එසේ වූයේ ඔවුන්ගේ ක්‍රියා නිසා නොව දේව වරප්‍රසාදයෙන් ය. ක්‍රියා නිසා එසේ සිදුවුණි නම්, දේව වරප්‍රසාදය කිසි සේත් දේව වරප්‍රසාදය නොවේ.
එපීස 2:9 - Sinhala New Revised Version ගැළවීම පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් නොවන බැවින්, කිසිවෙකුට පාරට්ටුවට ඉඩක් නැත. සිංහල කාලීන පරිවර්තනය ගැලවීම, ක්‍රියා මඟින් නො වේ. එබැවින් කිසිවකුටත් ඒ ගැන පාරට්ටු කර ගත නො හේ. Sinhala New Revised Version 2018 ගැළවීම පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් නොවන බැවින්, කිසිවෙකුට පාරට්ටුවට ඉඩක් නැත. Sinhala Revised Old Version කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. |
එසේ වූයේ ඔවුන්ගේ ක්‍රියා නිසා නොව දේව වරප්‍රසාදයෙන් ය. ක්‍රියා නිසා එසේ සිදුවුණි නම්, දේව වරප්‍රසාදය කිසි සේත් දේව වරප්‍රසාදය නොවේ.
ඊට හේතුව මේ ය; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසි ම මනුෂ්‍යයෙක් දමිටු බවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇති කිරීම ය.
ආබ්‍රහම් සිය ක්‍රියා නිසා දමිටු බවට පමුණුවනු ලැබුවේ නම්, පාරට්ටු කරගැනීමට හේතුවක් ඔහුට ඇත. එහෙත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි එසේ කිරීමට ඉඩක් නැත.
එහෙයින් සියල්ල රඳා ඇත්තේ මිනිසාගේ කැමැත්ත පිට වත්, ශ්‍රමය පිට වත් නොව, දෙවියන් වහන්සේගේ දයානුකම්පාව පිට ය.
උන් වහන්සේ අප ගළවා, කැපවූ ජීවිතයකට අප කැඳවූ සේක. එසේ කළේ අපේ ම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව, උන් වහන්සේගේ ම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුව ය. මෙය, කාලයාගේ පටන්ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙනලද්දකි.