ඉන්පසු ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් පිහිටි කඳුකර පෙදෙසට ගමන් කෙළේ ය. මෙසේ ගමන් කොට, බටහිරින් බෙතෙල් නගරය ද, නැගෙනහිරින් ආයි නගරය ද අතර තම කඳවුර පිහිටුවාගත්තේ ය. එහි දී ඔහු පූජාසනයක් ඉදි කර සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.
උත්පත්ති 46:1 - Sinhala New Revised Version ජාකොබ් හෙවත් ඉශ්රායෙල් තමන් සතු සියල්ල රැගෙන ගමනට පිටත් ව බෙයර්-ෂෙබාවට පැමිණ තම පියා වූ ඊසාක්ගේ දෙවියන් වහන්සේට යාග පූජා ඔප්පු කෙළේ ය. Sinhala New Revised Version 2018 ජාකොබ් හෙවත් ඉශ්රායෙල් තමන් සතු සියල්ල රැගෙන ගමනට පිටත් ව බෙයර්-ෂෙබාවට පැමිණ තම පියා වූ ඊසාක්ගේ දෙවියන් වහන්සේට යාග පූජා ඔප්පු කෙළේ ය. Sinhala Revised Old Version ඉශ්රායෙල් තමා සන්තක සියල්ල රැගෙන ගමන් ගෙන බෙයර්-ෂෙබාවට පැමිණ තමාගේ පියවූ ඊසාක්ගේ දෙවියන්වහන්සේට පූජා ඔප්පුකෙළේය. |
ඉන්පසු ඔහු බෙතෙල් නගරයට නැගෙනහිරින් පිහිටි කඳුකර පෙදෙසට ගමන් කෙළේ ය. මෙසේ ගමන් කොට, බටහිරින් බෙතෙල් නගරය ද, නැගෙනහිරින් ආයි නගරය ද අතර තම කඳවුර පිහිටුවාගත්තේ ය. එහි දී ඔහු පූජාසනයක් ඉදි කර සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.
පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය.
එබැවින් ඒ ස්ථානයට ඔහු ‘බෙයර්-ෂෙබා’ යන නම තැබී ය. මන්ද, ඔවුන් දෙදෙනා ම එතැන්හි දී දිවුරුම් දුන් බැවිනි.
ආබ්‍රහම් ද බෙයර්-ෂෙබාහි ඒෂෙල් නම් ගසක් පැළ කොට එහි දී සදාතන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.
එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය.
සමිඳාණන් වහන්සේ එයට ඉහළින් සිට, “මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත්, නුඹේ පෙළපතටත් දෙන්නෙමි.
මාගේ පියාගේ දෙවියන් වහන්සේ ද ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේ ද මා සමඟ නොසිටි සේක් නම්, ඔබ දැන් මා හිස් අතින් පිටත් කර හරිනවා සිකුරුයි. එහෙත්, දෙවියන් වහන්සේ මාගේ දුක් පීඩාවත්, මාගේ අත්වල ශ්‍රමයත් දැක ඊයේ රෑ ඔබට තරවටු කළ සේකැ”යි කීවේ ය.
තවද, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද, නාහෝර්ගේ දෙවියන් වහන්සේ ද අප අතර විනිශ්චය කරන සේක් වා!”යි කීවේ ය. ජාකොබ් ද තම පියා වන ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දුන්නේ ය.
එහි ඔහු පූජාසනයක් ඉදි කර, ඊට ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේ යන අර්ථය ඇති ‘එල්-එලෝහේ-ඉශ්රායෙල්’ යන නාමය තැබී ය.
එවිට අපි නැඟිට බෙතෙල් කරා යමු, මාගේ ආපදාවේ දවසේ දී මට ඇහුම්කන් දුන්, මා ගිය ගිය තැන මා සමඟ වැඩ සිටි දෙවියන් වහන්සේට මම එහි දී පූජාසනයක් සාදන්නෙමි”යි කීවේ ය.
එහි දී ඔහු පූජාසනයක් තනා, එම ස්ථානයට එල්-බෙතෙල් යන නම තැබී ය. මන්ද, ඔහු සිය සොහොයුරා වෙතින් පලායන විට, එහි දී දෙවියන් වහන්සේ ඔහුට දර්ශනය වූ බැවිනි.
ආබෙල් ද සිය බැටළු රැළේ කුලුඳුල් පැටවුන්ගෙන් සමහරෙකු ද ඔවුන්ගේ හොඳ ම කොටස් ද ගෙන සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. සමිඳාණන් වහන්සේ ද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක.
එවිට ජාකොබ් හෙවත් ඉශ්රායෙල් කතා කරමින්, “දැන් ඇති, මා පුත් ජෝසෙප් තව ම ජීවත් ව සිටියි, මා මැරෙන්න කලින් ගොස් ඔහු දැකගත යුතු ය”යි කීවේ ය.
එවිට නෝවා සමිඳාණන් වහන්සේට පූජාසනයක් තනා, එක එක වර්ගයේ සියලු පවිත්‍ර සතුන්ගෙන් හා පක්ෂීන්ගෙන් එක එකා බැගින් පූජාසනය මත දවන පඬුරක් මෙන් පූජා කෙළේ ය.
මංගල භෝජන සංග්‍රහ වටය නිම වූ එක එක වාරයේ දී ජෝබ් තම පුත්‍රයන් වෙත පණිවුඩ යවා ඔවුන් ගෙන්වා, ඔවුන්ගේ පවිත්‍රවීම පිණිස පසු දා අලුයම නැඟිට ඔවුන් එකිනෙකා වෙනුවෙන් දවන යාග පූජා පුද කෙළේ ය. එසේ කෙළේ, යම් හෙයකින් ඔවුන් තමන් සිතින් පව් කොට, නොදැනුවත් ව දේවාපහාස කිරීමේ වරදට වැටෙන්නට ඇද්දැ යි ජෝබ් සිතූ බැවිනි. හැම වාරයෙහි ම ඔහු මෙසේ කෙළේ ය.
එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක.
ඊසාක්ගේ දරු පරම්පරාව නමස්කාර කරන ගිරිකුළු දේවාල විනාශ වන්නේ ය. ඉශ්රායෙල්හි සිද්ධස්ථාන වැනසෙන්නේ ය. ජෙරොබෝවම් රජුගේ වංශයට විරුද්ධ ව මම යුද්ධයක් හටගන්වන්නෙමි”යි වදාළ සේක.
ඊසාක්ට ජාකොබ් ද ඒසව් ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරය උරුමයක් කොට දුනිමි. ජාකොබ් ද ඔහුගේ පුත්‍රයෝ ද මිසරයට ගියෝ ය.
සාමුවෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙකු වශයෙන් ස්ථිර කරන ලද බව, උතුරේ සිට දකුණ දක්වා සිටි සියලු ඉශ්රායෙල්වරු දැනගත්තෝ ය.
ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම ජෝවෙල් ය; දෙවැන්නාගේ නම අබියා ය. ඔව්හු බෙයර්-ෂෙබාහි විනිශ්චයකාරයෝ වූ හ.