Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:49 - Sinhala New Revised Version

49 ඔබට නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්, පොළොවේ බොහෝ දුරස්තර රටක සිට රාජාලියෙකු පියාඹා එන වේගයෙන් ඔබට විරුද්ධ ව පැමිණීමට සමිඳාණන් වහන්සේ සලසන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

49 ඔබට නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්, පොළොවේ බොහෝ දුරස්තර රටක සිට රාජාලියෙකු පියාඹා එන වේගයෙන් ඔබට විරුද්ධ ව පැමිණීමට සමිඳාණන් වහන්සේ සලසන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

49 මහල්ලාට ගෞරව නොකරන්නාවූ, බාලයාට අනුකම්පා නොකරන්නාවූ, රෞද්‍ර මුහුණු ඇත්තාවූ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:49
26 හුවමාරු යොමු  

අප පසුපස ලුහුබැඳ ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත් වූ හ. ඔව්හු කඳුවල අප ලුහුබැඳ ආවෝ ය. අප අල්ලන්න පාළුකරයේ රැක සිටියෝ ය.


සතුරා රාජාලියෙකු මෙන් නැඟී ඉගිලී අවුත්, බොශ්රා පිට සිය පියාපත් විදහා පානු ඇත. ඒ දවසේ දී ඒදොම්හි හේවායන්ගේ සිත් ප්‍රසව වේදනාව විඳින ස්ත්‍රියකගේ සිත මෙන් භීතියට පත් වන්නේ ය.”


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “යම් ජාතියක් රාජාලියෙකු මෙන් වේගයෙන් ඉගිලී අවුත් මෝවබ්ට විරුද්ධ ව පියාපත් විහිදුවනු ඇතැ යි ස්වාමීන් වන මම කීවෙමි.


“හොරණෑව පිඹින්න; මන්ද, රාජාලියෙකු මෙන් සතුරෝ සමිඳාණන් වහන්සේගේ ගෘහය පිට පැමිණෙන්නෝ ය. මාගේ සෙනඟ මාගේ ගිවිසුම කඩ කර, මාගේ ආඥාවලට විරුද්ධ ව කැරලිගැසූ හ.


‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි පවසන්න. ‘විශාල පියාපත් ද දිග පිහාටු ද නා නා පැහැ ඇති පිහාටු රැසකින් ද විසිතුරු වූ යෝධ රාජාලියෙක් ලෙබනොන්ට අවුත් කිහිරි ගහේ මුදුන කඩා ගත්තේ ය.


“මේ කරුණු කවරේ ද කියා නුඹලා දන්නේ නැද්දැ”යි කැරලිකාර වංශයට කියන්න. බබිලෝනියේ රජ ජෙරුසලමට අවුත් එහි රජු සහ එහි අධිපතීන් ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙන ගියේ ය.


“අන් භාෂාවලිනුත්, අන්‍යයන්ගේ මුවිනුත්, මම මේ සෙනඟට කතා කරමි. එසේ වුවත් ඔව්හු මාගේ වචන නොඅසන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත.


“මළසිරුර යම් තැනෙක්හි ද එතැනට ගිජු ලිහිණියෝ රැස් වෙති.”


සති හැටදෙකකට පසු අභිෂේක ලත් අධිපතියා සිඳදමනු ලබන්නේ ය. ඔහුගේ තැන ගන්නට කිසිවෙක් නොවන්නේ ය. ආක්‍රමණය කරන අධිපතියා සහ ඔහුගේ පිරිස නුවර සහ ශුද්ධස්ථානය විනාශ කරදමන්නෝ ය. එය ජල ගැල්මකින් මෙන් කෙළවර වන්නේ ය. අවසානය දක්වා ම යුද්ධ පවතින්නේ ය. දරුණු දුක නියම වී ඇත.


“බලන්න, සතුරා වලාකුළු මෙන් ද ඔහුගේ රථ සුළි සුළඟක් මෙන් ද නැඟී එන්නේ ය. ඔහුගේ අශ්වයෝ රාජාලින්ට වඩා ශීඝ්‍ර ය. අහෝ, අපට වන විපතක මහත! අපි විනාශයි!


කිත්තිම් දිසාවෙන් නැව් එනු ඇත. අසිරියාවට, බබිලෝනියට පහර දෙනු ඇත. එහෙත්, ඔව්හු ද විනාශයට පැමිණෙති.”


නුඹ යවනු ලබන්නේ නුඹට තේරුම්ගත නොහැකි, දුෂ්කර අන් භාෂාවක් කතා කරන උසස් ජාතීන් වෙත නොවේ. සැබැවින් ම ඔවුන් වෙත මම නුඹ යැවීම් නම්, ඔවුන් නුඹට සවන් දෙනු ඇත.


එබැවින් අපි බැස ගොස්, ඔවුන් එකිනෙකාට නොවැටෙහන පරිදි, ඔවුන්ගේ භාෂාව අවුල් වියවුල් කරමු”යි වදාළ සේක.


ජෝසෙප් මිසර දේශයෙන් පිටත් ව යන ගමනේ දී එතුමාණෝ එය ඔහුට නියෝගයක් ලෙස භාර දුන් සේක. නුපුරුදු හඬක් මෙසේ කියනු මම ඇසුවෙමි:


එනම්, අහස් කුසෙහි රාජාලියා පියාඹන මාවත ද කඳු මත සර්පයා යන පාර ද මහ සයුරේ නැව් යන මඟ ද ළඳක සමඟ මිනිසෙකුගේ පෙම් මාවත ද යන මේවා ය.


“ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ නයිල් ගඟ අසබඩ සිටින මිසර වාසීන්ට මැස්සන් සේ පැමිණීමටත්, අසිරියන්වරුන්ට තමන්ගේ දේශයෙන් මීමැස්සන් සේ පැමිණීමටත් සංඥාකර හඬගසනවා ඇත.


නුඹලාට නොතේරෙන විදේශීය භාෂාවකින් කතා කරන විදේශිකයන් තවත් නුඹලාගේ ඇස්වලින් දකින්න ලැබෙන්නේ නැත.


එවිට දිවැසිවර යෙසායා, හෙසකියා වෙත ගොස්, “ඒ අය ආවේ කොහෙන් ද? ඔබට ඔවුන් කීවේ කුමක් දැ”යි ඇසී ය. “ඔව්හු දුර රටක් වන බබිලෝනියේ සිට ආවෝ ය”යි හෙසකියා පිළිතුරු දුන්නේ ය.


මම නුඹලා පිටතට ගෙනවුත් විදේශීන් අතට නුඹලා පාවා දී, මාගේ විනිශ්චයයන් නුඹලාට විරුද්ධ ව ඉෂ්ට කරන්නෙමි.


පළමු වන මෘගයා සිංහයෙකු වැනි ය; ඌට රාජාලි පියාපත් තිබුණේ ය. මා බලා සිටිය දී උගේ පියාපත් උදුරාදමා, පොළොවෙන් ඔසවා මනුෂ්‍යයෙකු මෙන් පාද දෙකකින් ඌ සිටවනු ලැබී ය; මනුෂ්‍ය සිතක් ද ඌට දෙන ලද්දේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්