Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 23:10 - Sinhala New Revised Version

10 තර්ෂිෂ්හි වැසියෙනි, ගොස් දේශය වගා කරන්න, නුඹලා ආරක්ෂා කරන්න දැන් කිසිවෙක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 තර්ෂිෂ්හි වැසියෙනි, ගොස් දේශය වගා කරන්න, නුඹලා ආරක්ෂා කරන්න දැන් කිසිවෙක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එම්බා තර්ෂිෂ්හි දියණියෙනි, නයිල් ගංගාව මෙන් නුඹේ දේශයෙහි පැතිරෙන්න; නුඹ අවටින් බැම්මක් තවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 23:10
11 හුවමාරු යොමු  

තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න. මන්ද, නුඹලා විශ්වාසය තැබූ නගරය විනාශකර ඇත.


මාගේ ඉඟටිය බලයෙන් පළඳවන්නෝ දෙවිඳාණෝ ය. මාගේ මාර්ගය සර්ව සම්පූර්ණ කරන්නෝත් එතුමාණෝ ය.


එතුමාණෝ රජ කුමරුන් අවමානයට ලක් කරන සේක; වංශාධිපතීන්ගේ අභිමානය බිඳ හෙළ‍න සේක.


එවිට සාවුල් එකෙණෙහි ම බිම වැතිර සාමුවෙල් කී දේ නිසා අතිශයෙන් බියට පත් විය. ඔහු එදා මුළු දවාලෙහි වත්, රාත්‍රියෙහි වත් කෑම නොකෑ නිසා දුර්වල ව සිටියේ ය.


අප අනාථ ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ පව්කාරයන් උදෙසා නියමිත කාලයේ දී සිය දිවි පිදූ සේක.


රාජ්‍යයන්ගේ සිහසුන් පෙරළාදමා, ජාතීන්ගේ ආණ්ඩු බලය නැති කරන්නෙමි. මම රථ සහ ඒවායේ නැඟී යන්නන් පෙරළා දමන්නෙමි, අශ්වයන් මරන්නෙමි. උන් පිට යන්නෝ එකිනෙකා තම තමා කඩුවෙන් මරාගනිති.’


සියොන් පුරඟනගේ මුළු මහිම‍ශ්‍රීය ඇගෙන් පහ ව ගොස් ඇත. ඇගේ අධිපතීහු ගොදුරු නැති මුවන්ට සමාන ය. ලුහුබැඳ එන්නා කෙරෙන් පලා යමින් ඔවුහු බෙලහීන වී සිටිති.


නයිල් ගං තෙරේ තිබෙන පැළෑටි ද ගඟ අසබඩ වපුරන සියල්ල ද වේළී වැනසී යන්නේ ය.


ඔවුන් කළ දේ නිසා ඔවුන්ගේ අහංකාරය නැත්තටම නැති කරන පිණිසත්, ගරුබුහුමන් ලත් සෙනඟ නින්දාවට පමුණුවන පිණිසත් මෙසේ යෝජනා කෙළේ සව් බලැති සමිඳාණෝ ය.


සමිඳුන් ස්වකීය හස්තය මුහුද හරහා දිගු කොට රට රාජ්‍යයන් බිඳ හෙළා ඇත. කානාන්හි සවිමත් පවුරු විනාශ කරන ලෙස එතුමන් අණකර ඇත.


දැන් ද්වීප වැසියෝ නුඹේ වැටීමේ දවසේ දී වේවුළති; එසේ ය, මුහුදේ සිටින ද්වීප වැසියෝ නුඹේ විනාශය ගැන තැතිගන්නෝ ය’යි නුඹ ගැන කියනු ඇත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්