එපීස 6:17 - Sinhala New Revised Version ගැළවීම නමැති හිස් වැස්ම ද ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් වන දේව වචනය නමැති කඩුව ද ගන්න. සිංහල කාලීන පරිවර්තනය ගැලවීම නැමති ආරක්ෂක තොප්පිය ද දේව වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ අසිපත ද ගන්න. Sinhala New Revised Version 2018 ගැළවීම නමැති හිස් වැස්ම ද ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් වන දේව වචනය නමැති කඩුව ද ගන්න. Sinhala Revised Old Version ගැළවීම නැමති ආරක්ෂාතොප්පියද දෙවියන්වහන්සේගේ වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ කඩුවද ගන්න. |
එතුමාණෝ මාගේ වචන තියුණු කඩුවක් මෙන් කළ සේක. සිය අතේ සෙවණැල්ලෙහි මා ආරක්ෂා කළ සේක. එතුමාණෝ මා මුවහත් කළ ඊගසක් මෙන් කළ සේක. සිය කොපුවේ මා සඟවා තැබූ සේක.
එතුමාණෝ, යුක්තිය සන්නාහයක් මෙන් ද ජයග්‍රහණය යුද්ධ තොප්පිය මෙන් ද පළඳින සේක. පළිගැනීම නමැති වස්ත්‍රයෙන් ද උදහස නමැති සළුවෙන් ද සැරසෙන සේක.
එබැවින් මම විනිශ්චයය ද විනාශයේ පණිවුඩය ද රැගත් මාගේ දිවැසිවරයන් ඔබට විරුද්ධ ව එව්වෙමි. මාගේ සෙනඟගෙන් මා බලාපොරොත්තු වන දේ සක්සුදක් සේ පැහැදිලි ය.
එකල දේව දූතයා මට කතා කරමින්, “සෙරුබ්බාබෙල්ට සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය දෙන්නැ”යි කී ය. එය මෙසේ ය: “නුඹට ජය අත් වන්නේ සේනා බලයෙන් වත්, සිය ශක්තියෙන් වත් නොව, මාගේ ආත්මානුභාවයෙන් ය.
උන් වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක.
ජේසුස් වහන්සේ ද කතා කොට, “ ‘තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න’ කියාත් ලියා ඇතැ”යි වදාළ සේක.
එහෙත් දවාලට අයිති අපි, සිහි කල්පනාව ඇතිව සිටිමු. ඇදහිල්ලත් ප්‍රේමයත් නමැති ළය වැස්ම ද, ගැළවීමේ බලාපොරොත්තුව නමැති යුද්ධ තොප්පිය ද පැළඳගනිමු.
දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.
දකුණතෙහි තාරකා සතක් විය; උන් වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මිණි. උන් වහන්සේගේ මුහුණ මද්දහනේ හිරු මෙන් දීප්තිමත් ව බැබළිණි.
ඔව්හු බැටළු පෝතකයාණන්ගේ යාගික රුධිරය නිසා ද, තමන් සාක්ෂි දැරූ පණිවුඩය නිසා ද ඔහුගෙන් ජය ගත්තෝ ය. මන්ද, ඔව්හු මරණයට වත් බිය නොවී දිවි දීමට සූදානම් ව සිටියහ.
ජාතීන්ට පහර දෙනු පිණිස උන් වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන් වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මිදි යන්ත්‍රයේ මිදි මඬින සේක.
එබැවින්, පසුතැවී සිත හරවා ගන්න. එසේ නුවූවොත්, මම විගසින් ඔබ වෙත පැමිණ, මාගේ මුඛයෙන් නික්මෙන කඩුවෙන් ඔවුන්ට විරුද්ධ ව සටන් කරන්නෙමි.
ඔහුගේ හිසේ ලෝකඩ තොප්පියක් තිබිණි; ඔහු ලෝහ යුද්ධ ඇඳුමක් පැළඳගෙන සිටියේ ය. එය කිලෝග්‍රෑම් පණස්හතක් පමණ බර ය.
සාවුල් ඔහු අමතා, “තරුණය, ඔබ කාගේ පුත්‍රයා දැ”යි ඇසී ය. දාවිත් පිළිතුරු දෙමින්, “මම ඔබේ මෙහෙකරු වන, බෙත්ලෙහෙම්හි සිටින ජෙස්සේගේ පුත්‍රයෙක් වෙමි”යි කීවේ ය.