Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 27:11 - Sinhala New Revised Version

11 අර්වද්හි පුත්‍රයෝ ද නුඹේ සේනාව ද නුඹේ පවුරු පිට වටේට සිටියෝ ය. ගම්මද්හි මනුෂ්‍යයෝ නුඹේ කොත්වල සිටියෝ ය. ඔව්හු තමන්ගේ පලිස් නුඹේ පවුරුවල වටේට එල්ලා තැබුවෝ ය; ඔව්හු නුඹේ ශෝභාව පරිපූර්ණ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 අර්වද්හි පුත්‍රයෝ ද නුඹේ සේනාව ද නුඹේ පවුරු පිට වටේට සිටියෝ ය. ගම්මද්හි මනුෂ්‍යයෝ නුඹේ කොත්වල සිටියෝ ය. ඔව්හු තමන්ගේ පලිස් නුඹේ පවුරුවල වටේට එල්ලා තැබුවෝ ය; ඔව්හු නුඹේ ශෝභාව පරිපූර්ණ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 අර්වද්හි පුත්‍රයෝද නුඹේ සේනාවද නුඹේ පවුරු පිට වටේට සිටියෝය, ගම්මද්හි මනුෂ්‍යයෝ නුඹේ කොත්වල සිටියෝය. ඔව්හු තමුන්ගේ පලිස් නුඹේ පවුරුවල වටේට එල්ලා තැබුවෝය; ඔව්හු නුඹේ රුව සම්පූර්ණකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 27:11
5 හුවමාරු යොමු  

ඔබේ ගෙල බලවතුන්ගේ පලිස් දහසක් එල්ලා තිබෙන ආයුධ තැබීමට ගොඩනැඟුවා වූ දාවිත් රජුගේ කොත මෙන් ය.


සීදොන්හි සහ අර්වද්හි වැසියෝ නුඹේ හබල්කාරයන් ව සිටියෝ ය. එම්බා තීර්! නුඹ තුළ සිටි නුඹේ ප්‍රඥාවන්තයෝ නුඹේ නාවිකයෝ වූ හ.


පාර්සිවරු ද ලුද්වරු ද පූට්වරු ද යුද සෙබළුන් මෙන් නුඹේ සේනාවෙහි සිටියෝ ය. ඔව්හු නුඹේ යුද්ධකාරයෝ ය. ඔව්හු පලිස් ද යුද්ධ තොප්පි ද නුඹ තුළ එල්ලා, නුඹේ ශෝභනකම දැක්වූ හ.


සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂිෂ් නුඹ සමඟ වෙළෙඳාම් කළහ. ඔව්හු රිදී ද යකඩ ද ඊයම් ද බෙලෙක් ද ගනුදෙනු කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්