භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දුවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.”
උත්පත්ති 5:5 - Sinhala New Revised Version ඔහු අවුරුදු නවසිය තිහක් (930) ආයු වළඳා මියගියේය. Sinhala New Revised Version 2018 ඔහු අවුරුදු නවසිය තිහක් ආයු වළඳා මියගියේය. Sinhala Revised Old Version ආදම් ජීවත්වුණු සියලු දවස් නවසිය තිස් අවුරුද්දක්ය; ඔහු මළේය. |
භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දුවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.”
සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ.
මන්ද, බිම වැගුරුණු වතුර එකතු කරගන්නට බැරි ලෙස අප මැරෙන්නට ම ඕනෑ ය; දෙවියන් වහන්සේ වුව ද, මළ මිනිසෙකුට නැවත පණ නොදෙන සේක. එහෙත්, පිටුවහල් කළ මිනිසෙකු ආපසු ගෙන ඒමට මඟක් රජ්ජුරුවන්ට සොයාගත හැකි ය.
ජීවමාන කවරෙක් නම්, මරණයට ගොදුරු නොවන්නේ ද? පාතාල ලෝකයේ බලයෙන් කවරෙක් තමා ම මුදාගන්නේ ද?
අප ආයු හැත්තෑ අවුරුද්දකි, සවි ශක්තිය ඇත්නම්, අසූවක් විය හැකි ය. එහෙත්, ඒ කාලය කම්කටොළු හා දුක ම ය. අප ආයු ගෙවී ගොස් දිවි පෙවෙත වහා නිම වන්නේ ය.
ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය.
අපේ ශරීර වරක් තිබුණු ලෙස පොළොවේ දූවිල්ලට හැරී යන්නටත්, මිනිස් හුස්ම එය දුන් දෙවියන් වහන්සේ වෙත හැරී යන්නටත් පළමුවෙන් ය.
මන්ද, ජීවත් ව සිටින අය තමන් මියයා යුතු බව දනිති; මියගිය අය කිසිවක් නොදනිති; ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. ඔවුන් සහමුලින් ම මතකයෙන් ඉවත් ව යනු ඇත.
බලන්න, හැම ජීවිතයක් ම මට අයිති ය; පියාගේ ජීවිතය මෙන් පුත්‍රයාගේ ජීවිතයත් මට අයිති ය. පාපයේ ප්‍රතිවිපාකය විඳින්නේ පව් කළ පුද්ගලයා ම ය.
දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දෙන්න දිවුළ දේශයෙහි ඔබ පදිංචි වන පිණිස උන් වහන්සේට ප්‍රේම කොට, උන් වහන්සේගේ හඬට කීකරු වී උන් වහන්සේට ඇලුම් ව සිටිය යුතු ය. එසේ කිරීමෙන් චිරාත් කාලයක් ඔබ ඒ රටේ ජීවත් වන්නහු ය.”