Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 6:5 - Sinhala New Revised Version

5 දේව වචනය යහපත් බව ද, එන්නට තිබෙන යුගයේ බලවේගයන් ද ඔව්හු අත්දැකීමෙන් දැනගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 දෙවියන්වහන්සේගේ වචනයේ යහගුණ හා මතු එළඹෙන යුගයේ බලය දිව ගෑ අය

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 දේව වචනය යහපත් බව ද, එන්නට තිබෙන යුගයේ බලවේගයන් ද ඔව්හු අත්දැකීමෙන් දැනගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 දෙවියන්වහන්සේගේ යහපත් වචනයේද මතු පැමිණෙන කාලයේ බලවලද රසය බැලුවාවූ තැනැත්තන්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 6:5
13 හුවමාරු යොමු  

ගල් බිමෙ‍හි වූවෝ නම්, වචනය අසා සතුටින් පිළිගන්න නමුත්, සිත්හි රඳා නොපවතින බැවින් කලකට පමණක් අදහා, පරීක්ෂා කාලයෙහි වැටී යන අය ය.


අප ස්වාමීන් ද ගැළවුම්කාරයාණන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දැනගැනීමෙන්, ලෝකයේ දූෂණවලින් මිදුණායින් පසු, ඔවුන් යළිත් ඒවාට පටලැවී වසඟ වුණොත්, ඔවුන්ගේ දැන් තත්ත්වය පළමු තත්ත්වයට වඩා භයානක ය.


අප කතා කරන්නේ පැමිණෙන්නට තිබෙන ලෝකයක් ගැන ය. ඒ ලෝකය දෙවියන් වහන්සේ දේව දූතයන්ට යටත් නොකළ සේක.


මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය.


හිමි තුමන් ගුණවත් බව ඔබ ම අත්දැකීමෙන් දැනගන්න; එතුමන්ගේ රැකවරණය ලබන තැනැත්තේ ආසිරි ලබයි.


යමෙක් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට විරුද්ධ ව වචනයක් කියන්නේ ද, එය ඔහුට කමා කරනු ලබන්නේ ය. එහෙත්, යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ද, එය ඔහුට මේ යුගයේ දී වත්, එන යුගයේ දී වත් කමා කරනු නොලබන්නේ ය.”


ගැළවීම නමැති හිස් වැස්ම ද ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් වන දේව වචනය නමැති කඩුව ද ගන්න.


දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.


දෙවියන් වහන්සේගේ වචනයෙන් විශ්වය මවනු ලැබූ බව අප තේරුම් ගන්නේ ඇදහිල්ලෙන් ය. මෙසේ දෘශ්‍යමාන දෙය, අදෘශ්‍යමාන දෙයින් පහළ වූ බව පෙනී යයි.


එහෙත් ස්වාමීන්ගේ වචනය සදහට ම පවතියි.” මේ වචනය නම් ඔබට දේශනා කරන ලද සුබ අස්න ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්