ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යයෝ වෙන් ව ගොස් දාවිත් වෙත පාළුකරයේ බලකොටුවට එක් වූවෝ ය. ඔව්හු යුද්ධයට පුහුණු වූ, පලිහත් හෙල්ලයත් දරන්න සමර්ථ වූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇති වේගවත්කමින් කඳුවල තිත් මුවන්ට සමාන වූ මනුෂ්‍යයෝ ය.
එසකියෙල් 1:10 - Sinhala New Revised Version ඔවුන්ගේ මුහුණුවල පෙනීම මෙසේ ය: ඔවුන් සතරදෙනාට ඉදිරියෙන් මිනිස් මුහුණක් ද දකුණු පැත්තෙන් සිංහ මුහුණක් ද වම් පැත්තෙන් ගව මුහුණක් ද රාජාලියෙකුගේ මුහුණක් ද තිබිණි. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ මුහුණුවල පෙනීම මෙසේ ය: ඔවුන් සතරදෙනාට ඉදිරියෙන් මිනිස් මුහුණක් ද දකුණු පැත්තෙන් සිංහ මුහුණක් ද වම් පැත්තෙන් ගව මුහුණක් ද රාජාලියෙකුගේ මුහුණක් ද තිබිණි. Sinhala Revised Old Version ඔවුන්ගේ මුහුණුවල ස්වරූපය මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය මුහුණක්ද ඔවුන් සතරදෙනාට දකුණු පැත්තේ සිංහ මුහුණක්ද ඔවුන් සතරදෙනාට වම් පැත්තේ ගව මුහුණක්ද ඔවුන් සතරදෙනාට රාජාලි මුහුණක්ද බැගින් තිබුණේය. |
ගාද්වරුන්ගෙනුත් බලවන්ත මනුෂ්‍යයෝ වෙන් ව ගොස් දාවිත් වෙත පාළුකරයේ බලකොටුවට එක් වූවෝ ය. ඔව්හු යුද්ධයට පුහුණු වූ, පලිහත් හෙල්ලයත් දරන්න සමර්ථ වූ, සිංහ මුහුණු වැනි මුහුණු ඇති වේගවත්කමින් කඳුවල තිත් මුවන්ට සමාන වූ මනුෂ්‍යයෝ ය.
එහෙත්, සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝ ය; රාජාලීන් මෙන් පියාපත් විදහා යන්නෝ ය; ඔව්හු දුවන්නෝ ය; එහෙත්, වෙහෙස නොවන්නෝ ය; ඇවිදින්නෝ ය; එහෙත්, ක්ලාන්ත නොවන්නෝ ය.
ඔවුන්ගේ පෙනුම මෙසේ ය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූප තිබුණේ ය. ඔවුන් එකිනෙකාට මුහුණු සතරක් ද පියාපත් සතරක් ද තිබිණි. ඔවුන්ට ඇද නැති පාද තිබිණි.
එක් එක් කෙරුබ්වරයාට මුහුණු සතරක් විය. පළමු වන මුහුණ කෙරුබ්වරයෙකුගේ මුහුණකි, දෙ වන මුහුණ මනුෂ්‍ය මුහුණකි, තුන් වන එක සිංහ මුහුණකි, සතර වන එක රාජාලි මුහුණකි.
එනම්, එක පැත්තක තල් ගහ දෙසට මනුෂ්‍ය මුහුණක් ද අනික් පැත්තෙහි තල් ගහ දෙසට තරුණ සිංහ මුහුණක් ද තිබුණේ ය. වටකර මුළු ගෘහයෙහි එසේ සාදා තිබුණේ ය.
පළමු වන මෘගයා සිංහයෙකු වැනි ය; ඌට රාජාලි පියාපත් තිබුණේ ය. මා බලා සිටිය දී උගේ පියාපත් උදුරාදමා, පොළොවෙන් ඔසවා මනුෂ්‍යයෙකු මෙන් පාද දෙකකින් ඌ සිටවනු ලැබී ය; මනුෂ්‍ය සිතක් ද ඌට දෙන ලද්දේ ය.
දකුණු දිශාවට රූබන්ගේ කඳවුරේ ධජයට අයිති සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා ෂෙදෙයුර්ගේ පුත් එලිශූර් වනු ඇත.
බටහිර දිශාවට එප්‍රායිම්ගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා අම්මිහුද්ගේ පුත් එලිෂාමා වනු ඇත.
උතුරු දිශාවට දාන්ගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. තවද, මොහුගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ ප්‍රධානියා අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් වනු ඇත.
පෙරදිග, ඉර උදා වන පැත්තේ ජුදාගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. ජුදාගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් වනු ඇත.
එලෙස ම පසුතැවී සිත හරවා ගන්නා වූ එක පව්කාරයකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් අතර ප්‍රීතිය ඇති වන්නේ ය යි මම ඔබට කියමි.”
සහෝදරවරුනි, සිහිබුද්ධියෙන් ළාමක නොවන්න. නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න. සිහිබුද්ධියෙන් වැඩිහිටියන් වන්න.
ඔබට නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්, පොළොවේ බොහෝ දුරස්තර රටක සිට රාජාලියෙකු පියාඹා එන වේගයෙන් ඔබට විරුද්ධ ව පැමිණීමට සමිඳාණන් වහන්සේ සලසන සේක.
පළමු වන සත්ත්වයා සිංහයෙකුට සමාන ය. දෙ වන සත්ත්වයා වස්සෙකුට සමාන ය. තුන් වන සත්ත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබිණි. සතර වන සත්ත්වයා පියාසර කරන රාජාලියෙකුට සමාන ය.
එවිට එක් කුලදෙටුවෙක් මට කතා කර, “නාඬන්න, පොත ඇරීමේ සහ එහි මුද්‍රා සත කැඩීමේ වරම දාවිත්ගේ පෙළපතින් පැවත එන ජුදා ගෝත්‍රයේ සිංහයාණෝ දිනාගත්හ”යි මට කී ය.
සත් වන දවසේ දී ඉර බසින්නට පෙර නුවර වැසියෝ ඔහුට කතා කොට මෙසේ කී හ: “මී පැණිවලට වඩා මිහිරක් ඇද් ද? සිංහයෙකුට වඩා බලවෙතක් ඇද් ද?” සම්සොන් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබ මාගේ නෑම්බිය මඟින් සීසෑවේ නැත්නම්, මාගේ ප්‍රහේලිකාව දැනගන්නට නොහැකි වන්නේ ය.”