Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එපීස 2:9 - Sinhala New Revised Version 2018

9 ගැළවීම පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් නොවන බැවින්, කිසිවෙකුට පාරට්ටුවට ඉඩක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ගැළවීම පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් නොවන බැවින්, කිසිවෙකුට පාරට්ටුවට ඉඩක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 ගැලවීම, ක්‍රියා මඟින් නො වේ. එබැවින් කිසිවකුටත් ඒ ගැන පාරට්ටු කර ගත නො හේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 2:9
9 හුවමාරු යොමු  

උන් වහන්සේ අප ගළවා, කැපවූ ජීවිතයකට අප කැඳවූ සේක. එසේ කළේ අපේ ම පුණ්‍ය ක්‍රියාවක් නිසා නොව, උන් වහන්සේගේ ම අභිප්‍රායත් දේව වරප්‍රසාදයත් අනුව ය. මෙය, කාලයාගේ පටන්ගැන්මට පෙර ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ විසින් දෙනලද්දකි.


එසේ වූයේ ඔවුන්ගේ ක්‍රියා නිසා නොව දේව වරප්‍රසාදයෙන් ය. ක්‍රියා නිසා එසේ සිදුවුණි නම්, දේව වරප්‍රසාදය කිසි සේත් දේව වරප්‍රසාදය නොවේ.


එහෙයින් සියල්ල රඳා ඇත්තේ මිනිසාගේ කැමැත්ත පිට වත්, ශ්‍රමය පිට වත් නොව, දෙවියන් වහන්සේගේ දයානුකම්පාව පිට ය.


ඊට හේතුව මේ ය; ව්‍යවස්ථාව පිළිපැදීමෙන් කිසි ම මනුෂ්‍යයෙක් දමිටු බවට පත් කරනු නොලබයි. ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ පාපය පිළිබඳ හැඟීම ඇති කිරීම ය.


එහෙත් ඔවුන් උපදින්න කලින්, යහපත හෝ අයහපත හෝ කරන්නටත් පෙර,


ආබ්‍රහම් සිය ක්‍රියා නිසා දමිටු බවට පමුණුවනු ලැබුවේ නම්, පාරට්ටු කරගැනීමට හේතුවක් ඔහුට ඇත. එහෙත් දෙවියන් වහන්සේ ඉදිරියෙහි එසේ කිරීමට ඉඩක් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්