උත්පත්ති 19:4 - Sinhala New Revised Version එහෙත්, අමුත්තන් නින්දට යන්නට පෙර ඒ සොදොම් නුවර සතර දිශාවෙන් පැමිණි, බාල මහලු සියල්ලෝ ගෙය වට කර, Sinhala New Revised Version 2018 එහෙත්, අමුත්තන් නින්දට යන්නට පෙර ඒ සොදොම් නුවර සතර දිශාවෙන් පැමිණි, බාල මහලු සියල්ලෝ ගෙය වට කර, Sinhala Revised Old Version නුමුත් ඔවුන් නින්දට පළමුවෙන් නුවර මනුෂ්‍යයෝ, එනම් සොදොමේ මනුෂ්‍යයෝ වූ සියලු දිගින් ආවාවූ තරුණයෝද මහල්ලෝද යන මුළු සෙනඟ ගෙය වටකරගත්තෝය; |
පසුව උන් වහන්සේ කතා කොට, “සොදොම් හා ගොමොරා නුවරවලට විරුද්ධ ව නඟින චෝදනා කෙතරම් දරුණු ද? ඔවුන්ගේ පාපය කෙතරම් බරපතල ද?
නපුරක් කිරීමට වැඩි දෙනාගේ පැත්ත නොගත යුතු ය. නඩුවක දී යුක්තියට පිටුපා වැඩි දෙනාගේ පැත්ත ගෙන සාක්ෂි නොදිය යුතු ය.
දිවැසිවරු සත්‍යය කතා නොකරති; පූජකයෝ සිය මතයෙන් ආණ්ඩු කරති; මාගේ සෙනඟ මේවාට ප්‍රිය කරති. එහෙත්, මේ සියල්ල අවසානයේ දී ඔව්හු කුමක් කරත් ද?”
වීර්යයෙන් නපුර කිරීමට ඔවුන් දෑත පොවා ඇත. අධිපතියා ද විනිශ්චයකාරයා ද අල්ලස් ඉල්ලති. බලපුළුවන්කම් ඇත්තා ඔහුගේ සිතේ නපුරු ආසාවන් ප්‍රකාශ කරයි. ඔව්හු එකට උපා යොදාගනිති.
ඔවුන් සතුටින් කල් යවන අතර, ඒ නගරයේ දුර්ජනයන් ව සිටි සමහර මිනිස්සු ඒ ගෙදර වට කර සිට, දොරට ගසමින්, ගෘහ මූලිකයා වන මහලු මිනිසාට කතා කොට, “ඔබේ ගෙදරට පැමිණ සිටින මිනිසා සමඟ කම් සැප විඳින්නට ඔහු පිටතට ගෙනෙන්නැ”යි කීවෝ ය.