Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 2:3 - Sinhala New Revised Version

3 පෙරදිග, ඉර උදා වන පැත්තේ ජුදාගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. ජුදාගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 පෙරදිග, ඉර උදා වන පැත්තේ ජුදාගේ කඳවුරේ ධජයට අයත් සියල්ලන් කණ්ඩායම් වශයෙන් කූඩාරම් ගැසිය යුතු ය. ජුදාගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 නැගෙන ඉර පැත්තෙහි කූඩාරම් ගසා ගන්නෝනම් තමුන්ගේ සේනා ප්‍රකාරයට යූදාගේ අන්දායමේ ධජයට අයිති අයය. යූදා පුත්‍රයන්ගේ අධිපතියා අම්මිනාදාබ්ගේ පුත්‍රවූ නාෂොන් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 2:3
19 හුවමාරු යොමු  

රාම්ට දාව අම්මිනාදාබ් උපන්නේ ය; අම්මිනාදාබ්ට දාව ජුදාගේ පුත්‍රයන්ට අධිපති වූ නාෂොන් උපන්නේ ය.


අම්මිනාදාබ් නාෂොන්ගේ ද නාෂොන් සල්මොන්ගේ ද


ජුදාගේ ගෝත්‍රයෙන් අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය.


ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද,


ජුදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත් වුණේ ය. ඔහුගෙන් අධිපතියා පැවත ආයේ ය. එහෙත්, කුලුඳුල්කම ජෝසෙප්ට අයිති ය.


සහභාගිකමේ පූජාවක් සඳහා ගොනුන් දෙදෙනෙක්, බැටළු වස්සන් පස්දෙනෙක්, එළුවන් පස්දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියන් පස්දෙනෙක් ද වූ හ. අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්ගේ පඬුරු මේවා විය.


පළමු වන දවසේ දී තම පඬුර පූජා කෙළේ ජුදාගේ ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් ය.


ආරොන් අම්මිනාදබ්ගේ දුව වූ නාෂොන්ගේ සහෝදරී වූ එලිෂෙබා බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ලැබුවා ය.


ලියාපදිංචි කරන ලද ඔහුගේ හමුදාව ද හැත්තෑ හාරදාස් හයසියයක් වනු ඇත.


මණ්ඩපයේ ඉදිරිපිට සිට එහි පෙරදිගට එනම්, සම්මුඛ මණ්ඩපයෙන් නැගෙනහිර අංශයට කූඩාරම් ගැසිය යුත්තෝ නම් මෝසෙස්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ වෙති. මොවුන් ඉශ්රායෙල් ජනයා උදෙසා ශුද්ධස්ථානයේ පවත්වන මෙහෙයයන් පිළිබඳ වගකීම දැරිය යුතු ය. අන් කිසිවෙකු ළඟා වුවහොත් ඔහු මරණයට පත් කරනු ලැබේ.


තවද, ඉශ්රායෙල් ඒ රටේ පදිංචි ව සිටිය දී රූබන් ගොස්, තම පියාගේ අනියම් බිරිඳ වන බිල්හා සමඟ සැතපුණේ ය. ඉශ්රායෙල්ට ද එපවත් සැළ විය. ජාකොබ්ට පුත්‍රයෝ දොළොස්දෙනෙක් සිටියහ.


ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය.


මෙලෙස නුඹට සහාය දෙන්නෝ පහත දැක්වෙන අය වෙත්. එනම්: රූබන්ගේ ගෝත්‍රයෙන් ෂෙදෙවුර්ගේ පුත් එලිශූර් ය.


හොරණෑව රණ හඬ නැඟුව විට පූර්ව දිශාවේ පිහිටි කූඩාරම්වල අය පිටත් විය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්