ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 33:17 - Sinhala New Revised Version

එහෙත් ජාකොබ් සුක්කොත් දක්වා ගොස්, තමා ම ගෙයක් ඉදි කොට, සිය ගවයන් සඳහා මඩු තැනී ය. එබැවින් එම ස්ථානයට සුක්කොත් යන නම තබන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් ජාකොබ් සුක්කොත් දක්වා ගොස්, තමා ම ගෙයක් ඉදි කොට, සිය ගවයන් සඳහා මඩු තැනී ය. එබැවින් එම ස්ථානයට සුක්කොත් යන නම තබන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යාකොබ් සුක්කොත්ට ගමන්කොට තමාට ගෙයක් ගොඩනැගුවේය, තමාගේ සිව්පාවුන්ට මඩුද සෑදීය. එබැවින් ඒ ස්ථානයට සුක්කොත් යන නම තබනලද්දේය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 33:17
10 හුවමාරු යොමු  

ඉන්පසු එදින ඒසව් සේයිර් බලා ආපසු ගියේය.


රජ ජොර්දාන් මිටියාවතෙහි සුක්කොත් හා ශාරෙතත් අතරේ තිබෙන මැටි භූමියෙහි ඒවා වාත්තු කරවී ය.


දෙවිඳාණෝ සිය ශුද්ධස්ථානයෙන් මෙසේ වදාළ සේක: “විජයශ්‍රීයෙන් මම ෂෙකෙම් නම් පෙදෙස බෙදා දෙන්නෙමි; සුක්කොත් නම් මිටියාවත මැන වෙන් කර දෙන්නෙමි.


ඉන්පසු ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවර සිට සුක්කොත් දක්වා ගමන් කළහ. දරුවන් හා ස්ත්‍රීන් හැර, පයින් ගිය පුරුෂයෝ ම හයලක්ෂයක් පමණ වූ හ.


ඔව්හු සුක්කොත් නම් ස්ථානයෙන් නික්ම පාළුකරයේ මායිමේ ඒතාම්හි කඳවුරු බැඳගත්හ.


හෙෂ්බොන්හි රජ වූ සීහොන්ගේ රාජ්‍යයෙන් ඉතිරි කොට්ඨාශය වන මිටියාවතේ තිබෙන බෙත්-හාරාම් ද බෙත්-නිම්රා ද සුක්කොත් ද ශාපොන් ද නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ කින්නෙරෙත් මුහුදේ කෙළවර දක්වාත් ජොර්දාන් සහ සීමාව ද යන මේ ය.


සුක්කොත්හි තරුණයෙකු අල්ලාගෙන ඔහුගෙන් තොරතුරු විචාළේ ය. ඔහු සැත්තෑසත්දෙනෙකුන් වන සුක්කොත්හි අධිපතීන් ද ප්‍රජා මූලිකයන් ද ගැන විස්තර ලියා දුන්නේ ය.


ඔහු නගරයේ ප්‍රජා මූලිකයන් අල්ලා වනයේ කටු ගස් ද ගොකටු ද රැගෙන එයින් සුක්කොත්හි මිනිසුන් මට්ටු කෙළේ ය.


ගිඩියොන් සුක්කොත්හි මිනිසුන්ට කතා කොට, “මා කැටුව යන මිනිසුන් අධික වෙහෙසට පත් ව සිටින බැවින් ඔවුන්ට රොටි දුන මැනව; මම මිදියන්හි රජවරුන් වන ශෙබා ද ශල්මුන්නා ද ලුහුබැඳ යමි”යි කීවේ ය.


ගිඩියොන් එතැනින් පෙනුයෙල්ට ගොස් එහි වැසියන්ගෙන් ද එසේ ම ඉල්ලුවේ ය. ඔව්හු ද සුක්කොත්හි වැසියන් උත්තර දුන් ලෙස ම ඔහුට උත්තර දුන්නෝ ය.