Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 9:11 - Sinhala New Revised Version

11 එහෙත් ඔවුන් උපදින්න කලින්, යහපත හෝ අයහපත හෝ කරන්නටත් පෙර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 ඔවුන් උපදින්නටත් පෙර, ඔවුන් හොඳක් හෝ නරකක් හෝ කරන්නට පෙර මෙවැන්නක් සිදු විය: දෙවියන්වහන්සේගේ තෝරාගැන්මේ තීරණය රඳා පවත්නේ, උන්වහන්සේගේ කැඳවීම අනුව මිස, ඒ ඒ අයගේ ක්‍රියා මත නො වන වග තහවුරු වන පිණිස,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එහෙත් ඔවුන් උපදින්න කලින්, යහපත හෝ අයහපත හෝ කරන්නටත් පෙර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඒ තාක් දරුවන් නොඉපද, යහපතවත් අයහපතවත් නොකර සිටි කල්හිද, ක්‍රියා නිසා නොව කැඳවන තැනන්වහන්සේ නිසා, තෝරාගැනීමේ ප්‍රකාරයට දෙවියන්වහන්සේගේ නියමය ස්ථිරවන පිණිස:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 9:11
22 හුවමාරු යොමු  

උන් වහන්සේ අප ගළවා, කැපවූ ජීවිතයකට අප කැඳවූ සේක. එසේ කළේ අපේ ම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව, උන් වහන්සේගේ ම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුව ය. මෙය, කාලයාගේ පටන්ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙනලද්දකි.


එබැවින් සහෝදරවරුනි, ඔබගේ කැඳවීම ද තෝරාගනු ලැබීම ද තහවුරු කරන පිණිස වඩාත් උද්‍යෝගී ව ක්‍රියා කරන්න. මෙසේ කළොත් ඔබ කිසි කලෙක ඇදහිල්ල අත්හරින්නේ නැත.


අප විසින් ම කළ දැහැමි ක්‍රියාවලින් නොව, හුදෙක් ස්වකීය දයාව ලෙස, පුනරුත්පාදනය නමැති ධෝවනයෙන් ද ශුද්ධාත්මයාණන් වහන්සේගේ අලුත් කිරීමෙන් ද උන් වහන්සේ අප ගැළෙව් සේක.


මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ දිවුරා ඇත: “මා අදහස් කළ ලෙස සිදු වන්නේ ය. මා කරන්න අධිෂ්ඨාන කළ දේ කරනු ලබන්නේ ම ය.


එවිට ක්‍රිස්තුන් වහන්සේ මඟින් ස්වකීය සදාතන තේජසට ඔබ කැඳවූ සියලු වරප්‍රසාද දෙන දෙවියන් වහන්සේ ම ඔබ ස්වල්ප කලක් දුක් වින්ද පසු, ඔබ සම්පූර්ණ කර, ස්ථීර, ශක්තිමත් පදනමක් මත පිහිටුවන සේක.


“මම ඔබ බොහෝ ජාතීන්ගේ පියා කොට පත් කෙළෙමි”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත්තේ මේ නිසා ය. ඒ පොරොන්දුව ආබ්‍රහම් ලැබුවේ තමා අදහන, මළවුන් හට ජීවිතය දෙන, නැති දේ ඇති කරන, දෙවියන් වහන්සේගෙන් ය.


ගැළවීම පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් නොවන බැවින්, කිසිවෙකුට පාරට්ටුවට ඉඩක් නැත.


පවට නැම්ම ඇතිව යි, මා මෙලොව උපන්නේ; කෙලෙස් මලින් යුතුව යි, මා මව් කුසේ පිළිසිඳුණේ.


දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය සහෝදරවරුනි, උන් වහන්සේ ඔබ තෝරාගත් බව අපි දනිමු.


එකල අපිත් ඔවුන්ගේ ගණයට අයිති ව, මාංසික තෘෂ්ණාවලට වහල් ව ජීවත් වෙමින්, සිතෙත් කයෙත් ආශාවන් පිනවමින්, සෙසු අය මෙන් අපේ ගතිපැවතුම් අනුව දේව උදහසට ලක් වී සිටියෙමු.


ඔවුන් කළ දේ නිසා ඔවුන්ගේ අහංකාරය නැත්තටම නැති කරන පිණිසත්, ගරුබුහුමන් ලත් සෙනඟ නින්දාවට පමුණුවන පිණිසත් මෙසේ යෝජනා කෙළේ සව් බලැති සමිඳාණෝ ය.


දෙවියන් වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් කැඳවනු ලැබූ ඔබ, උන් වහන්සේට ඔබින පරිදි ජීවත් වන ලෙස අපි ඔබ එකිනෙකාට අනුශාසනා කළෙමු, ධෛර්යය දුනිමු, ආයාචනා කළෙමු.


දෙවියන් වහන්සේ මෙසේ කළේ, අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ ඉටු කළ ස්වකීය සදාතන අභිප්‍රායට අනුකූල ව ය.


පොළොව කම්පා වෙයි; වේදනාවෙන් මෙන් ඇඹරෙයි. මන්ද, බබිලෝනිය වැසියන් විරහිත පාළුකරයක් කිරීමට සමිඳාණන් ගත් අරමුණ ඉටු වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්