Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 10:25 - Sinhala New Revised Version

25 ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය; එක් කෙනෙකුගේ නම පෙලෙග් ය; මිහි පිට මුළු මනුෂ්‍ය වර්ගයා බෙදී ගියේ ඔහුගේ කාලයේ දී ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය; එක් කෙනෙකුගේ නම පෙලෙග් ය; මිහි පිට මුළු මනුෂ්‍ය වර්ගයා බෙදී ගියේ ඔහුගේ කාලයේ දී ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝය. එක්කෙනෙකුගේ නම පෙලෙග්ය, මක්නිසාද ඔහුගේ දවස්වලදී පොළොව බෙදන්ට යෙදුණේය. ඔහුගේ සහෝදරයාගේ නම යොක්තාන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 10:25
10 හුවමාරු යොමු  

ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය. එක් කෙනෙකුගේ නම පෙලෙග් ය. මන්ද, ඔහුගේ කාලයේ පොළෝ තලය බෙදන්නට යෙදුණේ ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය.


උන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ සේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථානවල සීමා ද නියම කළ සේක.


මහෝත්තමයාණෝ ජාති ජාතීන් හට රට රාජ්‍ය බෙදා දුන් විට, මිනිසුන් ජාතීන් වශයෙන් බෙදා වෙන් කරන විට, මුර දේවතාවන්ගේ ගණනේ හැටියට, ඔවුන්ගේ සීමා නියම කළ සේක.


විවිධාකාර පරම්පරාවලට හා ජාතීන්ට අයත් මොවුහු නෝවාගේ පෙළපතින් පැවතෙන ගෝත්‍රයෝ ය. මහා ජලගැල්මෙන් පසු පොළෝ තලයෙහි සියලු ජාතීහු මොවුන්ගෙන් පැවත එන්නෝ වෙති.


එබෙර්ගේ සියලු පුත්‍රයන්ගේ මීමුතු පියා ද, ජපෙත්ගේ වැඩිමහල් සහෝදරයා ද වූ ෂෙම්ටත් පුත්‍රයෝ උපන්නෝ ය.


ජොක්තන්ට දාව අල්මෝදාද්, ෂෙලෙප්, හශාර්මාවෙත්, ජෙරා,


මොවුන්ගෙන් වෙරළබඩ පෙදෙස්වලට සහ දිවයින්වලට ජනතාව පැතිරී ගිය හ. කණ්ඩායම් වශයෙන් තමන්ගේ ම භාෂාව කතා කරන, විවිධ ගෝත්‍රවලට අයත්, විවිධ රටවල වසන මොවුහු ජපෙත්ගේ පරම්පරාවෙන් පැවත එන්නෝ වෙති.


දේශය ඔවුන්ට ම හිමි ව තිබිණි; පිටරැටියෝ ඔවුන් අතර නොවූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්