දකට වරක් ගෙනාවේ ය.
ජෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර් නගරයට යෑමට තර්ෂීෂ් නැව් සෑදී ය. එහෙත්, ඒවා එහි ගියේ නැත. මන්ද, ඒ නැව් එශියොන් ගෙබර් නම් ස්ථානයෙහි දී විනාශ වූ බැවිනි.
මන්ද, හූරාම්ගේ සේවකයන් සමඟ තර්ෂිෂ්ට යන නැව් රජුට තිබිණි. ඒ තර්ෂිෂ් නැව්වලින් රන් ද රිදී ද ඇත් දත් ද වඳුරන් ද රිළවුන් ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද බැවිනි.
තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය; ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය;
පිනීසියේ සෙනඟෙනි, ශෝකයෙන් කෑමොරගසන්න. නුඹලා තර්ෂිෂ් වරායට පලා යන්න උත්සාහ කරන්නහු ද?
මුහුදුබඩ වසන්නෝ මාගේ පැමිණීම බලා සිටිති. නැව් තර්ෂිෂ්හි සිට පැමිණෙනු ඇත. දුර සිට නුඹේ පුත්‍රයන් ද ඔවුන් සමඟ රන් රිදී ද ඒ නැව් ගෙනෙනු ඇත. නුඹේ දෙවි සමිඳුන්ට එනම්, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේට ගරු කරන පිණිස ඒ නැව් පැමිණෙයි. මන්ද, එතුමාණන් නුඹ මහිමයට පත් කර තිබෙන බැවිනි.
තර්ෂිෂ් රටෙන් ගෙනා රිදී තහඩුවලින් ද ඕපීර් රටෙන් ගෙනා රත්රන්වලින් ද ඒ රූප සාදා ඇත. ඒවා සාදා ඇත්තේ, කැටයම්කරුවන්ගේ හා රන්කරුවන්ගේ අතින් ය. ඒවා දක්ෂ කම්කරුවන් විසින් නිල් හා දම් පැහැති රාජකීය ඇඳුමෙන් පළඳවනු ලැබ ඇත.
අර්වද්හි පුත්‍රයෝ ද නුඹේ සේනාව ද නුඹේ පවුරු පිට වටේට සිටියෝ ය. ගම්මද්හි මනුෂ්‍යයෝ නුඹේ කොත්වල සිටියෝ ය. ඔව්හු තමන්ගේ පලිස් නුඹේ පවුරුවල වටේට එල්ලා තැබුවෝ ය; ඔව්හු නුඹේ ශෝභාව පරිපූර්ණ කළෝ ය.
ජාවාන් ද තුබල් ද මෙෂෙක් ද නුඹේ වෙළෙඳුන් ව සිට නුඹ සමඟ වහලුන් ද ලෝකඩ භාණ්ඩ ද වෙළෙඳ බඩු මෙන් හුවමාරු කරගත්හ.
නුඹේ බොහෝ වෙළෙඳ බඩු නිසා සිරිය නුඹේ වෙළෙන්දෝ වූ හ. ලෝහිතංකවලින් ද රත්නිල් රෙදිවලින් ද ඔව්හු වැඩදැමූ රෙදිවලින් ද සිහින් රෙදිවලින් ද පබළුවලින් ද රතුකැටවලින් ද නුඹ සමඟ ගනුදෙනු කළෝ ය.
නුඹේ බොහෝ වෙළෙඳාම් නිසාත්, නුඹේ සියලු සම්පත්වල අධිකකම නිසාත් දමස්කය නුඹ සමඟ හෙල්බොන්හි මුද්‍රික පානය ද සහර්හි සුදු ලොම් ද වෙළෙඳාම් කළෝ ය.
නුඹේ බඩු මුහුද මඟින් ගෙනයනු ලැබූ කල නුඹ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහි ය; නුඹේ බහුල සම්පතින් ද සාර්ථක වෙළෙඳාමෙන් ද නුඹ පොළොවේ රජුන් පොහොසත් කෙළෙහි ය.
නුඹේ වෙළෙඳාම වැඩි වීම හේතුකොටගෙන අදමිටුකමින් නුඹේ සිත පිරී නුඹ පව් කෙළෙහි ය. එබැවින් නුඹ කෙලෙසූ දෙයක් මෙන් දෙවියන් වහන්සේගේ කන්දෙන් මම නුඹ නෙරපාදැමුවෙමි; නුඹ ආරක්ෂක කෙරුබ්වරයා ද ගිනි අඟුරු අතරෙන් පන්නාදැමුවෙහි ය.
නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළෙඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩි කරගෙන සිටින බැවින්, නුඹේ සම්පත් නිසා නුඹේ සිත උඩඟු වී තිබේ.
ෂෙබාවරු සහ දෙදාන්වරු ද තර්ෂිෂ්හි වෙළෙන්දෝ ද එහි අධිපතියෝ ද නුඹට කතා කොට, ‘නුඹ කොල්ලකන්න පැමිණියෙහි ද? නුඹේ සේනාව නුඹ රැස් කරගන්නේ සම්පත් උදුරා ගනිමින්, රන් රිදී රැගෙන, සිව්පාවුන් ද සම්පත් ද අල්ලා, බොහෝ කොල්ල ලබා යන පිණිස දැ’යි අසන්නෝ ය.
එහෙත්, ජෝනා සමිඳාණන් වහන්සේ මඟ හැර පලා යන පිණිස තර්ෂිෂ්ට යන්නට පිටත් විය. ඒ සඳහා ඔහු ජොප්පාවට ගියේ ය. එහි දී ඔහුට තර්ෂිෂ්ට යන නැවක් හමු වී, ඊට ගාස්තුව ගෙවා සමිඳාණන් වහන්සේ වෙතින් පලා යන පිණිස තර්ෂිෂ් බලා යන නැවකට නැඟුණේ ය.
ඒ බඩු නම්, රන් රිදී භාණ්ඩ, මුතු මැණික්, සිනිඳු රෙදි, රත්නිල් වස්ත්‍ර, පට රෙදි, රතු විල්ලූද, නා නා විධ සුවඳ දැව, ඇත් දත් බඩු, ඉතා අනර්ඝ ලීයෙන් ද ලෝකඩින් ද යකඩින් ද කිරිගරුඬෙන් ද සෑදූ විවිධ බඩු,