Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 22:13 - Sinhala New Revised Version

13 එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ආබ්‍රහම් ඇස් ඔසවා බැලූ විට, බලව, තමා පිටිපස බැටළුවෙක් උගේ අංවලින් අකුලේ පටලැවී සිටිනවා දුටුයේය. එවිට ආබ්‍රහම් ගොස් ඒ බැටළුවා රැගෙන තමාගේ පුත්‍රයා වෙනුවට දවන පූජාවක් කොට ඔප්පුකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 22:13
10 හුවමාරු යොමු  

පොදුවේ හැම මිනිසෙකුට ම මූණ පාන්නට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබ පිට පැමිණීමට ඉඩ නොහැර, ඔබට පරීක්ෂා දැරිය හැකි වන සේ ඒ සමඟ ම ගැළවීමේ මඟක් ඔබට සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.


ඔබ මාර්ගයෙන් දකුණට හෝ වමට හෝ හැරී නොමඟ යන විට, “මෙන්න හරි මාර්ගය, මෙහි ඇවිදින්නැ”යි කියන හඬක් ඔබට පිටුපසින් ඇසෙනු ඇත.


එවිට ආබ්‍රහම්, “පුතා, දෙවියන් වහන්සේ ම පූජාව සඳහා බැටළු පැටවා දෙන සේකැ”යි පිළිතුරු දුනි. මෙලෙස දෙදෙනා ම ගමන් කළහ.


එවිට දූතයා, “ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය.


තවද, ආබ්‍රහම් ඒ ස්ථානයට “ජෙහොවා-ජීරේ” යන නාමය තැබී ය. මීට අද දක්වා “සමිඳාණන් වහන්සේගේ කන්දේදී සපයන ලදී” යන කීම ව්‍යවහාර වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්