Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 12:37 - Sinhala New Revised Version

37 ඉන්පසු ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවර සිට සුක්කොත් දක්වා ගමන් කළහ. දරුවන් හා ස්ත්‍රීන් හැර, පයින් ගිය පුරුෂයෝ ම හයලක්ෂයක් පමණ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 ඉන්පසු ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවර සිට සුක්කොත් දක්වා ගමන් කළහ. දරුවන් හා ස්ත්‍රීන් හැර, පයින් ගිය පුරුෂයෝ ම හයලක්ෂයක් පමණ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 ඉශ්‍රායෙල් පුත්‍රයෝ රාමෙසෙස්හි සිට සුකොත්ට ගමන්කළෝය, බාලයන් හැර පයින් ගියාවූ පුරුෂයෝ සලක්ෂයක් පමණ වූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:37
15 හුවමාරු යොමු  

ඔවුන්ගේ මුළු සංඛ්‍යාව හයලක්ෂ තුන්දාස් පන්සිය පණස් දෙනෙක් විය.


සංගණනයට ඇතුළත් වූ වයස අවුරුදු විස්සක් හා ඊට වැඩි වූ සෑම කෙනෙකුගෙන් ම ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව නියම මිල ගන්නා ලදී. මෙසේ සංගණනයට ඇතුළත් වූ පිරිමි හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් වූ හ.


ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවරින් නික්ම සුක්කොත්හි ද,


ඉශ්රායෙල් ජනතාව පළමු වන මාසයේ පසළොස් වන දින, පාස්කු දිනට පසු දින, මිසර වැසියන් බල බලා සිටිය දී මහා උදාර ලීලාවෙන් රාමෙසෙස් නම් නුවරින් පිටත් වූ හ.


මෝසෙස් උන් වහන්සේ අමතා, “මා අවට සිටින පාබල සෙනඟ හයදාහකි. ‘මම ඔවුන්ට මුළු මාසයක් ම කෑමට මස් දෙමි’යි ඔබ වදාරන සේක.


ඉන්පසු ජෝසෙප් පාරාවෝගේ නියමය පරිදි තම පියා හා සහෝදරයන් පදිංචි කරවා, මිසර දේශයෙහි රාමෙසෙස් නම් පළාතෙන් හොඳ ම ඉඩකඩම් ඔවුන්ට උරුම කොට දුන්නේ ය.


එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා-නගර ගොඩනැඟුවහු ය.


ඉශ්රායෙල් ජනයා අතරින් ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හයලක්ෂ එක්දාස් හත්සිය තිස්දෙනෙකි.


මෙලෙස කඳවුරුවලට අයත් සේනාංක සියල්ලේ ම, පිය පෙළපත් අනුව ලියාපදිංචි කළ ඉශ්රායෙල් ජනයාගේ මුළු ගණන හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් විය.


එවිට උන් වහන්සේ කතා කරමින්, “මම වනාහි දෙවියන් වහන්සේ වෙමි; නුඹේ පියාගේ දෙවියන් වහන්සේ වෙමි. මිසරයට යෑමට බිය නොවන්න. මන්ද, මම එහි දී නුඹේ පෙළපතින් මහත් ජාතියක් ඇති කරන්නෙමි.


සමිඳාණන් වහන්සේ ද ඔහු පිටතට රැගෙන ගොස්, “අහස දෙස බලා, හැකි නම්, ඔය තාරකා ගණන් කරන්න; නුඹේ දරු පරපුර එසේ ම වන්නේ ය”යි වදාළ සේක.


මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි.


මෝසෙස් උත්තර දෙමින්, “අප විසින් සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පැවැත්විය යුතු නිසා, අපේ බාලයන් සහ මහල්ලන් ද අපේ පුතුන් සහ දූවරුන් ද අපේ එළු බැටළු සහ ගව පට්ටි ද සමඟ අපි යන්නෙමු”යි කීවේ ය.


ඔව්හු සුක්කොත් නම් ස්ථානයෙන් නික්ම පාළුකරයේ මායිමේ ඒතාම්හි කඳවුරු බැඳගත්හ.


“මුළු ඉශ්රායෙල් ජනතාව අතර සියලු පිරිමින්, ඔවුනොවුන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද වෙන් වෙන් ව ගණන් කිරීම පිණිස සංගණනයක් පවත්වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්