Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 33:17 - Sinhala Revised Old Version

17 යාකොබ් සුක්කොත්ට ගමන්කොට තමාට ගෙයක් ගොඩනැගුවේය, තමාගේ සිව්පාවුන්ට මඩුද සෑදීය. එබැවින් ඒ ස්ථානයට සුක්කොත් යන නම තබනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එහෙත් ජාකොබ් සුක්කොත් දක්වා ගොස්, තමා ම ගෙයක් ඉදි කොට, සිය ගවයන් සඳහා මඩු තැනී ය. එබැවින් එම ස්ථානයට සුක්කොත් යන නම තබන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එහෙත් ජාකොබ් සුක්කොත් දක්වා ගොස්, තමා ම ගෙයක් ඉදි කොට, සිය ගවයන් සඳහා මඩු තැනී ය. එබැවින් එම ස්ථානයට සුක්කොත් යන නම තබන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 33:17
10 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ ස්වකීය ශුද්ධකමින් කථාකළසේක; මම ප්‍රීතිමත්වන්නෙමි. ෂෙකෙම් බෙදා දෙන්නෙමි, සුක්කොත් මිටියාවත මැන දෙන්නෙමි.


ඔහු සුක්කොත්හි මනුෂ්‍යයන්ට කථාකොට: මා කැටුව යන මිනිසුන් ක්ලාන්තව සිටන බැවින් ඔවුන්ට රොටි දුනමැනවි; මම මිදියන්හි රජවරුන්වූ සෙබාද ශල්මුන්නාද එළවාගෙන යමියි කීවේය.


හෙෂ්බොන්හි රජවූ සීහොන්ගේ රාජ්‍යයෙන් ඉතුරු කොට්ඨාසය වන මිටියාවතේ තිබෙන බෙත්-හාරාම්ද බෙත්-නීම්රාද සුක්කොත්ද ශාපොන්ද නැගෙනහිරට යොර්දානෙන් එගොඩ කින්නෙරෙත් මුහුදේ කෙළවර දක්වා යොර්දාන සහ සීමාවද යන මේය.


ඔහු නුවර වැඩිමහල්ලන් අල්ලා වනයේ කටුගස්ද වේරෑන්ද අරන් එයින් සුක්කොත්හි මිනිසුන් මට්ටුකෙළේය.


ඔහු එතැනින් පෙනුයෙල්ට ගොස් ඔවුන්ටත් එයාකාර කීවේය. එවිට පෙනුයෙල්හි මනුෂ්‍යයෝද සුක්කොත්හි මනුෂ්‍යයන් උත්තරදුන් හැටියට ඔහුට උත්තර දුන්නෝය.


රජ යොර්දාන් සමභූමියෙහි සුක්කොත් හා ශාරෙතත් අතරේ තිබෙන මැටි භූමියෙහි ඒවා වාත්තුකෙරෙව්වේය.


සුක්කොත්හි යෞවනයෙකු අල්ලාගෙන ඔහුගෙන් තොරතුරු විචාළේය. ඔහු සැත්තෑ සත් දෙනෙක් වන සුක්කොත්හි අධිපතීන්ද වැඩිමහල්ලන්ද ගැන විස්තර ඔහුට ලියා දුන්නේය.


ඔව්හු සුකොත් නම් ස්ථානයෙන් ගමන්කර වනාන්තරය අද්දර ඒතාම්හි කඳවුරු බැඳගත්තෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ රාමෙසෙස්හි සිට සුකොත්ට ගමන්කළෝය, බාලයන් හැර පයින් ගියාවූ පුරුෂයෝ සලක්ෂයක් පමණ වූවෝය.


මෙසේ ඒසව් ඒ දවසෙහි සේයිර්ට යන පිණිස හැරීගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්