Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එපීස 6:17 - සිංහල කාලීන පරිවර්තනය

17 ගැලවීම නැමති ආරක්ෂක තොප්පිය ද දේව වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ අසිපත ද ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ගැළවීම නමැති හිස් වැස්ම ද ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් වන දේව වචනය නමැති කඩුව ද ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ගැළවීම නමැති හිස් වැස්ම ද ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් වන දේව වචනය නමැති කඩුව ද ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ගැළවීම නැමති ආරක්ෂාතොප්පියද දෙවියන්වහන්සේගේ වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ කඩුවද ගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 6:17
20 හුවමාරු යොමු  

මන්ද දෙවියන්වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාකාරී ය; කවර දෙමුහත් කඩුවකටත් වඩා මුවහත් ය; ජීවය හා ආත්මය ද සන්ධි හා ඇට මිදුලු ද විනිවිද වෙන් කර, හදවතේ සිතිවිලි හා ආකල්ප විමසයි.


ජාතීන්ට පහර දෙන තියුණු කඩුවක් උන්වහන්සේගේ මුවින් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරන්නාහ. උන්වහන්සේ සියලු බලැති දෙවියන්වහන්සේගේ උදහසේ භයංකරත්වයේ මිදි යන්ත්‍රයේ මිදි මඩින්නාහ.


එහෙත් අප දවාලට අයිති බැවින්, ආරක්ෂක ළය වැස්මක් ලෙස ඇදහිල්ල හා ප්‍රේමය ද ආරක්ෂක හිස්-වැස්මක් ලෙස ගැලවීමේ බලාපොරොත්තුව ද පැලඳ සිහි කල්පනාවෙන් යුතුව සිටිමු.


එබැවින් පසුතැවිලි වන්න! නැතහොත්, මම විගස ඔබ වෙත අවුත්, මගේ මුවින් නික්මෙන කඩුවෙන් ඔවුන්ට එරෙහිව සටන් කරන්නෙමි.


බැටළු පැටවාණන්ගේ ලේ මඟින් හා තම සාක්ෂියේ වචනය මඟින්, ඔවුහු ඔහුගෙන් ජය ගත්හ. තවද, ඔවුන් මරණය දක්වාම, තමන්ගේ ජීවිතවලට ප්‍රේම කළේ නැත.


උන්වහන්සේගේ දකුණු අතේ, උන්වහන්සේ තාරකා හතක් දරා සිටි අතර, උන්වහන්සේගේ මුවින් තියුණු දෙමුවහත් කඩුවක් නික්මිණි. උන්වහන්සේගේ මුහුණ පරම කාන්තියෙන් බබළන හිරු මෙන් විය.


යේසුස්වහන්සේ උත්තර දෙමින්, “ ‘මිනිසා ජීවත් වන්නේ රොටි පමණකින් නො ව, දෙවියන්වහන්සේගේ මුවින් නික්මෙන හැම වචනයකින්ම ය’ කියා ලියා තිබේ යැ” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු කියා ද ලියා තිබේ” යි කී සේක.


උන්වහන්සේ එසේ කළේ, වචනය මඟින් ජලයෙන් සේදීමෙන් ඇය පවිත්‍ර කර, ශුද්ධවත් කිරීමටත්,


දෙවියන්වහන්සේගේ වචනයේ යහගුණ හා මතු එළඹෙන යුගයේ බලය දිව ගෑ අය


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්