Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 21:14 - Sinhala New Revised Version

14 පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 21:14
28 හුවමාරු යොමු  

මෙසේ හාගර් පලා යද්දී ෂූර් දක්වා යන මාර්ගයෙහි තිබෙන පාළුකරයේ දිය උල්පතක් ළඟ දී සමිඳාණන් වහන්සේගේ දූතයාට ඈ හමු වූවා ය.


ආබ්‍රහම් උදෑසනින් නැඟිට, කලින් සමිඳාණන් වහන්සේ හමු වූ ස්ථානයට ගියේය.


හාගර්ගේ පුත්‍රයා ද නුඹට දාව උපන් බැවින් ඔහුට ද මම පෙළපතක් දෙන්නෙමි”යි වදාළ සේක.


බෝතලයේ වතුර ඉවර වූ පසු ඈ පඳුරක් යට දරුවා තබා


එබැවින් ඒ ස්ථානයට ඔහු ‘බෙයර්-ෂෙබා’ යන නම තැබී ය. මන්ද, ඔවුන් දෙදෙනා ම එතැන්හි දී දිවුරුම් දුන් බැවිනි.


ආබ්‍රහම් ද බෙයර්-ෂෙබාහි ඒෂෙල් නම් ගසක් පැළ කොට එහි දී සදාතන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය.


ආබ්‍රහම් පසු ව තම සේවකයන් වෙත ආපසු ගිය විට, ඔව්හු සියල්ලෝ ම නැඟිට ගොස් බෙයර්-ෂෙබාවෙහි පදිංචි වූ හ.


ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය.


ආබ්‍රහම්ගේ මෙහෙකරුවා හා පිරිස කා බී මුළු රාත්‍රිය එහි ගත කළහ. උදෑසන ඔවුන් නැඟිටි පසු ඔහු කතා කොට, “මාගේ ස්වාමියා වෙත යෑමට මට අවසර දෙන්නැ”යි කී ය.


එහෙත්, තම උපභාර්යාවන්ගේ පුතුන්ට තෑගි දී, තමන් ජීවත් ව සිටිය දී ම, ඊසාක්ගෙන් ඒ පුත්‍රයන් ඈත් කොට, ඔවුන් නැගෙනහිරින් පිහිටි පෙරදිග රටට යැව්වේ ය.


පසු දින උදය වේලාසනින් නැඟිට තම තමන් අතර දිවුරුම් දුන්හ. ඊසාක් ඔවුන් පිටත් කර හැරිය විට, ඔව්හු සාමදානයෙන් ඔහු වෙතින් නික්ම ගියහ.


ඔහු එය ෂිබා යන නමින් හැඳින් වී ය. එබැවින් අද දක්වා ම ඒ නගරයේ නම බෙයර්-ෂෙබා වේ.


ජාකොබ් අලුයම නැඟිට, තම හිසට තැබූ ගල ගෙන, සිහිවටනයක් කොට එය සිටුවා, එහි මුදුනේ තෙල් වත් කෙළේ ය.


එක්තරා මිනිසෙකුට ඔහු හමු වී, “ඔබ කුමක් සොයන්නෙහි දැ”යි ඒ මිනිසා ඔහුගෙන් විචාළේ ය.


ජාකොබ් හෙවත් ඉශ්රායෙල් තමන් සතු සියල්ල රැගෙන ගමනට පිටත් ව බෙයර්-ෂෙබාවට පැමිණ තම පියා වූ ඊසාක්ගේ දෙවියන් වහන්සේට යාග පූජා ඔප්පු කෙළේ ය.


ඔහු ඒ අසා බිය වී තම පණ ගළවාගැනීමට පලා ගියේ ය. මෙසේ ගොස් ඔහු ජුදාට අයිති බෙයර්-ෂෙබා නම් ස්ථානයට පැමිණ තම වැඩකාරයා එහි නවතින්නට හැර,


එවිට හෙසකියා රජ අලුයම නැඟිට, නුවර අධිපතීන් රැස් කරවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගියේ ය.


සමහරු වල් බිහි වූ පාළුකරයේ වල්මත් වූ හ. විසීමට නගරයක් ඔවුන්ට සොයාගත නොහැකි විය.


මම ඔබේ ආඥා පිළිපැදීමට පමා නොවී ඉක්මන් වීමි.


ආචාර කිරීමට සිය මිතුරා අලුයම අවදි කිරීම ඔහුට සාප කිරීමක් වැනි ය.


සිය රට හැර යන මනුෂ්‍යයා කැදැල්ල හැර පියාඹන කුරුල්ලා වැනි ය.


ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.


හෙෂ්බොන්හි කෙත් ද සිබ්මාහි මිදි වැල් ද මැලවී ගොස් ඇත. ජාතීන්ගේ පාලකයන් මත් වූයේ ඒ මිදි වැල්වලින් ලබාගත් මිදියුස බීමෙන් ය. එක් කාලයක දී ඒ මිදි වතු නැගෙනහිර ජාශර් නගරය හා කාන්තාරය දක්වා ද බස්නාහිර මළ මුහුදෙන් එහා පැත්ත දක්වා ද විහිදී ගොස් තිබිණි.


වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත.


ජෝෂුවා අලුයම නැඟිට, මුළු ඉශ්රායෙල් ජනතාව සමඟ ෂිට්ටිම් නම් ස්ථානයෙන් නික්ම, ජොර්දාන් ගඟබඩට පැමිණ, ඉන් එතෙර වීමට පෙර කඳවුරු බැන්දේ ය.


සාමුවෙල් සාවුල් හමු වන පිණිස පසු දින උදේ ම නැඟිට ගියේ ය. “සාවුල් කර්මෙල් කන්දට පැමිණ එහි තමාගේ නමින් ජයස්ථම්භයක් පිහිටුවා එතැනින් පිටත් වී ගිල්ගාල් බලා නික්ම ගියේ ය”යි සාමුවෙල්ට දන්වන ලද්දේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්