උත්පත්ති 25:21 - Sinhala New Revised Version ඈ වඳ ස්ත්‍රියක වූයෙන්, ඔහු තම බිරිඳ උදෙසා බැගෑපත් ලෙස සමිඳාණන් වහන්සේ අයැදී ය. උන් වහන්සේ ඔහුගේ ඉල්ලීමට සවන් දුන් සේක. රෙබෙකා ගැබ්ගත්තා ය. Sinhala New Revised Version 2018 ඈ වඳ ස්ත්‍රියක වූයෙන්, ඔහු තම බිරිඳ උදෙසා බැගෑපත් ලෙස සමිඳාණන් වහන්සේ අයැදී ය. උන් වහන්සේ ඔහුගේ ඉල්ලීමට සවන් දුන් සේක. රෙබෙකා ගැබ්ගත්තා ය. Sinhala Revised Old Version ඊසාක් තමාගේ භාර්යාව වඳ බැවින් ඈ උදෙසා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ කන්නලව්ව පිළිගත්සේක, ඔහුගේ භාර්යාවවූ රෙබෙකා ගර්භිණී වූවාය. දරුවෝද ඇගේ කුසෙහි එකට දැඟලුවෝය. |
එබැවින් සාරයි ආබ්‍රම්ට කතා කොට, “බලන්න, සමිඳාණන් වහන්සේ මා දරු පල ලැබීමෙන් වළක්වා ඇත. කරුණාකර, මාගේ වහල් කෙල්ල වෙත යන්න. සමහරවිට ඇගෙන් මට දරුවෙකු ලැබෙන්න පුළුවනැ”යි කීවා ය. ආබ්‍රම් ද සාරයිගේ කීමට එකඟ විය.
ඒ අයට විරුද්ධ ව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරු ද ඔවුන් සමඟ සිටි සියල්ලෝ ද ඔවුන් අතට පාවා දෙන ලද්දෝ ය. මන්ද, සටනේ දී ඔව්හු දෙවියන් වහන්සේට යාච්ඤා කළෝ ය. ඔවුන් උන් වහන්සේ කෙරෙහි විශ්වාස කළ බැවින් උන් වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන් සේක.
උන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ඔහුට සවන් දී ඔහුගේ කන්නලව්ව අසා ජෙරුසලමටත්, ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවූ සේක. එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බව මනස්සේ දැනගත්තේ ය.
ඒ නිසා අපි නිරාහාර ව සිට මේ ගැන අපේ දෙවියන් වහන්සේට යාච්ඤා කෙළෙමු. උන් වහන්සේ ද අපේ අයැදීමට පිළිතුරු දුන් සේක.”
තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ගේ පැතුම් එතුමාණෝ ඉටු කරන සේක. ඔවුන්ගේ මොරගැසීම් අසා ඔවුන් ගළවන සේක.
ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.
ඉශ්රායෙල්වරුන්ගේ මැවුම්කාර සුවිශුද්ධ සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ දරුවන් ගැන මාගෙන් ප්‍රශ්න කරන්න වත්, මා කළ යුතු දේ ගැන මට කියා දෙන්න වත් නුඹලාට අයිතියක් කොහෙන් ද?
එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. මට නුඹලා හඬ නඟන විට ‘මම මෙහි ය’යි පිළිතුරු දෙන්නෙමි. නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්,
දේව දූතයා ඔහුට කතා කොට, “සෙකරියස්, බිය නොවන්න. මන්ද, ඔබේ යාච්ඤාව අසනු ලැබී ය. ඔබේ බිරිඳ වන එලිසබෙත් ඔබගෙන් පුතෙකු ලබන්නී ය. ඔහුට ජොහන් යයි නම් තබන්න.
ඈ බාරයක් වෙමින්, “සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකාරී වන මාගේ දුක දෙස හොඳින් බලා, මා සිහි කර, මා අමතක නොකර, මට පිරිමි දරුවෙකු දෙන සේක් නම්, මම ඔහුගේ මුළු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි; ඔහුගේ හිසට කවදාවත් දැළි පිහියක් නොතබන්නෙමි”යි කීවා ය.
එවිට ඒලී පිළිතුරු දෙමින්, “ශාන්ති සිතින් යන්න; ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගෙන් ඔබ කළ ඉල්ලීම උන් වහන්සේ ඔබට ඉෂ්ට කර දෙන සේක්වා”යි කීවේ ය.
එල්කානාට භාර්යාවෝ දෙදෙනෙක් සිටියහ. එක් තැනැත්තියකගේ නම හන්නා ය; අනික් තැනැත්තියගේ නම පෙනින්නා ය. පෙනින්නාට දරුවෝ සිටියහ; එහෙත්, හන්නාට දරුවෝ නොසිටියහ.
මේ දරුවා දෙන ලෙස මම යාච්ඤා කෙළෙමි. සමිඳාණන් වහන්සේ ද මා උන් වහන්සේගෙන් ඉල්ලූ මේ ඉල්ලීම මට ඉටු කළ සේක.