Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 4:7 - Sinhala New Revised Version

7 පළමු වන සත්ත්වයා සිංහයෙකුට සමාන ය. දෙ වන සත්ත්වයා වස්සෙකුට සමාන ය. තුන් වන සත්ත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබිණි. සතර වන සත්ත්වයා පියාසර කරන රාජාලියෙකුට සමාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 පළමු ජීවමාන සත්වයා සිංහයකු වැනි ය. දෙවන ජීවමාන සත්වයා වස්සකු වැනි ය. තුන් වන ජීවමාන සත්වයාට මිනිසකුගේ මුහුණක් තිබිණ. සිවුවන ජීවමාන සත්වයා ඉගිළෙන රාජාලියකු වැනි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 පළමු වන සත්ත්වයා සිංහයෙකුට සමාන ය. දෙ වන සත්ත්වයා වස්සෙකුට සමාන ය. තුන් වන සත්ත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබිණි. සතර වන සත්ත්වයා පියාසර කරන රාජාලියෙකුට සමාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 පළමුවෙනි සත්වයා සිංහයෙකුට සමානය, දෙවෙනි සත්වයා වස්සෙකුට සමානය, තුන්වෙනි සත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබුණේය, සතරවෙනි සත්වයා පියාසරකරන රාජාලියෙකුට සමානය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 4:7
20 හුවමාරු යොමු  

එක් එක් කෙරුබ්වරයාට මුහුණු සතරක් විය. පළමු වන මුහුණ කෙරුබ්වරයෙකුගේ මුහුණකි, දෙ වන මුහුණ මනුෂ්‍ය මුහුණකි, තුන් වන එක සිංහ මුහුණකි, සතර වන එක රාජාලි මුහුණකි.


ඔවුන්ගේ මුහුණුවල පෙනීම මෙසේ ය: ඔවුන් සතරදෙනාට ඉදිරියෙන් මිනිස් මුහුණක් ද දකුණු පැත්තෙන් සිංහ මුහුණක් ද වම් පැත්තෙන් ගව මුහුණක් ද රාජාලියෙකුගේ මුහුණක් ද තිබිණි.


එක එකාට මුහුණු සතරක් බැගින් ද එක එකාට පියාපත් සතරක් බැගින් ද ඔවුන්ගේ පියාපත් යට මනුෂ්‍ය අත් වැනි ස්වරූපයක් ද තිබුණේ ය.


සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමාන වීදුරු සමුද්‍රයක් වැනි දර්ශනයක් විය. ඒ සිංහාසනය මැද හා අවටින්, ඉදිරියෙන් හා පිටුපසින්, ඇස් රාශියක් ඇති ජීවමාන සත්ත්වයෝ සතර දෙනෙක් වූ හ.


පළමු වන මෘගයා සිංහයෙකු වැනි ය; ඌට රාජාලි පියාපත් තිබුණේ ය. මා බලා සිටිය දී උගේ පියාපත් උදුරාදමා, පොළොවෙන් ඔසවා මනුෂ්‍යයෙකු මෙන් පාද දෙකකින් ඌ සිටවනු ලැබී ය; මනුෂ්‍ය සිතක් ද ඌට දෙන ලද්දේ ය.


ඔවුන්ගේ පියාපත් යට සතර පැත්තේ ඔවුන්ට මනුෂ්‍ය අත් තිබිණි. ඒ සතරදෙනාගේ මුහුණු හා පියාපත් මෙයාකාර ය:


එහෙත්, සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝ ය; රාජාලීන් මෙන් පියාපත් විදහා යන්නෝ ය; ඔව්හු දුවන්නෝ ය; එහෙත්, වෙහෙස නොවන්නෝ ය; ඇවිදින්නෝ ය; එහෙත්, ක්ලාන්ත නොවන්නෝ ය.


ඔබට නොතේරෙන භාෂාවක් කතා කරන ජාතියක්, පොළොවේ බොහෝ දුරස්තර රටක සිට රාජාලියෙකු පියාඹා එන වේගයෙන් ඔබට විරුද්ධ ව පැමිණීමට සමිඳාණන් වහන්සේ සලසන සේක.


නුඹ, රාජාලියෙකු මෙන් ඉහළට පියාඹා, නුඹේ කැදැල්ල තාරකා අතරේ පිහිටුවා ගත්තත් එතැනින් වුව ද මම නුඹ පහතට හෙළාදමන්නෙමි”යි පවසන්නේ, සමිඳාණන් වහන්සේ වන මම ය.


කැරලිකාර රාජ්‍යයක නායකයෝ බොහෝ දෙනෙකි, එහෙත් නැණවත් පැණසර අයගෙන් යුත් රාජ්‍යයක් තිරසර ව පවතියි.


සාවුල් හා ජොනතන් ජීවත් ව සිටිය දී සෙනෙහසින් හා සතුටින් බැඳී සිටියහ. ජීවිතේ දී හෝ මරණයේ දී හෝ ඔවුහු වෙන් නො‍ වූ හ. ඔවුහු රාජාලීන්ට වඩා වේගවත් වූ හ; සිංහයන්ට වඩා බලවත් වූ හ.


ජුදා සිහ පොව්වෙකි, මපුත, ඔහු ගොදුරු කා යළි ගුහාව බලා එයි. ඔහු සිහ රදෙකු මෙන් ද සිහ දෙනක මෙන් ද වක ගැසී වැතිර සිටියි. ඔහු නැඟිටුවන්නේ කවරෙක් ද?


සහෝදරවරුනි, සිහිබුද්ධියෙන් ළාමක නොවන්න. නපුර සම්බන්ධයෙන් බිළිඳුන් වන්න. සිහිබුද්ධියෙන් වැඩිහිටියන් වන්න.


සිහ රදෙකු මෙන්, සිහ දෙනක මෙන්, ඉශ්රායෙල් ජනයා, හිස ඔසවා බිම වැතිරෙති. උන් අවදි කරන්නට සමතා කවරෙක් ද? ඔබට ආසිරි දෙන්නා ආසිරි ලද්දෙකි; ඔබට සාප දෙන්නා සාප ලද්දෙකි.”


පුදුමයෙන් පුදුමයකි! සිහ දෙනක මෙන් සෙනඟ නැඟිටිනු ඇත. සිහ රදෙකු මෙන් ගොදුර බලා පනිනු ඇත, ගොදුර කන තුරු, මැරූවන්ගේ ලේ බොන තුරු, ඌ ලගින්නේ නැත.”


බැටළු පෝතකයාණන් දෙ වන මුද්‍රාව කැඩූ කල, දෙ වන ජීවමාන සත්ත්වයා කතා කොට, “එන්නැ”යි කියනු ඇසීමි.


බැටළු පෝතකයාණන් තුන් වන මුද්‍රාව කැඩූ කල, තුන් වන ජීවමාන සත්ත්වයා, “එන්නැ”යි කියනු මම ඇසීමි. එකෙණෙහි ම කළු අශ්වයෙක් එහි විය. ඒ අසු පිට හුන් තැනැත්තා අතේ, තරාදියක් තිබුණේ ය.


බැටළු පෝතකයාණන් සතර වන මුද්‍රාව කැඩූ කල, සතර වන ජීවමාන සත්ත්වයා, “එන්නැ”යි කියනු මම ඇසීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්