දුදනන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? නපුර කරන්නන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද?
3 යොහන් 1:8 - Sinhala New Revised Version අප සත්‍යයෙහි හවුල් සේවකයන් වන පිණිස එබඳු අයට අපේ සහාය දිය යුතු ය. සිංහල කාලීන පරිවර්තනය එබැවින් සත්‍යය උදෙසා හවුල් වැඩකරුවන් වන පිණිස, එබඳු අයට අප උපකාර කළ යුතුම ය. Sinhala New Revised Version 2018 අප සත්‍යයෙහි හවුල් සේවකයන් වන පිණිස එබඳු අයට අපේ සහාය දිය යුතු ය. Sinhala Revised Old Version අප සත්‍යතාවට හවුල් වැඩකාරයන් වන පිණිස එබඳුවූවන් ප්‍රීතියෙන් පිළිගත යුතුය. |
දුදනන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද? නපුර කරන්නන්ට විරුද්ධ ව මාගේ පක්ෂයට කවරෙක් සිටින්නේ ද?
කවරෙකු වුව ද ඔබ පිළිගන්නේ වත්, ඔබගේ වචන අසන්නේ වත් නැත් නම්, ඒ ගෙදරින් හෝ ඒ නුවරින් හෝ නික්ම යන කල ඔබේ පාදවල දූවිලි ගසාදමන්න.
ගේ ඇතුළේ සිට ඒ මිතුරා, උත්තර දෙමින්, ‘මට කරදර නොකරන්න, දැන් දොර වසා තිබේ; මාගේ දරුවෝ ද මා සමඟ ඇඳේ නිඳා සිටිති; නැඟිට යමක් ඔබට දෙන්නට නොහැකි ය’යි කියයි ද?
එබැවින් දේව සේවයේ පංගුකාරයන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු.
තීතස් වනාහි ඔබ උදෙසා හවුල් සේවකයෙකු වන මාගේ සහකාරයා ය. සෙසු සහෝදරයෝ වනාහි ක්‍රිස්තුන් වහන්සේට ගෞරවයක් ව සිටින සභාවන්හි නියෝජිතයෝ ය.
එසේ ය, මේ ස්ත්‍රීවරුන්ට උපකාර කරන ලෙස මාගේ සැබෑ පංගුකාරයෙකු වන ඔබෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් ද මාගේ අනෙක් හවුල් සේවකයන් ද ඇතුළු ව මා සමඟ සුබ අස්න සඳහා සේවය කළෝ ය. ඔවුන්ගේ නාම ජීවන පොතෙහි ලියා ඇත.
යුස්තස් කියන ජේසුස් ද, එසේ ම ආචාර කරයි. චර්මඡේදිත ජුදෙව්වන්ගෙන් හැරුණු අය අතුරෙන් මේ තිදෙනා පමණක් මා සමඟ දෙවියන් වහන්සේගේ රාජ්‍යය උදෙසා සේවය කරති. ඔව්හු මට මහත් සැනසිල්ලකි.
අපි තිමෝතියස් එවීමු. ඔහු වනාහි අපගේ සහෝදරයා ද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කිරීමේ දෙවියන් වහන්සේගේ හවුල් සේවකයා ද වේ. අප ඔහු එවූයේ මේ පීඩාවලින් කිසිවෙකු චංචල නොවන ලෙස, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථිර ව සිටීමට ඔබට ධෛර්ය දෙන පිණිස ය.
එබැවින් මම ආවොත් ඔහු කරන ක්‍රියා සිහි කර දෙන්නෙමි. ඔහු අපට විරුද්ධ ව දුෂ්ට චෝදනා ඉදිරිපත් කරයි. ඔහු එයිනුත් සෑහීමට නොපැමිණ, අපේ සහෝදරයන් පිළිගැනීමෙන් ද වැළකී සිටියි. එපමණක් නොව, පිළිගන්නට කැමැති අයටත් ඉඩ නොදී ඔවුන් සභාවෙන් නෙරපාදමයි.
මන්ද, උන් වහන්සේගේ නාමය උදෙසා පිටත් ව ගිය ඔව්හු විජාතීන්ගෙන් කිසි උපකාරයක් භාර නොගත්හ.
මම සභාවට ලිපියක් ලීවෙමි. එහෙත් සභාවේ නායකත්වය පතන දියොත්‍රෙපස් මට කිසිසේත් සවන් නොදෙයි.