Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 12:5 - Sinhala New Revised Version

5 ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඔව්හු උස්වූ දෙයට භයවන්නෝය, භයානකකම්ද මාර්ගයෙහි වන්නේය; කොට්ටම්බා ගස මල්ගන්නේය, පළඟැටියා බරක් වන්නේය, ආශාව පහවන්නේය. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද වීදිවල ඇවිදින්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 12:5
19 හුවමාරු යොමු  

මාගේ බලාපොරොත්තුව මළවුන්ගේ ලොව ගැන පමණ ය. අන්ධකාරයෙහි මම සැතපෙන්නෙමි.


මරණ මංචකයට ද කාටත් නියම වූ තැනට ද ඔබ මා පමුණුවන බව මම දනිමි.


පැසුණු හිස තෙද කිරුළකි, එය ලැබෙන්නේ දැහැමි ජීවිතයකිනි.


අනේ දෙවිඳුනි! පැසුණු කෙස් සහිත ව මහලු වියේ සිටින මා අත්නෑරිය මැනව. ඔබේ මහිමය සහ ශක්තිය මතු පරම්පරාවලට කියා පාන තෙක් මා සමඟ සිටිය මැනව.


ඔබේ පියාට වඩා වයෝවෘද්ධ, කෙස් පැසුණු පැරැන්නෝ අප අතර සිටිත්.


“වයස්ගත ඇත්තන් ඉදිරියෙහි නැඟිට සිට, මහල්ලන්ට ගරු කළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න, මම සමිඳාණන් වහන්සේ වෙමි.


තවද එක වරක් මරණයත්, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම,


එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, “ජෙරමියා, නුඹට පෙනෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. “කලින් පිබිදෙන කොට්ටම්බා ගසක් මට පෙනේ ය”යි මම පිළිතුරු දිනිමි.


නුඹලා මහලු වී හිස කෙස් පැසී යන තෙක් මම නුඹලා රැක බලාගන්නෙමි; මම නුඹලා මැව්වෙමි; මම නුඹලා රැක බලා උපකාර කොට නුඹලා ගළවන්නෙමි.


ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.


යෞවනයන්ගේ අලංකාරය ඔවුන්ගේ කාය ශක්තිය වේ; වෘද්ධයන්ගේ ගෞරවය ඔවුන්ගේ පැසුණු හිස වේ.


අප සමඟ ළමයා නැති බව ඔහු දැක ඔහු නසින්නේ ය. මෙලෙස ඔබේ දාසයෝ ද ඔබ දාසයා වන අපේ මහලු පියාට දුක් දී, මරණයට පත් කරන්නෝ ය.


ඔබ මොහු වත් මාගෙන් රැගෙන ගොස් මොහුට අනතුරක් වූයේ නම්, නුඹලා මා පැසුණු හිසකේ එක්ක වළපල්ලට අරින්නට හදන්නහු දැ’යි කී ය.


ජාකොබ් එවිට පිළිතුරු දෙමින්, “නුඹලා සමඟ මාගේ පුත්‍රයා නම් නොයනු ඇත, ඒ මන්ද, ඔහුගේ සහෝදරයා මළ පසු, ඉතිරි වී ඇත්තේ ඔහු පමණ යි. නුඹලා යන අතරමඟ දී ඔහුට අනතුරක් සිදු වුණොත් වයස් ගත මට දුක් පමුණුවා, නුඹලා මා මරාදමන්නහු ය”යි කීවේ ය.


ඔවුන් වත්, ඔවුන්ගේ පියවරුන් වත් දැන නොගත් ජාතීන් අතරට ඔවුන් විසුරුවා හැර, ඔවුන් සහමුලින් ම නැති කරදමන තුරු මම ඔවුන් පසුපස්සේ යුද්ධ සේනා යවමි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්