Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 9:5 - Sinhala New Revised Version

5 මන්ද, ජීවත් ව සිටින අය තමන් මියයා යුතු බව දනිති; මියගිය අය කිසිවක් නොදනිති; ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. ඔවුන් සහමුලින් ම මතකයෙන් ඉවත් ව යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මන්ද, ජීවත් ව සිටින අය තමන් මියයා යුතු බව දනිති; මියගිය අය කිසිවක් නොදනිති; ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. ඔවුන් සහමුලින් ම මතකයෙන් ඉවත් ව යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 මක්නිසාද ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 9:5
18 හුවමාරු යොමු  

දැන් ඔවුන් මිය ගොස් ඇත; නැවත ජීවත් වන්නේ නැත. ඔවුන්ගේ අවතාර වත් නැඟිට එන්නේ නැත. ඔවුන්ගේ නාමය සිතින් මැකී ගොස් ඇත.


යටගිය දවස සිදු වූ දෙය ගැන මතකයක් නැත; මෙතැන් සිට සිදු වන දෙය ගැන ද මතු දවසේ දී මතකයක් නොවනු ඇත.


මන්ද, මරණින් පසු ඔබ ගැන සිහිවීමක් නැත්තේ ය; පාතාලයේ ඔබ හට පැසසීමක් නැත්තේ ය.


තවද එක වරක් මරණයත්, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම,


ඔහුගේ පුත්‍රයන් ගෞරවයට පැමිණෙන විට, එපවත් ඔහු නොදනියි. ඔවුන් අවමානයට පැමිණෙන විට ද ඔහුට දැනුමක් නැත.


මන්ද, මතු පැමිණෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින් ම අමතක වී යන බැවින්, අඥානයා ගැන මෙන් ම ප්‍රඥාවන්තයා ගැනත් මතකයක් නොතිබෙනු ඇත. අඥානයා මෙන් ම ප්‍රඥාවන්තයාත් නසිනු නියත ය.


සමිඳාණෝ ඔවුන්ගේ පව් නිතර ම සිහි කරන සේක් වා! මිහි මත කිසිවෙක් ඔහු සිහි නොකෙරේ වා!


දුෂ්ටයන් සිය සොහොන්වල තැන්පත් කරනු ලබන හැටි ද එය බලා ආපසු එන විට, ඔවුන් දුෂ්ටකම් කළ නුවරෙහි වැසියන් ඔවුන්ට ප්‍රශංසා කළ හැටි ද මම දිටිමි. මෙය ද නිසරු දෙයකි.


ඔබ අපේ පියාණෝ ය; ආබ්‍රහම් අප නොදන්න නමුත්, ඉශ්රායෙල් අප නාඳුනන නමුත්, සමිඳාණෙනි, ඔබ අපේ පියාණෝ ය, අපේ මිදුම්කාරයාණෝ ය. එය අතීතයේ සිට ඔබේ නාමය වේ.


අවමඟුල් ගෙදරකට යාම මඟුල් ගෙදරකට යාමට වඩා හොඳ ය. මන්ද, මරණය හැම මිනිසාගේ ඉරණම වේ. ජීවත් ව සිටින කවුරුනුත් එය සිතට ගත යුතු ය.


මරණ මංචකයට ද කාටත් නියම වූ තැනට ද ඔබ මා පමුණුවන බව මම දනිමි.


ජීවත් වන සියල්ලන්ට යම්කිසි බලාපොරොත්තුවක් ඇත. මළ සිංහයෙකුට වඩා පණ ඇති බල්ලෙක් හොඳ ය.


ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.


මන්ද, බිම වැගුරුණු වතුර එකතු කරගන්නට බැරි ලෙස අප මැරෙන්නට ම ඕනෑ ය; දෙවියන් වහන්සේ වුව ද, මළ මිනිසෙකුට නැවත පණ නො‍දෙන සේක. එහෙත්, පිටුවහල් කළ මිනිසෙකු ආපසු ගෙන ඒමට මඟක් රජ්ජුරුවන්ට සොයාගත හැකි ය.


සමිඳුනි, මම ඔබට හඬගසන්නෙමි; අලුයම මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා!


පසුව ඒ ස්ත්‍රියත් මළා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්