විවිධ ගෝත්‍රවලට අයිති ව, තම තමන්ගේ ම භාෂා කතා කරමින්, විවිධ දේශවල වසන, විවිධ ජාතීන්ට අයිති මොවුහු හාම්ගේ පෙළපතින් පැවත එන්නෝ ය.
උත්පත්ති 10:5 - Sinhala New Revised Version මොවුන්ගෙන් වෙරළබඩ පෙදෙස්වලට සහ දිවයින්වලට ජනතාව පැතිරී ගිය හ. කණ්ඩායම් වශයෙන් තමන්ගේ ම භාෂාව කතා කරන, විවිධ ගෝත්‍රවලට අයත්, විවිධ රටවල වසන මොවුහු ජපෙත්ගේ පරම්පරාවෙන් පැවත එන්නෝ වෙති. Sinhala New Revised Version 2018 මොවුන්ගෙන් වෙරළබඩ පෙදෙස්වලට සහ දිවයින්වලට ජනතාව පැතිරී ගිය හ. කණ්ඩායම් වශයෙන් තමන්ගේ ම භාෂාව කතා කරන, විවිධ ගෝත්‍රවලට අයත්, විවිධ රටවල වසන මොවුහු ජපෙත්ගේ පරම්පරාවෙන් පැවත එන්නෝ වෙති. Sinhala Revised Old Version මොවුන්ගෙන්, ජාතීන්ගේ ද්වීප වැසියෝ තම තමන්ගේ දේශයන්හි ඔවුනොවුන්ගේ භාෂාවල ප්‍රකාරයටද ඔවුන්ගේ ජාතිවල ඔවුන්ගේ පවුල් ප්‍රකාරයටද බෙදුණෝය. |
විවිධ ගෝත්‍රවලට අයිති ව, තම තමන්ගේ ම භාෂා කතා කරමින්, විවිධ දේශවල වසන, විවිධ ජාතීන්ට අයිති මොවුහු හාම්ගේ පෙළපතින් පැවත එන්නෝ ය.
ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය; එක් කෙනෙකුගේ නම පෙලෙග් ය; මිහි පිට මුළු මනුෂ්‍ය වර්ගයා බෙදී ගියේ ඔහුගේ කාලයේ දී ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය.
විවිධාකාර පරම්පරාවලට හා ජාතීන්ට අයත් මොවුහු නෝවාගේ පෙළපතින් පැවතෙන ගෝත්‍රයෝ ය. මහා ජලගැල්මෙන් පසු පොළෝ තලයෙහි සියලු ජාතීහු මොවුන්ගෙන් පැවත එන්නෝ වෙති.
තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය; ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය;
ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.
ජාතීහු සමිඳුන් හට කළයෙන් හැළෙන දිය පොදක් ද තරාදියේ ඇති ධූලි බිඳක් ද හා සමාන ය. දුර පිහිටි දිවයින් තරාදියේ කිරා බලන ධූලි පිඬක් හා සමාන ය.
මා කර ඇති දේ දැක ද්වීප හා මුහුදුබඩ වාසීහු බියෙන් වෙවුළුවෝ ය. ඒ නිසා ඔව්හු එක් රැස් වූ හ.
සමිඳුන් හට නව ගීයක් ගයන්න. මුළු ලොව පුරා පැසසුම් පතුරුවා හරින්න. මුහුදේ යාත්‍රා කරන, එහි ජීවත් ව සිටින, ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුම් කරන්න.
සැබැවින් ම යුක්තිය ඉටු කරන්නේ ය; එතුමා කලකිරෙන්නේ වත්, අධෛර්ය වන්නේ වත් නැත; මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත.”
මුහුදුබඩ වැසියෙනි, මාගේ බස් අසන්න. ඈත සිටින ජනයෙනි, මට සවන් දෙන්න. මා උපදින්නත් පෙර මවුකුසෙහි සිටිය දී සමිඳාණෝ මා තෝරාගෙන එතුමන්ගේ සේවකයා වන පිණිස මා පත්කළ සේක.
ඔවුන් ගැළවීමට මම ඉක්මනින් පැමිණෙන්නෙමි. මාගේ ජයග්‍රහණය ආසන්න ය. මම ම ජාතීන් පාලනය කරන්නෙමි. ඈත රටවල් මා එන තෙක් බලා සිටියි. මා ඔවුන්ට ගැළවීම ගෙන දීමේ බලාපොරොත්තුවෙන් ඔව්හු සිටිති.
එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා අනුව දඬුවම් කරන සේක. විරෝධකරුවන්ට උදහස ද සතුරන්ට විපාක ද පමුණුවන සේක. මුහුදුබඩ වසන්නන්ටත් එසේ ම කරන සේක.
මුහුදුබඩ වසන්නෝ මාගේ පැමිණීම බලා සිටිති. නැව් තර්ෂිෂ්හි සිට පැමිණෙනු ඇත. දුර සිට නුඹේ පුත්‍රයන් ද ඔවුන් සමඟ රන් රිදී ද ඒ නැව් ගෙනෙනු ඇත. නුඹේ දෙවි සමිඳුන්ට එනම්, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේට ගරු කරන පිණිස ඒ නැව් පැමිණෙයි. මන්ද, එතුමාණන් නුඹ මහිමයට පත් කර තිබෙන බැවිනි.
බස්නාහිරින් පිහිටි සයිප්‍රසයට ගොස් බලා, නැත්නම්, නැගෙනහිරින් පිහිටි කේදාර්ට කෙනෙකු යවා, හොඳට සෝදිසි කර මෙවැන්නක් මීට පෙර වී තිබේ දැ යි කියා බලන්න.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ තීර්ට මෙසේ වදාරන සේක. “නුඹේ වැටීමේ ශබ්දයටත්, නුඹ තුළෙහි තුවාළවූවන්ගේ කෙඳිරිගෑමටත්, මිනිසුන් මරාදමනු ලබන අන්දමටත් මුහුදුබඩ වාසීහු භීතියෙන් කම්පා නොවන්නෝ ද?
දැන් ද්වීප වැසියෝ නුඹේ වැටීමේ දවසේ දී වේවුළති; එසේ ය, මුහුදේ සිටින ද්වීප වැසියෝ නුඹේ විනාශය ගැන තැතිගන්නෝ ය’යි නුඹ ගැන කියනු ඇත.”
ඉන්පසු ඔහු සිය අවධානය මුහුදුබඩ පළාත් දෙසට යොමුකර ඒවා බොහොමයක් අල්ලාගන්නේ ය. එහෙත්, විදේශීය අධිපතියෙක් ඔහුගේ නින්දිත ක්‍රියා නතර කොට ඔහු පිටට නින්දාව පමුණුවන්නේ ය.
සමිඳාණන් වහන්සේ ඔවුන් තැතිගන්වන සේක; ලෝකයේ සියලු දෙවිවරුන් නැත්තට ම නැති කරන සේක. හැම ජාතීන්ගේ ම රටවල වැසියන් තම තමන්ගේ ස්ථානවල සිට උන් වහන්සේට නමස්කාර කරනු ඇත.
මහෝත්තමයාණෝ ජාති ජාතීන් හට රට රාජ්‍ය බෙදා දුන් විට, මිනිසුන් ජාතීන් වශයෙන් බෙදා වෙන් කරන විට, මුර දේවතාවන්ගේ ගණනේ හැටියට, ඔවුන්ගේ සීමා නියම කළ සේක.